(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ සම්මතවිය. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බදු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළේය

වැට් බදු මුදල සියයට  15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාළ ප්‍රතිපාදන සැලසීම මෙම නව පනත් කෙටුම්පත මගින්  සිදු කෙරෙනු ඇත.

මෙම  විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා  විවාදයේ ආරම්භක කතාව
පැවැත්වීය. විවාදයේ පිළිතුරු කතාව පවත්වනු ලැබුවේ රාජ්‍ය ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසිනි.