කඩුගන්නාව හේනාවල මාර්ගයේ නවතා ඇති වෑන් රථයක් වාහන අලුත් වැඩියා කරන ස්ථානයකට ගෙන යාමට සැරසෙන බවට කඩුගන්නාව පොලිසියට ලද තොරතුරක් මත එම වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
එහි ලියාපදිංචිය සනාථ කර ගැනීම සදහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන ඇති අතර පොලිස් භාරයට ගත් මෝටර් රථයේම ලියාපදිංචි අංක වලට සමාන තවත් මෝටර් රථයක් මහර නුගේගොඩ පදිංචි යක්කල ආර්යුවේද විද්‍යායතනයේ කථිකාචාර්යවරයෙක් ළඟ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් වෑන් රථයේ හිමිකරු මාවනැල් ප්‍රදේශයේ අයකු බවත් කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි අලුත් වැඩිය කරන තැනකට ගෙනියන එක වැරදිද? වාහනේ ඔක්කොම විස්තර දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේක ලියාපදිංචි නොකරපු එකක්, අනුන්ගේ නොම්මරයක් දාගන පාරේ ගෙනියල තියෙන්නේ. මෙලහට විස්තර හොයාගන ඇති දෙපාර්තමේන්තුවෙන්. (ස)
මෙවන් ද්විත්ව අංක තහඩු සහිත වාහන ලංකාවේ තව කොපමණ ඇද්ද? (නි)
මෙහෙම අවස්ථාවලදී, නොමැකිය හැකි විදියට, ගැලවිය නොහැකි විදියට එන්ජින් කොම්පෝනන්ට් එකේ සවිකර තිබෙන "චැසි අංකය" සහිත තහඩුව මගින් නියම හිමිකරු සොයාගැනීමට හැකි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නැද්ද ?(නදී)
ලංකාවේ වාහන අංක ජාවාරම බොහොම සරුවට කරන එකක්.(නදී)
මේවට වගකියන්න ඕනෑ කවුද? (නි)
මෝටර් රථ ලියාපදිංචි කරන ආයතනයේ මොඩල් විස්තර නැද්ද? නැත්නම් එ්කත් අලි පොත වගේද? (නදී)
මේවට සම්බන්ද අයගේ නම් දාන්නේ නැති එක හරි අපරාදයක්. නම දානව නම් එ්කෙන් සනාත වෙන යමක් තියෙනවා. (නදී)
අර අහවල් පැත්තේ කැලේට ගිය ඉඩම් වල මේ වාගේ වාහන ඕනෑතරම් ඇති හෙව්වොත් (නි)
අහවල් පැත්තේ කිවුවේ කොහේද කැනඩා දිසා? (නි)
අර බෙන්ස් එකක අංකයම තිබෙන රේසින් කාර් එකක් සම්බන්ධ ප්‍රශ්නයකුත් තිබුණා නේද? (නි)
මේ පින්තුර හැටියට පළමු වහනය හැටියට මෙම නොම්මරය අදාල නොවන බව මගේ හැගීම .එම වාහනය නොම්මරය ට වඩා පරණයි. (බ)
නිසි ක්‍රමවේදයක් නැතිකම මෙයින් පිළිබිඹු වෙනවා.ගල්ෆ් වැනි රටවල ලියාපදිංචි අංකය ඇතුල් කලාම වාහනේ මුළු ජාතකේම පෙන්නුම් කරනවා.මෙහි පොලිසිවලට ඉන්න තැන ඉදලම එවෙලේම දත්ත දැනගන්න විශේස විද්‍යුත් උපකරණ තියෙනවා.අපේ ලංකාව ඒ අතින් තවමත් ප්‍රථමික මට්ටමකයි තියෙන්නේ. (ස)
ඕනෑම කෙනෙකුට චෙක් කරන්න පුළුවන් විදිහට ඔන්ලයින් සිස්ටම් එකක් තිබ්බනම් හරි (ම)
අනේ ඕක පොඩි දෙයක්නේ. නැගෙනහිර , පුත්තලමේ අංක තහඩු නොමැතිවනේ වාහන ධාවනය වන්නේ (ම)
මේවට වග කියන්න ඕනේ... (ර)