ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) බංග්ලාදේශය කඩුලූ 3 ක ජයක් ලැබීමෙන් 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් විය.
ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශ ක‍්‍රිකට් පිල සත්කාරක ශ්‍රී ලංකා පිල පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වේ.
වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා බංග්ලාදේශ පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 27 කදී ලකුණු 183 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය. බංග්ලාදේශ පිතිකරුවෝ එම ඉලක්කය ඕවර 26 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කළහ.
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 302
(කුසල් ජනිත් 56, තිලකරත්න ඩිල්ෂාන් 125, කුමාර් සංගක්කාර 48, ළහිරු තිරිමාන්න නොදැවී 25, අබ්¥ර් රසාක් 62/5)
බංග්ලාදේශ පිල ඕවර 26 කදී කඩුලූ 7 ට 184
(එනමුල් හක් 40, මොහොමඞ් අෂ්රාෆුල් 29, ජහුරුල් ස්ලාම් 26, නසීර් හොසේන් නොදැවී 33, ඇන්ජලෝ මැතිව්ස් 39/2, සචිත‍්‍ර සේනානායක 26/2, ලසිත් මාලිංග 29/2)
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශයේ සුපිරි පිරි හරඹයට අපේ කොල්ලෝ මුල ඉදලම අන්දමන්ද වෙලයි හිටියේ. (නි)
බංගලාදේශයටවත් ගහලා දිනන්න බැරි අයගේ පඩිය තවත් වැඩිකරන්නේ මොන එහෙකටද? (නි)
අපි පටන් ගත්ත විදියට 350 ගහන විදිය තිබුනේ නමුත් දඟ පන්දු යැවීම නිසා 302 ට සිමා කරන්න පුළුවන් උනා. අපිට තව දඟ පන්දු යවන්නෙක් පාවිච්චි කරන්න පුළුවන් උනා නම් තත්වය වෙනස්. ඇයි දිල්ශාන්, මෙන්ඩිස් පන්දු යැව්වේ නැත්තේ? පැරදුනාම බනිනවා නෙමෙයි, දිනන්න තියන ඒවා පැරදුනාම කනගාටුයි.(නදී)
අපේ අය අන්ද මන්ද වෙලා ඉන්නේ. මේ තරඟය අපේ අයට එතරම් වැදගත් නැහැ. ඔහුන්ගේ සිහිනය අයි.පි.එල් තරඟාවලිය. නිධානය තියෙන්නේ ඉන්දියාවේ මිසක් පල්ලෙකැලේ නොවෙයි. (නි)
හූ හූ හූ... (නි)
ක්‍රීඩාවක ජය පරාජය තීරණය වෙන්නේ වාසනාවට වඩා දක්ෂතාව මතයි. (නි)
තවත් පඩි වැඩි කරන්න.(නදී)
දවසේ වාසනායන්තයෝ දිනුම්. අපේ පිලට ගරහන්න එපා.(නදී)
මාලිංග කෝ?(නදී)
සමන්, රෝහිත, ඔබේ කතාව හරි. එහෙම දඟ පන්දු යවන්න පුළුවන් දෙන්නෙක් කණ්ඩායමේ ඉන්න බව අමතක වුණාද දන්නේ නැහැ.මට මතකයි ජයසුරිය ඔය වගේ අවස්ථාවල සීය ගහලා විකට් දෙකතුනකුත් අරන් දිනපු බොහෝ අවස්ථා. (නි)
පෙරේදා දිනන්න තිබුන තරගය නිකන් පරාද වුනා. මොන එකකට අන්තිම ඕවරය තිසරට දුන්නද මන්දා. සමන් එරි ඩිල්ෂාන්. ජීවන් අයේ බෝල කලේ නැත්තේ ඇයි.(නදී)
ක්රිකට් වල ජය පැරදුම තීරණය වන්නේ දිනයේ වාසනාව මතයි. (නි)
දිනනකොට හොදයි. පරදිනකොට බණිනවා. (නි)
ඊ ලග එකත් ඔච්චරම තමයි.(නදී)
මේ තමයි ක්‍රිකට් වල ස්වභාවය. (නි)
ඇයි මීට කලින් මේවා දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)
මම ඔය දැක්කාමයි එක්දින තරඟයක් සමව අවසන් වෙනවා (දී)
බංගලාදේශය අවතක්සේරු කරන්න නරකයි. (නි)
දවසේ වාසනාව අනුව දිනුම ලැබෙනවා නම්, අපි ක්‍රිකට් තේරීම් කමිටුවට ජෝතිෂ්‍යවේදියෝ ටිකක් පත්කරමු. එතකොට ඒ අය ක්‍රිඩකයන්ගේ දවසේ ඵලාපල බලලා වාසනාව වැඩිම කණ්ඩායම පත්කරයි (නි)
බංගලාදේශයට ජයවේවා! (නි)
ලැජ්ජාවේ බැහැ. (නි)
තිසරට අන්තිම ඕවරය දුන්නේ නැත්නම් හොදයි. ඒත් මොනවා කරන්නද හැමදාම දිනන්නත් බැහැ. පරදින්නත් බැහැ.(නදී)
සංඝා ඔබට සුභ පැතුමි. අපේ රට වෙනුවෙන් 11000 රැස් කළා. ඔබ අපේ හැමදාමත් වීරයා.(නදී)
ගාමිණීගේ කතාව මමද අගය කරමි. (නි)
අපේ කට්ටිය එහෙනම් අන්තිමට බංගලාදේශයටත් පරාද වුණා? (නි)
මට පේන විදියට මැතිව්ස් හොද නායකයෙක් නෙවෙයි වගේ. තැනට සුදුසු නුවන පාවිචිචි කරලා දිල්ෂාන්, මෙන්ඩිස් වගේ අයව පන්දු යවන්න දෙන්න තිබිබා. අපේ අය අයි.පී.එල් ගැන හිතන්නේ නැතුව රට ගැන හිතන්න ඕනේ. බෙහොම කනගාටුයි.(නදී)
මේක දිනන්න තිබුණා අපි මේ වැරදි නොකළා නම්. බැටින් ඕර්ඩර් එක වෙනස් කර තිසර පෙරේරා එවීම. කිසි වෙලාවක මෙය නොකළයුතු බව මගේ අදහසයි. කඩා වැටීම පටන් ගත්තේ එතැනින්. අනික අවසන් ඕවරය ද ඔහුට දීම. මීට පෙරත් කීප අවස්ථාවක මෙලෙසම සිදුවී ඇත. දිල්ෂාන් නොහිටින්න ඇපත් නැහැ.මැච් 59 ගහලා තාම එක 50 යි. සාමාන්‍යය 15 යි. අපට අවශ්‍ය ක්‍රිකට් ගහන කුසල් වගේ නවකයෝ මිස මේ වගේ අය නොවේ. කුසල් ජනිත් වගේ තව කෙනෙකුට අවස්ථාව දී බලන්න. කාලයක් අපට සෑහෙන්න වදවෙන්න වුණා. කපුගෙදර සහ මුබාරක් වගේ අය අයින් කරන්න. (නි)