IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


එක්ලක්ෂ හැත්තපන්දාහකට බොන්න වතුර දෙන වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් අරමුදල් සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උතුරුමැද පළාත් මහ ඇළෙහි වාරි මාර්ග යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සහ උතුරුමැද පළාත් මහ ඇළට අනුබද්ධ ප්‍රදේශ වල වැඩිදියුණු කළ බෙදා හැරීමේ ජල පද්ධති සහිතව වාණිජ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ස්ථාපිත කිරීම යන ක්‍රියාකාරකම් ඇතුළත්ව මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහනේ අදියර - 2 ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සහ සම - මූල්‍යන ආයතන සමඟ සාකච්ජා කිරීම පිණිස 2025-05-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

හුරුළු වැව, මාන කට්ටිය වැව, ඒරු වැව, මහකනදරාව වැව, නාච්චාදුව වැව, නුවර වැව හා තිසා වැව ආදී ප්‍රධාන වාරි මාර්ග යෝජනා ක්‍රම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් සහය වනු ඇති අතර, හෙක්ටයාර 17,500 ක් පමණ වගා කිරීමට පහසුකම් සපයනු ඇත. එමෙන්ම  ව්‍යාපෘතිය හරහා සපයනු ලබන පානීය ජලය මඟින් පවුල් 175,000කට පමණ ප්‍රතිලාභ සැලසෙනු ඇත. එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 536.5 ක් වන ඇස්තමේන්තුගත පිරිවැයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක් ආසියා සංවර්ධන බැංකුව හරහා මූල්‍ය කරණය කර ගැනීමට යෝජනා වී තිබේ. 

එම ණය මුදල ලබා ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල්,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

එක්ලක්ෂ හැත්තපන්දාහකට බොන්න වතුර දෙන වැඩක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 617 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 523 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site