(හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලන ක්ෂේත්රය ඇතුළුව ඕනෑම ක්ෂේත්රයක රාජකාරී කටයුතු කිරීමේ දී එකිනෙකා හඳුනාගැනීම, එකිනෙකාගේ අදහස්, දැනුම, අත්දැකීම් හඳුනාගැනීම ඉතා වැදගත් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සියලු දෙනාද, රාජ්‍ය නායකයා ලෙස හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙස තමාද ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශාල ගෞරවයක් හා විශ්වාසයක් තබා ඇතැයි ද ජනාධිපතිවරයා පැවැසීය.
අත්තිඩිය ලේක්සයිඞ් හෝටලයේ පැවැති ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරීන්ගේ සහ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සම්මේලනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය.
සම්මේලනය ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“ඉතා අසීරු, අමරු යුද ජයග්‍රහණයක් ලබා ගනිමින් ජාතියේ අනාගතය උදෙස, මුළු මහත් මාතෘභූමිය වෙනුවෙන් රටේ ත්‍රිවිධ හමුදාව කරන ලද උතුම් හා ශ්‍රේෂ්ඨ මෙහෙවර කිසිදු අවස්ථාවකදී හෝ කිසිදු දිනකදී ඉතිහාසයෙන් මකා දමන්න බැහැ. එම විශිෂ්ට හා ගෞරවනීය ජයග්‍රහණයේ ඉතිහාසයේ මතක සටහන්වල සටහන් වී තිබෙන්නේ අභිමානවත් ලෙසයි.
යුද හමුදාව වේවා, රාජ්‍ය සේවය වේවා, රටේ සාමාන්‍ය මහජනතාව වේවා කටයුතු කිරීමේදී ඔවුන් අතරේ ඇතිවන විවිධ ගැටලු සහ ප්‍රශ්න ස්වභාවිකයි. ත්‍රිවිධ හමුදා කාර්ය මණ්ඩලද, විද්‍යාඥයෙක්ද, විද්වතෙක්ද, විශ්වවිද්‍යාලයක මහචාර්යවරයෙක්ද, පාසලක ගුරුවරයෙක්ද, රජයේ කාර්යාලයක නිලධාරියෙක් ද, රජයේ සේවකයෙක් ද, ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ, බෞද්ධ සමිතියේ, ප්‍රජා මණ්ඩලයේ නැත්නම් කාත්නා සමිතියේ වැඩ කරන අය ද මේ සියලු දෙනා ගත්ත ද මේ සෑම කෙනෙක්ම, ඔවුන් දරන නිලතල, තනතුරු සහ වගකීම්වල සිටින අය මුහුණ දෙන්නා වු ගැටලු බොහෝ විට එක සමානයි.
එහිදී මම දකින මූලිකම දේ තමයි එකිනෙකා හදුනාගැනීම පිළිබඳව ප්රශ්නය. හදුනාගැනීම යන්නෙන් අදහස් කරන්නේ මුහුණු හදුනාගැනීම නොවේ. සිත් තුළ තියෙන අදහස් තවත් කෙනෙකුට තියෙන දැනුම තවත් කෙනෙකුට තිබෙන අත්දැකීම්, කෙනෙකුගේ ඥනාන්විත ස්වභාවය, පරිණතභාවය, බහුශ්‍රැතභාවය මේවා හදුනාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. තමාගේ පෞද්ගලික ජීවිතය වගේම සමාජය වෙනුවෙන් රට සහ ජනතාව වෙනුවෙන් අපි ඒ හඳුනාගැනීම කළ යුතු වෙනවා”.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මැතිවරණය පරාජය උනා නම් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් අඩි හයක් පොලව යටට යන්න තිබුනා" කියලා කිවේ එකිනෙකාගේ වැඩ පිළිවෙල හඳුනාගෙන නොවේද එහෙනම්?
ඊළඟ වතාවේ ජනාධිපති වෙන්නත් දුෂිතයන්, අපරාධකරුවන් හඳුනා ගැනීම සහ පිළිගැනීම ඉතා වැදගත් වෙනවා. ඇත්තටම එය තමන්ගේ පුද්ගලික ජීවිතය වෙනුවෙන් බවට මේ මොහොතේ බොහෝදුරට පෙනී යන්නකි. හඳුනා ගතයුතු අය සිටියදී හඳුනා නොගත යුතු අය පිළිගැනීම අද ඇති ගැටළුවයි.
එතකොට ඒක ඔබතුමාට වලංගු නැද්ද ? ඔය දේවල් හොඳට බලලා වෙන්න ඇති නේද අනෙකුත් පක්ෂ නායකයනුත් එකතු කරගෙන ඔය පුටුවට ආවේ ?
දෙන්නෙක් විවාහ වෙන්නනම් මේක හරි
දේශපාලනය විතරක් නෙවෙයි ජනාධිපති පත් කරන්න ඡන්දය දෙනකොටත් ඔය ටික හිතන්න ඕන කියලා යස අගේට ඔප්පු වෙලා තියෙන්නේ.
ජනාදිපතිවරයට අවරුදු කීයක් ගියද ඔහුගේ හිතවතුන් හඳුනා ගැනීමට. මම හිතන්නේ ඔහු තවම ඒ අය හඳුනා ගෙන නැහැ කියලා. ඔහු ඔහුවත් තවම හඳුනාගෙන නැති බව පෙනෙන්නේ.
අපි ඔයාව හරියට අඳුර ගත්තෙත් මේ අවුරුද්දේ තමයි .
ජනාදිපති තුමෝ තරහ වෙන්න එපා මෙහෙම කීවට ඔතන ඉන්න ත්‍රිවිද හමුදාව සහ රටේ 57 ලක්ෂයක් ජනතාව රටේ නායකයින් හඳුනාගෙන බොහොම කල්. එත් ඔබට 2014 දී ඔය හඳුනා ගැනීම කරන්න බැරි උනා 2015 දෙලක්ෂ පනස් දාහකට ඔය හඳුනා ගැනීම කරන්න බැරි උන නිසා අද අපි මේ අගාදයට වැටිලා. මෙය ගොඩ ගන්න ටිකක් කල් යාවි. ඒත් මහින්ද මේක ගොඩ ගන්න බව සිකුරුයි. ඔබට දැන්වත් තේරුම් ගිය එක රටට යහපතක්. අර නොමග ගිය දෙලක්ෂ පනස්දාහ වෙනුවට දසලක්ෂයක් මහින්ද මහතා පැත්තට හැරිලා. එමනිසා මහජන ඡන්දෙකටම යන්න.
අපිට ළදරුවා කවුරුද, මුහුකුරා ගිය මිනිහා කවුරුද කියල හඳුනා ගන්න බැරි වුණා, ඇත්තමයි. සමාවෙන්න අපි ඡන්දෙත් දුන්නා.
ඇත්ත කතාව, UNF එකේ ඉන්න එක්කෙනෙකුටවත් ඔයා හරියටම හඳුනාගන්න බැරිඋනා.
ඔව් ඇත්ත, අපි ඔබව හදුනාගත්තනම් 2015 දී ඔබට අපගේ වටිනා ඡන්දය නොදී ඉන්න තිබුණා.
කෙනෙකුගේ ඥනාන්විත ස්වභාවය, පරිණතභාවය, බහුශ්‍රැතභාවය. ඔයාට මේවා එකක්වත් නැනේ .
ඔබ ඒ ගැන කතා කිරීමට සුදුසු නැත .....
අපි නම් හොදටම එකිනෙකා අදුර ගත්තා. විශේෂයෙන් ගරු බුහුමන් දෙන්න හිතෙන්නේ නැති ජනාධිපති කෙනෙක්.
"ඕවා දෙනු පර හට - තමා සම්මතයෙහි පිහිටා"
ඔව් ඔව් හොඳට අඳුනා ගන්න ඕන උඩට නැගලා , මේක මට හරියන ඉනිමගක් නෙවෙයි කියලා පයින් ගහන අයව !
මට නම් මතක් වෙන්නේ අර නීල පට සේලය ඇඳපු රජතුමාගේ කතාව !
අපිට ඔබව හඳුනා ගැනීමට නොහැක්යි ඕනා. මට සමාවෙන්ඩ ඔබට ඡන්දය දීම ගැන.
ජනපති පුටුවට ගොඩවෙන්න තිබුන කෑදරකම නිසා, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන එජාපෙරමුණ පිහිට පැතුවේ එකිනෙකා හඳුනාගැනීම නිසා නොවේද ? ජාති ජාති සහගහන අපරාධයක් කර උඩට නැගීමට පිහිට උන රන් හිනිමගට පයින් ගසා අළුත් හෙන්චයියන්, ගජයන් හොයාගෙන උන් සමඟ මගුල් කන්න එකතු උනේ "එකිනෙකා හඳුනාගැනීම" හොඳින් ක්‍රියාත්මක වූ නිසාද ?