(මොහොමඩ් ආසික්)
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් ඕනෑම අවස්ථාවක බලය ලබා ගැනීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට පවතින බවත් සභානායක සහ මහාමාර්ග හා විශ්ව විද්‍යාල බාර අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට සූදානමක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ කීවේය.
“කඩා පනින හමුදාවක් වගේ කඩා පැනල මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම වුවමනාවක් නැතැයි‘ද ඇමතිවරයා කීවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා වෛද්‍ය සභාව වෙත බෝම්බ ගැසීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා රටට සත්‍ය හෙළි කළ යුතු බවත් අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් පළාත් පාලන මැතිවරණ තියන්නකෝ සරලයි නේ......
ජනතාව දිනාගත්ත ඔබලාට බැහැ,.. දීපු කිසිම රැකියාවකුත් නෑ. ඉතින් කොහොමද ඡන්දයක් දිනන්නේ...
මට හිතෙන හැටියට මේ තමයි රජ ගෙදර කවටයා.... නැතිනම් පසුවුණු මැතිවරණ ටික පවත් වන්න. එදාට හිමිවෙන්නේ ගැලරිය තමයි.
ඔබතුමා මේ රජයේ "විනෝද සමය" ගෙන දෙන ඇමති මිසක් වගකීමක් ඇතිව යමක් කියන කරන ඇමති කෙනෙක් නොවුණ නිසා මේ කතාවෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ.
ඇමතිතුමනි, හා.... හොඳයි අපිත් සූදානම් !!!
කියන්නේ නැතුව ඡන්දයක් තියන්නකෝ බලන්න. ඔබතුමාලා තමයි දිනන්නේ. අපිනේ ඔබතුමාලාව පත්කලේ. අනේ ඡන්දෙ තියන්න. මේක තේරෙන විදියට කියල දෙන්න වෙන භාෂාවක් තියනවද? හැමදාම ඔබතුමාලා කියන්නේ ඔය ටික විතරයි. ඡන්දයක් තියන්නෙම නැහැනේ....
ඔව් නුවර ඡන්ද දායකයන් වන අපිත් සූදානම් ඔබව විශ්‍රාම ගැන්වීමට