IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් කෝටි නවයක් වතුරේ

(අංජුල මහික වීරරත්න)

මෙරට මුහුදු සීමාවේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මෙතෙක්  රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක්  වැයවී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවාය.

 එම නෞකාවේ බහාලුම් වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි ද ළහඳපුර මහත්මිය පැවසුවාය.

මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත් කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය  සඳහන් කළාය. 

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිනි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ ජුනි මස 02 වැනිදාය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී  පැවැති සාකච්ඡාවකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙි බව කීවාය.



අදහස් (12)

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් කෝටි නවයක් වතුරේ

පුරුද්ද Tuesday, 23 August 2022 08:11 PM

අපේ අය දිනපතා පාවිච්චි කරන ප්ලාස්ටික් බෑග් පාරවල් අයිනට දාන ඒවා... සිරිපා සමය කතරගම හා නුවර පෙරහර සමය අපේ අය කරන පරිසර විනාශය ගැන කතා කලොත් වඩා හොඳය..!

:       12       18

SL Tuesday, 23 August 2022 08:34 PM

ඉන්දියාවේ වගේ රටක ඔහොම උනානම් උන් නැව් සමාගමෙන් කොක්කෙන් හරි කෙක්කෙන් හරි වන්දිය ගන්නවා. එකට ලංකාවේ ...........කපුටා කීයක් ඉල්ලගත්තද දන්නේ නැහැ වැඩේ වහන්න. අපි ඉතින් හිඟන රටක් වෙලා තියෙන්නේ , ලොකු ලොකු තැන්වල ඉන්න සල්ලි කෑදර කපුටෝ හින්ද

:       2       48

සඳුන් Tuesday, 23 August 2022 08:51 PM

නීතිපති උපදෙස් ලැබෙන තෙක් අපද්‍රව්‍ය ගබඩාවල. ඕන පුද්ගලයෙකුට පිස්සු කෙලලා බේරෙන්න පුලුවන් රටක් මේක. අන්තිමට හැම හොරාවම නිදොස්කොට නිදහස් කරනවා.

:       0       54

chandima Tuesday, 23 August 2022 10:30 PM

නෝනා ඒ සල්ලි වතුරෙ ගියේ නැහැ. එව්වාට හම්බ වුණු සල්ලිවලින් තමයි අර සිංගප්පූරුවේ, තායිලන්තයේ රාජකීය හෝටල්වල නැවතිලා ඉන්නේ...

:       0       0

nak Wednesday, 24 August 2022 07:44 AM

මෙයා නෙ‍්ද කොමිසමකදි කිවිවෙ සත‍්තු මුකුත‍් ම‍ැරුනෙ නෑ කියල.

:       0       5

sharm warn Wednesday, 24 August 2022 09:15 AM

අයියෝ ඒ වගේද අර ගෝඨාගමෙන් වෙච්චි හානිය... අර පිට්ටනියේ තණකොළ වලට.. ඒක මේ ආත්මෙට පියවන්න බැහැ. පව් අප්පා මේ රටේ පාලකයෝ... රෙදි නැතුව පාරේ...

:       1       4

Dewa Wednesday, 24 August 2022 09:17 AM

නෝන ඔව ඔය කීමවල් දැන් කල්ඉතුත් වෙලා. ඔව කියන්න තිබුනෙ ඒ කාලෙ.

:       1       6

randil Wednesday, 24 August 2022 09:44 AM

තමන් කැමති එක රට වලපල්ලට යැවුවත් දුක් නොවෙන දාර බයියෙක්

:       0       2

dasun Wednesday, 24 August 2022 09:52 AM

ඔබතුමියත් මේකට සෘජුවම වගකිව යුතුයි. මතකයිනේ ඒ දවස්වල කියපු කතා...

:       0       8

Gon Joniyaa Wednesday, 24 August 2022 10:09 AM

හැමදාම අහන්න ලැබෙන්නේ අපේ පශ්චාත් භාගයට පයින් ගහල වෙන රටවල් වල උන් පාඩු නොගෙවා මාරුවෙලා යන කතා තමයි. ගණන් හදල පාඩුව ගැන කියවන්නනම් ගොඩක් එවුන් ඉන්නවා. අර කුණු පොහොර නැවේ නැංගුරම් දාගෙන හිටපු දවස් කිහිපයට ජොනියා ඩොලර් මිලියන 6.7ක් උජාරුවට ගෙව්වේ? මේවට වග කියන්න එක නිලධාරියෙක්ටවත් චෝදනාවක්වත් කලාද? ඔය පොහොර නැවේ මුහුද යට ගිලිලා තියෙන යකඩ බහාලුම් මලකඩ කාල දිරල තව ප්ලාස්ටික් ඇට උඩට මතුවෙනකන් බලා හිඳපල්ලා. අප සදා වලේ.

:       0       5

ganegoda Wednesday, 24 August 2022 11:27 AM

ඔය කියන්නේ මාටියා ගහපු ගාණ වෙන්නැති. ලංකාවේ හොඳම වැඩකාරයෝ ඉස්සරහට පැනගෙන හිහින් ගණන් හැදුවේ.

:       0       7

Hafeel Wednesday, 24 August 2022 02:09 PM

අපේ තරුණ ලාබාල වාසුදේව නානායක්කාර කිව්වා වගේ ඩොලර් එහෙම ලැබුණේ නැද්ද? නැව් ගිනි ගත්තාට පාඩු නැහැ. අපිට ඩොලර් ලැබනවා කියලා අපේ වාසුදේව එදා කිව්වා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site