බණ්ඩාරගම ඇඟළුම් සේවිකාවකගේ රන් අබරණ සොරකම් කළැයි ඇගේ හොඳම මිතුරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එකට කාබී එකට ගමන් බිමන් යන මේ දෙදෙනා පන්සල් යාමට කථා කරගෙන සිටි බවත් අවසන් මොහොතේ එක් මිතුරියක පන්සල් නොගොස් තුන් හැවිරිදි දරුවාද සමග ඇගේ නිවසට ගොස් රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා රන් බඩු සොරාගෙන ගෙදර අවුත් සහල් ගෝනියේ සඟවා ඇතැයි පොලිසිය කියයි.
පන්සල් යාමට දොර වසා යතුර තැබූ තැන අනෙක් මිතුරිය දැන සිටි බවද කියයි. පොලිස් සුනඛ ග්‍රේරෝ පුංචි සෙරෙප්පු දෙකක ඉව ඔස්සේ මිතුරියගේ ගෙට ගොස් ඇත. රන් බඩුද හාල් ගෝනියෙන් සොයා ගත් පොලිසිය මිතුරිය උසාවියට ඉදිරිපත් කිරීමට යයි.
ග්‍රේරෝ ඉව අල්ලා ඇත්තේ රන්බඩු සොරකම් කළ කතගේ දරුවාගේ සෙරෙප්පුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් හදිසියකට වෙන්න ඇති. මොකද තවම ජීවන වියදම වැඩියිනේ! (නි)
ඊ ලඟට පන්සලේ පින් පෙට්ටිය. (නදී)
තුෂාණි, රටතොට ගැන පළමුව හරියට දැනගන්න (නි)
ගිය ආණ්ඩුවේ හොර ටික අල්ලලා දෙන්න ග්‍රේරෝටවත් කියලා බලමුද ? (නදී)
අපි මේවට මොනවා කියලා කියන්නද?? (නි)
ඉතින් කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ? (නි)
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ මේකට තමයි (නි)
පහුගිය කාලේ අපේ දේශපාලනෙත් මෙහෙම හොරු හිටියා නේද? (නි)