
( පුෂ්පකුමාර ජයරත්න සහ සම්පත් සෙනෙවිරත්න)
ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කර විශ්‍රාම ලබා මෙරටට පැමිණ සිටි 72 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර මැල්සිරිපුර ප්‍රදේශයේ ඔහුට අයත් වත්තේ වළ දමා තිබියදී සොයා ගත් බව මැල්සිරිපුර පොලීසිය පවසයි.
ඝාතනයට ලක්ව සිටින්නේ මැල්සිරිපුර රෙස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පටි දේවයලාගේ චිත්‍රානන්ද ජයරත්න නමැති අයෙකි.
මියගිය පුද්ගලයා ඇමේරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු වන අතර ඔහු ඇමරිකාවේ කළ රැකියාවෙන් විශ්‍රාම ගෙන පසුගිය 2019 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
රැකියාවෙන් විශ්‍රාම ලබා මෙරටට පැමිණි ඔහු මැල්සිරිපුර රෙස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට පැමිණ එහි කාලය ගත කර ඇති බවද පදිංචි නිවසට අයත් වත්තේ සහ නිවසේ වැඩ කටයුතුෙවල සහායට වැල්ලව ප්‍රදේශයේ පුද්ගලෙකු එම නිවසේ නවත්වාගෙන සිටි බවද පොලිස් විමර්ශවලදී අනාවරණය කරගෙන තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙරට වෙසෙන තම පවුලේ ඥාතීන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය පළමුවැනිදා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මාලඹේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ලොකු අම්මාගේ පුතකු ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
මැල්සිරිපුර නිවසට ගොස් සොයා බැලීමේ දී නිවසේ සේවය කළ පුද්ගලයා පවසා ඇත්තේ නිවසේ හිමිකරු අනුරාධපුර සංචාරයක් සඳහා යන බව පවසා පසුගිය පළමුවැනිදා නිවසින් පිටව ගිය බවය.
එම ප්‍රකාශය පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් නැවත ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා එම නිවසට පෙරේදා (23) ගිය අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල වැළලාගෙන මියගොස් සිටින ආකාරය දැක ඇත.
එසේ සියදිවි හානි කරගෙන සිටියේ වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි මිලින්ද නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මේ අනුව කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ සෘජු මෙහෙයවීමෙන් ඊයේ දිනයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඊට පොලිස් නිල සුනඛයකුගේ සහායද ලබාගෙන ඇත
එම සුනඛයාගේ ඉව අනුව ගිය පොලිසියට විශ්‍රාමික විදුලි ඉන්ජිනේරුවා මරා ඔහුගේම වත්තේ වළ දමා තිබියදී සොයාගත් ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ, මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියන්ත මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Never show your wealth to the public. Nobody can be trusted even the closest friends. It is much better to live an introverted lifestyle. අඟේ ඉදන් කන කන උන් ඉන්නෙ කොහෙ බැලුවත්.
Why the hell this man came from USA to spend the retirement in this Shit-Hole county, There is no evil and wicked people in the whole world like the Sri Lankan people.
ඔබතුමාට නිවන්සුව ලැබේවා. පාප මිත්‍රයන් ඇසුරට නොලැබේවා.
මෙයාව මරන්න ඇත්තේ සල්ලි ගන්නම නොවේ වෙන්න ඇති.
ම්ලින්ද මැරුවේ වෙන කෙනෙක්ද ?
Agree 100%. It applies only to Sri Lanka.
සමහරවිට මේ කෙනාව මැරුවේ වැඩට හිටිය කෙනා නොවෙන්න පුළුවන්. වෙනම සැලසුමක් වෙන්න බැරිද. හැම පැත්තෙන්ම හොයල බැලුවොත් හොදයි.
අශිෂ්ට සමාජයක්
රත්න ද්වීප ජන්ම භූමි... ලංකා දීප විජය භූමි... මේ අපේ උදාරවූ මාර්තු භූමියයි..
දැන් දැන් හරියට අහන්න වේනනේ මෙවැනි අමානුෂික ඝාතන ගැනයි. හරිම කණගාටුයි. ලංකාව ගැන හිතනකොට.
මේවා අහන කොට ලන්කාවට ඇවිත් ජීවත් වෙන්ඩ හිතෙන එකක් නැහැ. මේ රටවල තනියෙම ජීවත් වෙන අයට කිසිම අවුලක් නැහැ.. හොන්දට තිබුනු රටක්. වෙච්ච් විනාශයක් ?
අර වගේ හොඳ රටක ඉඳලා මෙයා මොකට මේ අපායට ආවා ද? ඉතින් අපායේ හැටි ඔහොම තමයි.
වැඩට හිටපු කෙනා මැරුවනම් ඒ මනුස්සයා ගෙදර ඉන්නේ නෑ. ආයෙත් පොලීසියෙන් එනකොට බෙල්ලේ වැල දාගන්නවද ? දෙවැනි එකත් ඝාතනයක් විය හැකියි . ඒ පළමු ඝාතනයේ සාක්ෂි නැතිකරපු වැඩක් වෙන්න පුළුවන්.
අපරාද නතර කරන්න නම් මුළු රටේම ජනතාව ඉතා විමර්ෂණයෙන් සිටිය යුතුයි. ඔය අපරාධ කරන කාටවත් ඒවා හංගන් ඉන්න බෑ. ඒ නිසා ජනතාවගේ සහාය හරි විදියට ලබා ගන්නව නම් ඕනම අපරාධයක් සොයා ැගනීමට අපහසු නෑ.