එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස අමරි මන්දිකා විජයවර්ධන මහත්මිය සිය පත්වීමේ ලිපිය දෙවැනි එළිසබෙත් රැජින අතින් බකිංහැම් මාලිගයේ දී ලබාගත්තාය.
දෙරට අතර මිත්‍රත්වය පිළිබඳව ඇය හා රැජින අතර සාකච්ඡා කැරුණු අතර මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ උණුසුම් සුබාසිංශන රැජිනට පිළිගැන්වීමට ද විජයවර්ධන මහත්මිය කටයුතු කළාය.
අමරි විජයවර්ධන වසර 36ක කළමනාකරණ හා පරිපාලන අත්දැකීම් ඇති කර්මාන්ත, නිෂ්පාදන, වාණිජ හා අපනයන ව්‍යාපාරික අංශයන්හි මනා පෞරුෂයක් ඇති තැනැත්තියකි.
ස්වදේශී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධානියා ලෙස ඇය කටයුතු කරන්නීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නෝනා කාට ඥාති වෙනවාද යන්නට වඩා වැදගත් වෙන්නේ කොයිතරම් දුරට රාජතාන්ත්‍රික හා විදේශ සේවය පිළිබඳ පළපුරුද්දක් තියෙනවාද කියන එක. එතනදී යම් අඩුපාඩුවක් ඇත්නම් තමයි ඥාති සංග්‍රහය වැදගත් වෙන්නේ. පසුගිය ආණ්ඩුව ක්‍රියා කළේ විදේශ සේවාව ඥාති සංග්‍රහය සඳහා වෙන්කරන ලද රැකියා උත්පාදන අමාත්‍යාංශයක් ලෙසයි. වෙනස නමින් පවත්වාගෙන යන්නේ ඊයේ කළ දෙයම නම් වැඩක් නැහැ (නි)
ඇත්ත තමයි. මහරැජිණ මෙතුමියටත් අත් මේස් ගලවලානේ අතට අත දීලා තියෙන්නේ? (නි)
සුබ පැතුම්.මහරැජින මෙතුමියටත් අතේ මේස් ගලවලානේ අතට අත දීල තියෙන්නේ?? (බ)
අපේ මහකොමසාරිස් කාර්යාලයේ උත්සව වලට සහ පොදු ශ්‍රීලාංකික කටයුතු වලට මා නිතර එහි යන එන විට දකින දෙයක් නම් එහි සේවකයෝ බොහොමයක් ඉන්නෙම පාරේ. සමහරු සිගරට් බොමින්, සමහරු දුරකථන සංවාද වල යෙදෙමින්, සමහරු කාර් අස්සේ. මේ අයට අන්තර්ජාල, මාධ්‍ය සහ පරිගණක පහසුකම් සහ තේ, කොපි වැනි සුළු ආහාර පාන සහිත විවේකාගාරයක් ලබා දෙන්න. මා යන වෙනත් තානාපති කාර්යාල වල නම් මෙවන් පරිපුර්ණ විවේකාගාර සේවකයන්ට තිබෙනවා. (බ)
නමින්ම තේරෙනවා කාගේ ඥාතියෙක්ද කියලා....(බ)
චින්තක, කව්රු වුනාම මොකද තැනට සුදුසුනම් (බ)
රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් සහ පළපුරුද්ද ගැන කිසිම සඳහනක් නැහැනේ?(ම)
ජනාධිපති තුමා පත් කරන්න ගිය සංගක්කාරට මොකද වුණේ (ම)
තැනට සුදුසු නම් එච්චරයි (ම)
ඔව්. තැනට සුදුසු නම් ඉතින් හොඳයි. ඒත් ඉතින් අපේ දේශපාලන බලාධිකාරිය ( එදා සිට අද දක්වාම ) තැනට සුදුසු අය පත් කරන්න හරිම දක්ෂයිනේ...කොස්සකින් මිදුලක් අතුගාන්න බෑ වගේම ඉදලකින් ගෙයක් අතුගාන්නත් බෑ...පුද්ගලික ආයතනයක් වගේ නෙවේ රටක් නියෝජනය කරන තානාපති කම්...රජයේ සේවකයෙක් විදේශ තානාපති කාර්යාල වල සේවයට යනවා නම් විශේෂ විභාගයකින් සමත් වෙන්න ඕනේ. (මා දන්නා ලෙස ) නමුත් තානාපති වරුන්ට එහෙම මුකුත් නෑ..විය යුත්තේ පුරුදු පුහුණු කල නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති අය තනාපති වරුන් ලෙස යැවීමයි. (ර)
මේ නෝනා හැබෑම සුදුසුකම් ඇත්තෙක් (නි)
වෙනස ගැන අපි ඇත්තෙන්ම සතුටුවෙමු (නි)
මේ 'අදිරද ඥාතීන්ස මග ඉතා කැපවීමෙන් රාජ්‍යතාන්ත්‍රික නුවනින් කටයුතු කළ යුතු කාලයක්. නාගමික ෆෙඩරල්\' ව්‍යවස්ථාවක් ගැන අගමැතිවරයම වහෙන් ඔරෝ භාෂාවෙන් මෑතකදී කතා කළා. ලබන අවුරුද්දේ අපිට හුරුපුරුදු බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් මිදී ජර්මන් ක්‍රමයට යන්න තියෙනවා කියල ඔහු කිව්වා, ඒ කියන්නේ ඒකීය ව්‍යවස්ථා රාමුවෙන් මිදීම. (බ)
අපිට නම් දැන් කිසිමදෙයක් ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ (නි)
තමන්ගේ රාජකාරිය දේවකාරියක් සේ සළකා කටයුතු කරන්න (නි)
අපි බලමු කොහොමද කියලා එයාගේ වැඩකටයුතු (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ශිවා, බමුණු, ඉස්සරත් දැම්මේ සුදුසු අය තමයි. එතකොට තමුන්ලම තමයි පවුල් පාලනේ කිය කියා කෑගැහුවේ. පුලුවන්නම් කියන්න මේ නෝනාගේ සුදුසුකම් මොනවාද කියලා. ඇයට තිබෙන රාජ්‍යතාන්ත්‍රික පළපුරුද්ද ගැන අපි දැනගන්න කැමතියි (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
පහුගිය අවුරුදු 40 තිස්සේ රට ගැන ආදරයක් නැති ඕනෑතරම් අය ඔය පුටුවට ගියා. උපාලි විජේවර්ධන මහතාත් මේ පවුලේ කෙනෙක්. නමුත් රටට ඉතාමත් ආදරය කළ කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂත් ඒ වගේ. ඒ නිසා නියම සුදුස්සාට තැනදෙද්දී දේශපාලනය සහ පවුල් බලලා බැහැ. එකම ප්‍රශ්නය තමයි යහපාලනය ආවේ පවුල් සහ මිත්‍ර සමාගම් වලට තැන දෙන්නේ නැහැ කියලා. නමුත් ආ දවසේ ඉඳලා කරන්නේ ඒදේමයි. (නි)
ලත් මහකොමසාරිස් සේවය පිළිබඳ අපේ නැතිවී ඇති බලාපොරොත්තු මෙතුමියට නැවත ඇතිකරන්න හැකිවේවිද? (නි)
හරියට හරි ශ්‍රීමාල්. මමත් එකඟයි (නි)
රාජපක්ෂ රෙජිමය වෙනුවට දැන් රෙජිම දෙකක්! අනේ සාදු, රටට හෙණ ගැහුවත් කාටහරි මල්ල කරේ නිසා (නි)
විදේශ අමාත්‍යාංශයේ සිටින පළපුරුදු විදේශසේවා නිලධාරින් හෝ තානාපති සේවයේ රට නියෝජනය කිරීමේ මනා පළපුරුද්දක් ඇති පුද්ගලයන් දැන්වත් අප රට නියෝජනය කරතැයි සිතිවිල්ලක් අපට තිබුනා. විශේෂයෙන් බ්‍රිතාන්‍යය වැනි රටකට පත්කළ යුත්තේ ඉතා පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයෙක්. (නි)