බ්‍රහස්පතින්දා එංගලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තුන්දෙනකු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් තරඟ වදිති.
ඔවුන් කේම්බ්‍රිජ් ආසනයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වදින චමලි ප්‍රනාන්දු, හැම්ෂයර් ආසනයට එම පක්ෂයෙන්ම තරඟ වදින රනිල් ජයවර්ධන සහ ලන්ඩනයට යාබද හැරෝ ආසනයට කම්කරු පක්ෂයෙන් තරඟ වදින උමා කුමාරන්ය.
චමලි ප්‍රනාන්දු අධිනීතිඥවරියකි. ඇය ඉපදී හැදී වැඩි ඇත්තේද කේම්බ්‍රිජ් නගරයේය. ඇයගේ පියා වන අදිනීතිඥ සුමල් ප්‍රනාන්දු මීට පෙර දෙවතාවක්ම මහා මැතිවරණයන්ට තරඟ කර ඇත්තෙකි.
හැම්ෂයර් ආසනයට තරඟ වදින රනිල් ජයවර්ධනද ජීවත්වන්නේ එම නඟරයේමය. මීට පෙර පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන නගර සභා මන්ත්‍රී වරයෙකු ලෙස සේවය කර පළපුරුද්දක් ලබා ඇති ඔහු මෙවර තරග කරන්නේ හැම්ෂයර් ආසනයේ කොන්සර්වේටිව් මන්ත්‍රී ජේම්ස් අබර්ත්නොට් මෙවර තරඟ නොකිරීමට තීරණය කිරීමෙන් පසුවය.
ගියවර මැතිවරණයේදී ජේම්ස් අබර්ත්නොට් එම ආසනය ජයගත්තේ වැඩි ඡන්ද 18,597 ලබාගනිමිනි.
හැරෝ ආසනයට කම්කරු පක්ෂයෙන් තරඟ වදින්නේ ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති උමා කුමාරන්ය. ලන්ඩනයේ කුවීන් මේරි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය කලක් ලන්ඩනයේ ‘ඔරු‘ නමැති දෙමළ පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කර ඇත.
ඇය තරඟ කරන හැරෝ ආසනයේ වත්මන් කොන්සවේටිව් මන්ත්‍රී වරයා පසුගිය මැතිවරණය ජයගත්තේ වැඩි ඡන්ද 3403 කිනි.
1992 සිට 1997 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බ්‍රේන්ඵර්ඩ් ආසනය නියෝජනය කළේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිරන්ජන් දේවාදිත්‍ය විසිනි. ඔහුද කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරයෙක් විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා නම් මේ අය ගැන දන්නේ නැහැ. කමක් නැහැ, කොහොම නමුත් අවංකව තිදෙනාටම සූබ පතමි! ශ්‍රී ලංකාවේ ප්‍රශ්න අපට විසඳා ගතහැකිය, අපි එක්සත්ව එක්සිත්ව නැඟී සිටියහොත් (නි)
සඳරුවන් සහ චන්න, මේ තිදෙනා ගැන පෞද්ගලිකව කිසිත් නොදන්නවා වුනත් පොදුවේ බටහිර රටවල වෙසෙන සුද්දන්ටත් වඩා සුද්දෝ වෙන්න හදන දීන සිංහලයනුත් තමන්ගේ ජාතිය වෙනුවෙන් පණ වුණත් දෙන්න සූදානම් වෙන දෙමළ ජාතිකයනුත් ගැන අත්දැකීම් තියෙන මටත් හිතෙන්නේ ඔයාලගේ කතාව ඇත්තයි කියලයි. (නදී)
දෙමළ අය ජාතියක් හැටියට හිතුවත් ලංකා ලෝකේ කොහේ හිටියත් සිංහල අපට වෙලා තියෙන වින්නැහිය තමයි ජාතියක් හැටියට හිතන්න නොහැකි වීම. (බ)
පහත අදහස මගේ නොවන බව කියමි. "සුමුදු 2015-05-05 09:06:50අපේ රට වෙනුවෙන් පෙනී සිටිමට කාලයක් ඇවිත්.‘ (බ)
තාමත් සිතින් ලංකාවට හිතැති නම් වාසනාවන් (බ)
උම කුමාරන් ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකාවට එරෙහිව සටන් කරන බවත් බ්‍රිතාන්‍යයේ දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් පවසනවා. එහෙත් චමිලා ප්‍රනාන්දු එහෙම ශ්‍රී ලංකාවට පක්ෂව මුකුත් කියන කෙනෙක් නෙමෙයි. ඇය සිංහල අයගේ සහාය ඉල්ලුවට සිංහල ජනතාවට කැමති කෙනෙක් නෙමෙයි. මීට ප්‍රථමත් ලන්ඩනයේ පලවන සිංහල පුවත් පතක් ඇයගේ ශ්‍රී ලාංකික සිංහල සම්භවය ගැන කතා කරලා බඩ පිරෙන්න අහ ගත්තා. ඇය බ්‍රිතාන්‍ය ක්‍රමයට හැදුනු කෙනෙක්. සිංහල මිනිස්සුන්ව පෙන්නන්න බැහැ. චමිලාගේ දෙමවුපියන්ටත් සමාජයේ එතරම් පිළිගැනීමක් නැහැ සිංහල මිනිස්සුන්ට දොස් කියන නිසා.(බ)
තිදෙනාටම සුබම සුබ පැතුම් (බ)
අපි සුබ පතනවා ඔබ සැමට. ජයග්‍රහණය කරලා ඔබ සැම ඉපදුන මේ රටටත් සේවයක් කරන්න. (බ)
ශ්‍රි ලාංකික අප සැමගෙන් ඔබට සුබ පැතුම්.... (ම)
ලාංකිය ගෞරවය ඉදිරියට ම ගෙන යන්න වාසනාව ලැබේබා..(ම)
දුමින්ද එක තම ෂුවර් නැත්තේ .(හේ)
සුද්දෝ ටික අපේ අයට ඡන්දේ දේවි නේද. අපිට සතුටුයි.(හේ)
මහ ඡන්දයෙන් තිදෙනාටම ජය හිමිවේවා.(හේ)
දැක්කද එංගලන්තයේ ඡන්ද වැඩ කෙරෙන හැටි. මුදල් ගෙවා හෝ නොගෙවා හෝ පාක්ෂිකයින් ගෙන්වාගෙන පවත්වන දැවැන්ත රැස්වීම් එහෙ නැහැ. දැවැන්ත කටවුට් නැහැ පෝස්ටර් නැහැ. ගෙයින් ගෙයට ගොස් තමන්ගේ ප්‍රතිපත්ති විස්තර කරදී ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලන, තැපෑලෙන් විස්තර එවන, ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ප්‍රතිපත්ති සාකච්ඡා කරන ක්‍රමයක් තමා තියෙන්නේ. වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබුන කෙනා දිනුම්. ගහගන්නේ නෑ බැන ගන්නේ නෑ.මනාපත් නෑ කවුරුවත් අමනාපත් නෑ.(හේ)
අපේ රට වෙනුවෙන් පෙනී සිටිමට කාලයක් ඇවිත්.(හේ)
ඔබ සැමට අපගේ ජාතියේ ප්‍රණාමය, ලාංකීය ගෞරවය ඉදිරියටම ගෙන යන්න. (හේ)
ඔබ සියලු දෙනාටම ශ්‍රි ලංකික හඳවතක් සමඟ නම් අපි සුබ පතමු.(හේ)
සිංහල නම් තියෙන අපේක්ෂකයො දෙන්නා ගැන නම් මට කියන්න දෙයක් නැහැ.නමුත් සහතිකෙන්ම ද්‍රවිඩ අපේක්ෂිකාව ,තම ජාතිය වෙනුවෙන් කතා කරයි.ඒ ගොල්ලො ඇය ගැන ආඩම්බර විය යුතුයි. අපේ සිංහල අය කලු සුද්දො පමණයි. ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා (බ)
දෙමළ අය ජාතියක් හැටියට හිතුවත් ලංකා ලෝකේ කොහේ හිටියත් සිංහල අපට වෙලා තියෙන වින්නැහිය තමයි ජාතියක් හැටියට හිතන්න නොහැකි වීම (ම)
ලංකාවටද මහත්මා දේශපාලකයින් උවමනා කර තිබේ....!(හේ)
ජයවේවා.(හේ)
වැදගත් වෙන්නේ එංගලන්තයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය.(හේ)
අනේ සරත්, ඔයාලා තවමත් ලංකාවේ මිනිස්සු. ඡන්දෙ දෙන හැටි දන්නේ නැද්ද? දත් තිස්දෙක පෙන්නලා වෙබ් අඩවි දෙක තුනකට සල්ලි දීලා ගුණ වර්ණනාවක් එහෙම කරගත්තම ඡන්ද කරන එක මහා කජ්ජක් නෙමෙයි. අපි මෙයා ගැන දන්නෙත් නැහැ. මෙයා ලංකාව ගැන කියපු දෙයක් අහලත් නැහැ. එයාලා දිනුවත් නැතත් අපිට ඇති වැඩකුත් නැහැ. ඒ නිසා කරුණාකරලා මේ ලංකාවේ ඡන්දෙදි මොළය පාවිච්චි කරලා සුදුසු මිනිසුන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න, ඔයාලගේ ඡන්දෙට නියම වටිනාකමක් ලබාගන්න නම්. (නි)
ලංකාවේ එහෙම වුනත් එංගලන්තේ එහෙම වෙන්නේ නෑ.(හේ)
තිදෙනාටම අපේ සුබ පැතුම්.අපි ජිවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ නොවෙයි. අපට පාර්ලිමේන්තු ක්‍රමය කියා දුන් රටේ.අපි සිංහල ,දෙමළ කියා බෙදී මෙහිදී කටයුතු කළොත් අපේ පටු දේශපාලන අදහස් මෙරට ජනතාවට අවබෝධ වෙනවා.එයින් වන්නේ ඔවුන්ට මෙරට ජනතා සහාය නොලැබිම බව මෙම සියලු අපේක්ෂකයි අවබෝධ කරගත යුතුයි.ශ්‍රී ලංකා දේශපාලනය මෙරට මැතිවරණයේදී ආඳා ගැනිම පසෙක තබා අඩු තරමින් මෙරට පාර්ලිමේන්තුවට මේ තිදෙනාගෙන් වැඩිදෙනෙකු හෝ තේරීපත් කර ගන්නට කටයුතු කළොත් එය විශාල ජයක් වෙනවා නොඅනුමානයි.චමාලි,සේනක ,උමා ඔබ සැමට අපේ සුබ පැතුම්.(බ)
එංගලන්තයත් ඉවරයි (බ)
නලින්ද .. කොහෙද එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ..? එහෙ තියෙන්නේ රාජ පාලනයක්නේ..(බ)
රනිල් ජයවර්ධන හැර අනිත් දෙදෙනා ගැනම කිසිම විශ්වාසයක් තැබිය නොහැක. දෙදෙනාම ලංකාවට වැඩක් වෙන දෙන්නෙක් නෙමෙයි. බලන්නකෝ මොකද වෙන්නේ කියල. උමා තනිකරම දිනන්න උත්සහ කරන්නේ සුළු ජාතික ඡන්ද විශේෂයෙන් දෙමල ඡන්ද වලින් ජාතිවාදය අවුස්සලා. චමලි ලංකාවට පක්ෂ කෙනෙක් නොවෙයි. තිදෙනාටම සුභ පතපු හැමෝටම ළඟදීම තරු පෙනෙයි. (බ)
සඳරුවන් හරි. බොහොමයක් සිංහලයන්ට මුල අමතක වෙනවා. (නි)
ඔබ සැමට අපේ ජාතියේ ප්‍රණාමය! (නි)