උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රථම අලෙවිසල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (28) පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.
මේ හා සමගාමීව ලංකා සතොස අලෙවිසැල් 52 ක් දිවයින පුරා විවෘත කිරීම අද සිදුවිය.
දැනට දිවයින පුරා ලංකා සතොස අලෙවි සැල් 380 ක් පවතින අතර මෙම වසර අවසාන වන විට එය 500 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
කොහුවල නව සතොස අලෙවිසැල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත කලා වගේ නෙමයි අර සතොස විකුනපු එක්කෙනාගෙන් පරිස්සම් කර ගන්නත් වෙයි.
මෙහෙම මුලාවෙ දමන්නේ ජනාධිපතිතුමාවද ඇමතිතුමාවද නැත්නම් මහජනයාද? විවෘත උනේ කොහුවල සතොස විතරනෙ
මමත් සතොස වෙලද සැලෙන් බාන්ඩ මිලදි ගන්නව අවුරුදු 20 ක් පමන හිටන්.පහුගිය ආන්ඩු කිහිපයක්ම සතොසෙන් ලබාගන්න බාන්ඩ සදහ නොයෙකුත් වට්ටම් ලබා දුන්නා.උදා: මදුරු දගර පෙට්ටි 2ක් ගත්තොත් 1 නොමිලේ වැනි විශාල වට්ටම් සහිත බාන්ඩ.නමුත් මෙම ආන්ඩුවෙ එහෙම දෙයක් මෑතකදි දකින්න තිබුනේ නෑ.එම නිසා කීල්ස් කාගිල්ස් ආර්පිකෝ වැනි වෙලදසැල් වට්ටම් දීමෙන් මහජනතවගෙ ආකර්ශනය මෙන්ම වෙලදාමද ඉහලගිහින්.සතොස කොපමන ඇරියත් වැඩක් නැ පාරිබෝගිකයන් නැතිව.
එහෙම විවෘත වෙනවනම් කොච්චර හොඳද?
අනේ ඕව කොච්චර ඇරියත් වැඩක් නැහැ , මහරගම පරණ පාරේ තියෙන සතොසේ ඉන්න සේවකයෝ හරිම කම්මැලි, තරාදි දෙකක් තිබුනට කිරන්න ඉන්නේ එක් කෙනෙක් , අපි පෝලිමේ වරුවක් විතර ඉන්න ඕන , මම නම් යන්නේ නැහැ එකට , සතොස වහලම දාන්න ඕන ,සේවකයෝ හිතන්නේ පාරිභෝගිකයො කරදරයි කියල