2009  ජනවාරි 15 වැනි දා කෝට්ටේගොඩ දී  පුද්ගලයකුට (44) පොලු වලින්  පහර  දී  ඝාතනය කිරිමේ චෝදනාවට  වරදකරු  වු එකම පවුලේ පස් දෙනෙකුට අද (11) මරණ දඩුවම නියම කිරිමට මාතර  මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

මේ අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති. 

පෙම් පල හිලව්වක් එම ඝාතනයට  හේතු වු  බව නඩු විභාගයේ දී  කියැවිණි.