IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


එක වගේ දෙන්නෙක් - ආත්මා සමග චාමික

2016-11-23-ent-108

අනුන්ගේ සින්දු කියන අය මම ගායකයන් ලෙස හඳුන්වන්නේ නැහැ

ආත්මා ලියනගේ


මම ඉදිරියට ආවේ මගේම ගීතවලින්

චාමික සිරිමාන්න

 

2016-11-23-ent-111අද "එකවගේ දෙන්නෙක්" හා එක් වන්නේ පරම්පරා දෙකක් කිව්වොත් නිවැරදියි. ඔවුන් පරම්පරා දෙකක වාදකයන් දෙදෙනෙකු වගේම පරම්පරා දෙකක ගායකයන් දෙදෙනෙකි. ඒ වගේම මොවුන් දෙදෙනාටම රසිකයන් බෙහෙවින් ආදරය කරති. ඔවුන් නම්, ආත්තාම ලියනගේ හා චාමික සිරිමාන්නය.

 

ගායන ක්ෂේත්‍රයට පැමිණ ඒ තුළ පැවැත්ම හා අනන්‍යතාවය ගොඩනගා ගැනීම ගැන මුලින්ම කතා කරමු?

 

ආත්මා ලියනගේ

අද වෙද්දි මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට එන්න වැඩි ඉඩක් ලැබිලා තියෙනවා. එහෙම වුණාම ඉදිරියට එන සිස්ටම් එක හරියට තියෙන්න ඕන. ක්ෂේත්‍රයට ආවම පැවැත්ම කියන දේ මම දකින්නේ අගය කිරීම එක්ක. කලාකරුවෙක් තවත් කලාකරුවෙක් අගය කළ යුතුයි. නිහතමානි වීම හා හැමවිටම දන්න දේ තම ග්‍රහණයට ගැනීම තමයි මම හිතන විදියට මේ ක්ෂේත්‍ර‘යේ පැවැත්ම තහවුරු කරන්නේ.

 

සිස්ටම් එක හරියට තියෙන්න ඕන කියන්නේ මේ කාලේ සිස්ටම් එක අවුල්ද?

ආත්මා අපි එන කාලෙත් දෙපැත්තම තිබුණා. ඒ සිස්ටම් එක හරියට තියාගෙන ආව නිසා තමයි වර්තමාන පරම්පරාව එක්ක මම තාම ඉන්නේ.

 

ඒ පරම්පරාවේ චාමික සිරිමාන්නගේ අදහස මොකක්ද?

චාමික

මේ කාලේ හැකියාවන් පෙන්නන්න තියන අවස්ථා වැඩියි. නාළිකාවල වැඩසටහන් තියෙනවා. ආත්මා අංකල් කියපුදේට මම දෙයක් එකතු කළ යුතුයි. ඔහු කිව්වනේ දෙයක් දැනගෙන ඉන්න ඕන කියලා. ඒකට හොඳම උදාහරණය ආත්මා අංකල්. ආත්තමා ලියනගේ කියන්නේ වාදකයෙක්. මමත් සංගීත කණ්ඩායමක වාදකයෙක් වෙලා තමයි ගායකයෙක් වෙන්නේ. ගායකයෙක් වෙන දේට වාදකයෙක් වීම ලොකු රුකුලක් වෙනවා.

ආත්මා

ඇත්තටම මේ ක්ෂේත්‍රයට චාමිකලා එක්ක ගොඩක් අය ආවා. ඉතුරු වුණේ මේ අය නියම සංගීතවේදීන් නිසා. මේ පරම්පරාවම සංගීත පරම්පරාවක්.

චාමික

ආත්මා අංකල්ලගෙ පරම්පරාව වගේම අපේ සීයලගෙ, තාත්තලගෙ පරම්පරා ගැනත් කතා කරනවා. මට තියෙන්නේ ඒ අත්දැකීම් තමයි. මගේ තාත්තාගෙන් ලැබුණ ආභාසය සහ වාසනාව තමයි මට තියෙන්නේ. ගොඩක් අය ෂොට්කට්වලට පුරුදු වෙලා තියෙනවා. අපිටත් පුළුවන්නේ අනිත් අයගේ සිංදු කියලා හම්බ කරන්න. ඒක නීති විරෝධි වැඩක් වගේම සාදාචාරාත්මක නැහැ.

චාමික

සිංන්දු කියන්නේ හම්බකරන්න. මම වෘත්තීය ගායකයෙක්. මම හම්බ කරන්නේ සිංදු කියලා.

ආත්මා

චාමිකලගේ තාත්තා අපි එක්ක එකට වැඩ කළේ. එදා ඉඳලා වෙන ජොබ් එකකට සෙට් වුණේ නෑ. ඒකට අපිට ඔළුව හැදුණෙත් නෑ. වෙන රස්සාවක් කරන්න ඕනකමකුත් ඇත්තටම තිබ්බෙ නෑ. අපේ ගෙදර වගේම චාමිකල ගෙදරත් සංගීත භාණ්ඩ තියෙනවා. ඒවත් එක්ක තමයි අපි රැදුණේ. කලාවෙන් යම්කිසි මුදලක් ලැබෙනවා. අපිට වෙන රස්සාවක් කරන්න වුවමනාවක් වුණේ නැහැ.

 

අද වෙද්දි තිබෙන වෘත්තීමය අවකාශය ගැන කතා කළොත්?

චාමික

අද හොඳ වාතාවරණයක් තියෙනවා. ඒක හසුරවන විදිහ තමයි වැදගත්. මේකත් හරියට දැලිපිහිය වගේ. දැලි පිහිටියෙන් රැවුල බාන්නත්, බෙල්ල කපන්නත් පුළුවන්. අන්ත දෙකක්. තමන්ට තියෙන කලාව කොහොමද පාවිච්චි කරන්නේ කියලා හිතන්න ඕන. කුණුගොඩක තියෙන දේයි, හොඳ තැනක තියන දේයි දෙවිදිහක්. හොඳ දේ නරක දේ තෝරගන්නෙත් තමන්ගෙ දැනුවත්කමක් එක්ක.

ආත්මා

එදා දාහක් ගත්ත තැන, අද ලොකු මුදලක් ගන්නවා. ඉල්ලුම ලැබෙන පසුබිම අනුව හදාගන්න ඕන.

 

ඉල්ලුමට ඕනම දෙයක් සපයන්න සූදානම්ද?

ආත්මා

නෑ, නෑ. අපිට ප්‍රසංගවලට ආරාධනා ලැබීම ගැන කිව්වේ. ඒ ඉල්ලුම ලැබෙන වටපිටාව අපි හදාගන්න ඕන.

චාමික

"ලියතඹරා" කියලා ගීතයක් නිර්මාණය නොවුණානම්, ආත්මා කියන කෙනා බෑන්ඩ් ගහගහ තාමත් ඉන්න තිබුණා.

ආත්මා

අපිට කරන්න පුළුවන් දේ දැන ගන්න ඕන. මේක බොහොම උසස් රැකියාවක්.

 

දෙන්නම ක්ෂේත්‍රයට එන්නේ කණ්ඩායමක වාදකයන් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව. පසුව ස්වාධීනව කටයුතු කරනවා. ඒක ආත්මාර්තකාමී තීරණයක් කිව්වොත්?

ආත්මා

ඒක ආත්මාර්තකාමී තීරණයක් කියන්න බැහැ. ඇඟිලි පහම එක වගේ නෑ. සංගීත කණ්ඩායමක් වුණත් එහෙමයි. වාසනාව මත පැවැත්ම ඉබේ හැදෙනවා. අදටත් සංගීත කණ්ඩායම කතා කළොත් මම යනවා. චාමිකත් යනවා ඇති.

චාමික

ආත්මාර්තකාමී කියන්න බෑ. හැකියාව එකිනෙකාට වෙනස්. එය ඉල්ලුමත් එක්ක ඇති වන දෙයක්.

ආත්මා

ආත්මාර්තකාමී කියන එක කලාවට ගැළපෙන්නෙ නැහැ. සෙට් වෙන්නෙ නැහැ. ගායන හැකියාව නිසානේ ක්ෂේත්‍රයට එන්නේ. ඔන්න ඔය ආත්මාර්තකාමී කියන අය තමයි අනුන්ගේ සින්දු කියන්නේ. ඒ වචනේ ඒ අයට හරි.

චාමික

මම දකින්නේ ගායන හැකියාව තියෙන අය ඕන තරම් ඉන්නවා.

 

ඒ හැකියාවට වටිනාකමක් ලැබිලා තියෙනවද?

චාමික

2016-11-23-ent-110ඒක හරිම තර්කානුකූලයි. එකිනෙකාට එක එක විදිහට තර්ක කළ හැකියි. මාධ්‍ය ආයතන බලන්නේ චරිතයක් නිර්මාණ කරලා ඒ ආයතන කොහොමද උඩට එන්නේ කියලා. ඒක තමයි මේ කාලේ මූලික වෙන්නේ. චරිතයට මොකද වෙන්නේ කියන එකත් ඒ ආයතනයට අදාළ වෙන්නේ නැහැ. ගායකයයි, ගායන හැකියාවයි කියන්නෙ දෙකක්. ගායන හැකියාව කියන අය ඕන තරම් ඉන්නවා. ඒ අයට එළියට එක්ක හැකියාවක් ලැබිලා නෑ.

ආත්මා

ඒ තමයි සින්දු කියන අය. ගයන්න බෑ. ගයන එකයි කියන එකයි දෙකක්.

 

ගායකයෙක්ට තමන්ගෙ කියලා රසික ප්‍රජාවක් ඉන්නවද? ඔවුන් ඒ කොටස හඳුනාගෙන තියෙනවද?

චාමික

එහෙම ඉන්නවා. පොදුවෙ ගත්තොත් ඔවුන් හැමෝගෙම ගීත අහනවා. එහෙම රසිකයෝ ඉන්නවා.

ආත්මා

මට අත්දැකීම් එක්ක අදහසක් තියෙනවා. මම අසනීප වුණාම මම එක දැක්කා. ඒ වගේම අපෙන් ගන්න පුළුවන් කොටස අරන් දෙයක් වුණාට පස්සේ වැඩක් නෑ කියලා අයින් කරන පිරිසකුත් ඉන්නවා.

 

ඒ තුළ ඉන්න ශ්‍රාවක ප්‍රජාව ගැන ඔබේ අදහස මොකක්ද?

ආත්මා

බුද්ධිමත් කොට්ඨාසයක් ඉන්නවා. එළිමහන් ප්‍රසංගවලට සහභාගි වුණාම සමහර අය ගීතයවත් දන්නේ නැහැ. ඒ අතර රසවිදින අයත් ඉන්නවා.

චාමික

මිනිස්සු විවිධාකාරයි. සීයට 95ක්ම ඉන්නේ ෆන් එක බලාපොරොත්තුවෙන්. ඒ අතරම කොටසක් ඉන්නවා හොඳින් ගීත රසවිදින. ඒ බොහොම ටික දෙනයි.

 

මේ තුළ ඔබ තෘප්තිමත්ද?

අනුන්ගෙ සින්දු කියන අය ඉන්නවා. ඔවුන්ට ගායන හැකියාවක් නැහැ. අනුන්ගෙ සින්දු කියන අය මම ගායකයන් ලෙස හඳුන්වන්නේ නෑ. මට ඒ දේවල් හිතට අමාරුයි. මේ ක්ෂේත්‍ර‘යේ කනගාටුදායකම දේත් ඒක.

චාමික

මමත් එහෙමයි. ඒ මතේ මමත් ඉන්නවා. අවුරුදු දහයක් වෙනවා මම මේ ක්ෂේත්‍රයට ඇවිත්. මම ඉදිරියට ආවේ මගේ ගීතවලින්.

ආත්මා

මෙහෙමයි, තාත්තගේ ගීත ගායන කිරීම ගැටලුවක් නෙමෙයි, ඒක ඔවුන්ට තියෙන ලේ උරුමයක්.

චාමික

දැන් ජීවතුන් අතර නැති ගායකයන්ගේ ගීතවලට තාමත් ඉල්ලුම තියෙනවා. ඔවුන්ගේ පුතාලට ඒ ගීත ගායනා කළ හැකි නේ.

 

හැදෑරීම කියක කාරණය ගායකයෙකුට කෙතරම් අදාළයිද?

ආත්මා

තාක්ෂණය කියන එක මාර ලෙඩක්. ගායකයන්ට සජීවීව ගයන්න බැහැ. එක්කෝ එය පරම්පරාවෙන් එන්න ඕන.

චාමික

ගායනා කරන්න බැරි කෙනෙක්ට නෙමෙයි එක තියෙන්නේ දැලිපිහියෙන් කතාවම තමයි දැන් කරන්නේ බෙල්ල කපන එක. විශ්වවිද්‍යාල ගිහින් හෝ වෙන යම් පාඨමාලාවලින් ලැබෙන්නෙත් අත්දැකීම් හා අත්විඳීම්. පොඩි කාලේ ඉඳන් දකින අහන දේවල් තමයි නිර්මාණය වෙන්නේ. ඒකට පදනම කුඩා කාලේ ඇසුණ දේවල්.

 

හෙට දවසේ මේ ක්ෂේත්‍රයට එන පරම්පරාවට මොනවද කියන්න තියෙන්නේ?

ආත්මා

මම දකින්නේ ගායකයාට සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ දැනීම තිබිය යුතුයි. ගායනය කරන අයම වාදනයත් කරනවා නම් එය සාර්ථකයි.

චාමික

ගායනයට වාදකයෙක් වීම හොඳ ආභරණයක්. ඒක දැනගෙන එන්න ඕන.

 

නිදුක් මදුෂික/ඡායාරූප - තිසර ගංගාදර

 

2016-11-23-ent-109
2016-11-23-ent-107



අදහස් (0)

එක වගේ දෙන්නෙක් - ආත්මා සමග චාමික

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site