යටත් විජිත සමයේ දී ඌව පළාතට කළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා මහා බ්‍රිතාන්‍යය ට විරුද්ධව නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
“බ්‍රිතාන්‍යයන් විසින් ද්‍රෝහීන් ලෙස නම් කරනු ලැබු මොණරවිල කැප්පෙටිපොළ ඇතුළු අපේ වීරයෝ 19 දෙනෙක් දේශප්‍රේමීන් ලෙස නම් කිරිම ඌවේ අපට ලොකු අභිමානයක්.1817-1818 නිදහස් සටන වෙනුවෙන් ඌවේ මිනිස්සු 14000ක් විතර දිවි පුදල තියෙනවා. වසර 199 කට පසු හෝ වන්දි ඉල්ලා සිටිම යුක්ති සහගතයි. ඌවට තරම් විනාශයක් ලංකාවේ වෙනත් ප්‍රදේශවලට සිදු වුයේ නැහැ‘ යැයි ද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ගොවිරාළ ගෙටවිත් සැරෙන් - තලාපි මුවහමට බොහොමත් සැරෙන්... (නි)
සුද්දා නාවානම් අපි එක්කෝ තවම ගල් යුගයේ, එහෙම නැත්නම් මුස්ලිම් රටක්. සුද්දා කරපු විනාශයට වඩා සුද්දා නිසා අපිට ලැබුන දේවල් වැඩියි. (නි)
කමක් නැහැ. කීයක්හරි හොයාගන්නවත් පුලුවන්වෙයිද? (නි)
සුද්දන්ට පාඩම් උගන්වන්න බලන් ඉන්නෙ නැතුව සුද්ද කරන එවුන්ට විරුද්ධව යමක් කළොත් නරකද ? (බ)
මොනවද මේ කරන වැඩ? (නි)
අනේ මේ, විහිලු කරන්නෙ නැතුව රටේ අනිත් ප්‍රශ්න විසඳන්න. සුද්දා නිසා තමා තියෙන දේවලුත් තියෙන්නේ. ඔයාලා මොනවද කළේ රටට? (නි)
අමාරුවෙන් ගත්තයි කියන අර ප්ලස් එකත් නැතිකරගන්නැයි හදන්නේ. (ර)
නියමයි මහ ඇමතිතුමා. නියමයි. (නි)
සුද්දෝ කරපු වන විනාශයෙන් අපට තේ පොල් රබර් වගාව හරි ලැබුනා. දැන් කරන වන විනාශයෙන් ලැබෙන්නේ මොනවාද? (නි)
කට කට, සුදු උත්තමයෝන්ට එරෙහි වෙලා උදහසට ලක් වෙනවා එහෙම නෙමෙයි. (ර)
ඒක හොඳයි. (ර)
අන්න සුද්දෝ හැංගෙන්න තැන් හොයනවලු මෙතුමාට බයවෙලා. නිකන් මිනිසුන්ට විහිළු සපයනවා. (නි)
අනේ හැබෑටම මෙහෙමත් විහිළු! (නි)
රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද විසදගන්න.. (ර)
ඔය අවුරුදු සිය ගණනකට ඉස්සර සුද්දෝ කරපු ඒවා හොයන්න කලින්, නැගෙනහිර දස දහස් ගණනක් අහිංසක ජනතාව සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඝාතනය කිරීමට අණ දුන් ත්රස්තවාදීන්ට ඇමතිකම් ඇතුළු තනතුරු දුන් ඔබ නියෝජනය කරන පක්ෂයේ හිටපු නායකයන්ට විරුද්ධව පියවරක් ගන්න. එසේම දැනටමත් ජාතිවාදය වපුරවන ප්‍රකාශ කරන අයට විරුද්ධව පියවරක් ගන්න. ජනතාවට ඉදිරියේදී පනවන්න බලාපොරොත්තු වෙන දඩ වැනි දේවලට විරුද්ධව යම් බලවේගයක් ගොඩනඟන්න (නි)
එදා අපිට විනකළවුන් අද දරන උත්සාහයට විරුද්ධව මුලින්ම නැගී සිටින්න. (බ)
සුද්දෙක් , ලොකු පුටුවේ ඉන්නෙද්දී, මොකද මේ රාජ උදහසට ලක්වෙන්නද හදන්නේ? (බ)
අසනීපයක්වද්ද මහා ඈමතිට. (නි)
සාධක ඇතිව ඔප්පු කරන්න, මෙවැනි අපරාධ වලට බ්‍රිතාන්‍ය මීට පෙර වන්දි ගෙවා තිබෙනවා ලොකු ගණන්. ඔබට සුභපැතුම්. (බ)
පිටරටින් කුලී සොල්දාදුවෝ ගෙනල්ලා තමා වනාන්තර කපා ගිණි ලෑවේ. (ර)
කමල් සුද්ද එන්න කලින් සිංහල රටේ නායක්කර් වංශිකයෙක් රජ කර ගත්තේ ඥාන වන්ත පාලකයෝ ඉඳලද? සුද්ද තමයි අන්තිමට අපට රට දීල ගියේ නැතිනම් මේ වෙනකොට ලංකාව ඉන්දියාවේ කොටසක්. (බ)
වැඩේනම් හොදයි ඊට වැඩිය හොද නැතිද රටේ වෙන වන විනාශය ගැන උනන්දු වෙන එක. (ර)
ඔබට සුභපැතුම්.! (ර)
අසනීපයක්වද්ද මහා ඇමතිට කියල අහනවා ඔව් අර්සස් අමාරුව ඉහට ගහල (බ)
රටේ දැවෙන ප්‍රස්න මෙයාලට ගානක්වත් නැහැ, මේ පරණ පෙට්ටගම් හාරනනේ නැතුව , අර බදුල්ලේ නගරසභාවේ කසල වලට විසදුමක් හෙව්වොත් නරකද ඇමතිතුමෝ... (ර)
මම දන්නා තරමට යටත්විජිත සමයේදී තමයි රටේ පාරවල් පාලම් හැදිලා, පාසලක්, රෝහලක්, දුම්රියක්, තැපැල් සේවයක් ඇතිවුණේ. (නි)
ඉතාමත් හොඳ වැඩක්. බොහෝ කලකට පෙර කළයුතුව තිබුන දෙයක්. වන්දි ලැබුනත් නැතත් සුද්දෝ කරපු අපරාධ ලෝකෙට පෙන්නන්න හොඳ අවස්ථාවක්. ලෝකයේ අසධාරනයටම ලක්වූ ජනතාව සිංහල ජාතියයි. සුද්දෝ ලංකාවේ මනව හිමිකම් කඩකළ ආකාරය ලොවට කියන්න. (නි)
ලංකාවට ගෙනා දකුණු ඉන්දියානු මිනිසුන් සුද්දන්ට බාරගන්න කියන්න. ඔන්න පුලුවන් නම් වැඩ! (නි)
නියමයි! ඇමතිතුමා, ඔබතුමාලට තව කන්න සුද්දා කාපු ටිකත් ඉල්ලගන්න. (නි)
ඇමතිතුමනි, වැඩේ හොඳයි. අපිත් සපෝර්ට්. (නි)
රටට අපේ දේශපාලුවන්ගෙන් වෙලා තියන විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු පවරන්න ක්‍රමයක් නැද්ද? (නි)
කාලය නාස්ති නොකර රටට පලදායක වැඩක් කෙරුවා නම්! (නි)
මිනිහෙක් මොකක්හරි වැඩක් කරන්න හදනකොට "මීට වැඩිය වැඩ" තියෙනවා කරන්න කියනවා. හොරෙක් ඇල්ලුවහම, මීටවැඩිය හොරු ඉන්නවා උන්ව අල්ලන්නෙ නැද්ද කියලා අහනවා. පුදුම රටක්! කවදද ඔය මානසිකත්වයෙන් මිදෙන්නේ? (නි)
මේවා අහන අපිට පිස්සුද? මේවා කියන අයට පිස්සුද? (නි)
ප්‍රසිද්ධ වෙන්න කරන සංදර්ශනයක් නොවේවා! (නි)
දෙයි, දෙයි මෙන්නම කියලා. නඩුවක් දාලා බලන එක නම් හොඳයි. හැබැයි මුලින් එ්ගොල්ලන්වත් එෆ්සීඅයිඩී ගෙන්නලා ඉමු. නැතුව නඩු දාන්න බැහැනේ (නි)
ඔවුන්ගෙන් වූ සේවය මතක නැද්ද? සුද්දෝ තේ වතු රබර් වතු කුරුඳු වතු පොල්වතු හැදුවේ නැත්නම් තවම එම පළාත් කැලෑවල්. අපි වී වගාවෙන් එහාට දෙයක් දැනගෙන සිටියේ නැත. අපට ඒවා හදා දුන්නට වන්දි ඒගොල්ලෝ ඉල්ලයි. (නි)
නියමයි. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)
සුද්දා කළ ලොකුම අපරාධය තමා අඥාන දේශපාලකයො රොත්තක් හදලා ගිය එක. (නි)
කුමාර්, ඉතින් ඊටපස්සේ මොකද වුණේ? රට වල්බිහිවෙන්න ඇරියද? නැත්නම් අලුත් වගාවන් රටට දුන්නද? (නි)
නිමල් ලාලිත, මොකක්ද රටට වුණ විනය? සුද්දා නොහිටින්න මෙරට ජපනාත් අල්ලගන්නවා. (නි)
ඒ කියන්නේ සුද්දාගෙන් පස්සේ අපේ අය රට ආරක්ෂා කරලා කියන එකද. දැන් කිසි විනාශයක් වෙන්නේ නැහැ. අනේද කියන්නේ (නි)
අනේ දෙවියනේ අපේ දේශපාලකයෝ! (නි)
සුද්දා කළා වගේ සිය ගුණයක විනාශයක් දේශප්‍රේමී කළු සුද්දෝ ටික රටට කළා කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව දැනගෙන ගොඩක් කල්. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න උත්සාහ කරන්න. (නි)
අන්න හරි ඇමතිතුමා. ඔහොම යමු (නි)
දැන් ඔය ඔබතුමා සුදානම් වෙන්නේ පළාත් සභාවේ ඇමැතිවරුත් එක්ක එංගලන්තේ සවාරියක් යන්න නේද? ඇත්තම කියන්න (නි)
ශරීරය ලොකුවට තිබුනට අනේ මන්දා මෙතුමලාගේ මොළය නම්.... (නි)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)
අදහස නම් හොඳයි. හැබැයි සුද්දෝ උඩරට රේල්ලුවට ගිය වියදම ඉල්ලුවොත් තමයි වැඩේ (නි)
අපේ රටේ දේශපාලකයෝ ඔය වගේ සුරංගනා කථා කියලා කාලය කනවා (බ)
මහා ඇමතිතුමනි, වන්දි වශයෙන් එංගලන්තෙට නිදහසේ යන්න වීසා ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටින්න. එතකොට අපිට පුළුවන් එහෙට ගිහිල්ලා එංගලන්තේ විනාශ කරන්න. සුද්දට පුළුවන් අපේ රට සංවර්ධනය කරන්න. (නි)