(අංජුල මහික වීරරත්න)
මෙරට මුහුදු සීමාවේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මෙතෙක් රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක් වැයවී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවාය.
එම නෞකාවේ බහාලුම් වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි ද ළහඳපුර මහත්මිය පැවසුවාය.
මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත් කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.
සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිනි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ ජුනි මස 02 වැනිදාය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙි බව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය දිනපතා පාවිච්චි කරන ප්ලාස්ටික් බෑග් පාරවල් අයිනට දාන ඒවා... සිරිපා සමය කතරගම හා නුවර පෙරහර සමය අපේ අය කරන පරිසර විනාශය ගැන කතා කලොත් වඩා හොඳය..!
ඉන්දියාවේ වගේ රටක ඔහොම උනානම් උන් නැව් සමාගමෙන් කොක්කෙන් හරි කෙක්කෙන් හරි වන්දිය ගන්නවා. එකට ලංකාවේ ...........කපුටා කීයක් ඉල්ලගත්තද දන්නේ නැහැ වැඩේ වහන්න. අපි ඉතින් හිඟන රටක් වෙලා තියෙන්නේ , ලොකු ලොකු තැන්වල ඉන්න සල්ලි කෑදර කපුටෝ හින්ද
නීතිපති උපදෙස් ලැබෙන තෙක් අපද්‍රව්‍ය ගබඩාවල. ඕන පුද්ගලයෙකුට පිස්සු කෙලලා බේරෙන්න පුලුවන් රටක් මේක. අන්තිමට හැම හොරාවම නිදොස්කොට නිදහස් කරනවා.
නෝනා ඒ සල්ලි වතුරෙ ගියේ නැහැ. එව්වාට හම්බ වුණු සල්ලිවලින් තමයි අර සිංගප්පූරුවේ, තායිලන්තයේ රාජකීය හෝටල්වල නැවතිලා ඉන්නේ...
මෙයා නේද කොමිසමකදි කිවිවෙ සත‍්තු මුකුත‍් මැරුනෙ නෑ කියල.
අයියෝ ඒ වගේද අර ගෝඨාගමෙන් වෙච්චි හානිය... අර පිට්ටනියේ තණකොළ වලට.. ඒක මේ ආත්මෙට පියවන්න බැහැ. පව් අප්පා මේ රටේ පාලකයෝ... රෙදි නැතුව පාරේ...
නෝන ඔව ඔය කීමවල් දැන් කල්ඉතුත් වෙලා. ඔව කියන්න තිබුනෙ ඒ කාලෙ.
තමන් කැමති එක රට වලපල්ලට යැවුවත් දුක් නොවෙන දාර බයියෙක්
ඔබතුමියත් මේකට සෘජුවම වගකිව යුතුයි. මතකයිනේ ඒ දවස්වල කියපු කතා...
හැමදාම අහන්න ලැබෙන්නේ අපේ පශ්චාත් භාගයට පයින් ගහල වෙන රටවල් වල උන් පාඩු නොගෙවා මාරුවෙලා යන කතා තමයි. ගණන් හදල පාඩුව ගැන කියවන්නනම් ගොඩක් එවුන් ඉන්නවා. අර කුණු පොහොර නැවේ නැංගුරම් දාගෙන හිටපු දවස් කිහිපයට ජොනියා ඩොලර් මිලියන 6.7ක් උජාරුවට ගෙව්වේ? මේවට වග කියන්න එක නිලධාරියෙක්ටවත් චෝදනාවක්වත් කලාද? ඔය පොහොර නැවේ මුහුද යට ගිලිලා තියෙන යකඩ බහාලුම් මලකඩ කාල දිරල තව ප්ලාස්ටික් ඇට උඩට මතුවෙනකන් බලා හිඳපල්ලා. අප සදා වලේ.
ඔය කියන්නේ මාටියා ගහපු ගාණ වෙන්නැති. ලංකාවේ හොඳම වැඩකාරයෝ ඉස්සරහට පැනගෙන හිහින් ගණන් හැදුවේ.
අපේ තරුණ ලාබාල වාසුදේව නානායක්කාර කිව්වා වගේ ඩොලර් එහෙම ලැබුණේ නැද්ද? නැව් ගිනි ගත්තාට පාඩු නැහැ. අපිට ඩොලර් ලැබනවා කියලා අපේ වාසුදේව එදා කිව්වා...!