පුත්තලම සේනකුඩිඉරිප්පුවේ යකඩ කඩ දෙකක් හා සිල්ලර කඩයක් අද අලුයම කඩා මුදල් පමණක් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි මුදලක් මේ කඩවලින් සොරකම් කරන්නට ඇතැයි කියති.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
එක රෑට කඩ තුනක් කඩයි
සුබේ Thursday, 03 July 2014 12:28 PM
ඒ උනාට අපේ ඇමතිතුමෙක්ගෙන්, රටේ ආර්ථිකය ගැන අහල බලන්නකෝ. ලංකාව දිව්‍යලෝකයක් කියල ඔප්පු කරලා පෙන්නයි. (නදී)
ධම්ම Thursday, 03 July 2014 12:29 PM
අන් අය සමග තරඟයට නොයා ලැබෙන මුදලින් ජීවත් වෙන්න පුරුදු උනොත් ලංකාවේ ජීවත් වෙන්න හොරකම් කරන්නම ඕන නැහැ. ඉරිදා පොලේ නැති උනත් බලන්ටකෝ සුපර් මාර්කට්වල පොරකන සෙනඟ. (නදී)
තිලක් Thursday, 03 July 2014 12:54 PM
ධම්ම ඔබ ඉතාම නිවැරදි . ඔබට හිසනමා ආචාරකරමි . (දී)
සම්පත් Thursday, 03 July 2014 01:23 PM
රටේ ආර්ථිකය අමාරුයි කියල අනුන්ගේ දේවල් හොරකම් කරලා හරියනවද? ධම්මගේ අදහස නිවැරදිය. කන්න නැති උනත් හවස හයෙන් පස්සේ බාර් දිහාව බලපුහම පේනවා මිනිස්සුන්ට බොන්න මොන තරම් ආර්ථික හයියක් තියනවද කියල. (ස)
චතුර Thursday, 03 July 2014 01:31 PM
පුත්තලම කියන්නේ ලංකාවට කුඩු, ගංජා එන තැනක්. මම දන්නා කීප දෙනෙක්ම ලගදි කුඩු වලට පුරුදු උනා.... (ස)
ලක්ෂපාන Thursday, 03 July 2014 01:46 PM
හොරු සියල්ලම කුඩු ගහන අයද ? හොරු සියල්ලම කන්න නැතිකම නිසාම හොරකම කරනවාද ? හොරකම් නොකර ජීවත් වෙන්න හැකියාවක් ඇත්තෙම නැද්ද ? හොරකම් කම් කරන්නේ ළමයිට කන්න දෙන්නමද ?. අපේ රටේ දුප්පතාට කිසිම සරණක් නැති බව ඇත්ත. ඒත් හොරකම් කරන්නේ බඩ පුරවා ගන්නම නොවෙයිනේ. (නදී)
කාන්ති Thursday, 03 July 2014 01:58 PM
කන්න බොන්න වත් නැහැ කියනවා. බලන්න, මගුල් ගෙවල් වලට ණය අරගෙන කරන්න බැරි මට්ටමට මගුල් කනවා. බොරු සෝබනේට පඩිය ඉවරයි. ඉන්පසු දරුවෝ පවුලට එකතු වෙනකොට තාමත් විවාහයට ගත්ත ණය ඉවර නැහැ. ඊළඟට ඉතින් තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට ආණ්ඩුවටයි එහෙම නැතිනම් පිටරට ගිය උදවියටයි බැන බැන ඉන්න තමා තියෙන්නේ (නදී)
භානු Thursday, 03 July 2014 02:03 PM
සමහර උදවිය කවදාවත් තමන්ගේ ආදායමේ හැටියට වියදම් කරන්න දන්නේ නැහැ . අල්ලපු ගෙදර උදවියට දෙවැනි නොවෙන්න ජීවත් වෙන්න ඕන කියල හිතන අයත් ඉන්නවා. ආදායමට නොගැලපෙන සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් මොනවාද කියලාවත් සමහරු දන්නේ නැහැ. ඉතින් හැමදාම ආර්ථික ප්‍රශ්නම තමා. (නදී)
පිටිගල Thursday, 03 July 2014 02:04 PM
මේකත් කාගේ හරි ගිණුමකට බැර කරලා ප්‍රකාශයක් නිකුත් කරන්න. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. (නදී)
ගජමන් Thursday, 03 July 2014 02:06 PM
දැන් පුත්තලමේ බූරුවෝ නැද්ද? මට දවසක් අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මම පුත්තලම් බූරුවා වගෙයි කිව්වා. මොකද මන් දන්නේ නැහැ. (නදී)
කුමාර Thursday, 03 July 2014 02:07 PM
සමහර වෙලාවට ගෙදර නෝනා ආර්ථිකය කලමනාකරනය කර ගන්න නොදැනීම නිසාත් , මහත්තයාගේ සල්ලි හරි හම්බ කරන්න පුළුවන් සීමා නොදැන නිතර කන් කරච්චල් කරන එක නිසාත් මිනිස්සු සොරකමට පෙළඹෙනවා. අපේ ගමේ කෙනෙක් එහෙම තත්වයකට පත් වුනා. (නදී)
කෙවින් Thursday, 03 July 2014 02:14 PM
සොරකම් කරලා ලැබෙන දෙයින් පවුල ජීවත් කෙරෙව්වා නම් යාදෙයිද ? (නදී)
කවින්ද Thursday, 03 July 2014 11:42 AM
රටේ තත්ත්වය තමයි මෙයින් තේරෙන්නේ. ජනතාවගෙන් 80% ගේ ආර්ථික තත්ත්වය බොහොම කණගාටුදායකයි. නාස්තිය හා අපරාධ හොඳටම ඉහළ ගිහින් (නි)
තබුක් සිල්වා Thursday, 03 July 2014 11:56 AM
කුඩු වසංගතය රට තුල දුරු නොකලොත් දෙවියන්ගේම පිහිටයි අපේ ශ්‍රී ලංකාවට (නදී)
රොශාන් Thursday, 03 July 2014 12:07 PM
මේකට කුඩු ගාවගන්න එපා පවුල් පිටින් වැව් වලට පැනලා මැරෙන කාලයක් මේක. ජිවත් වෙන්න බෑරි නිසා කියක් හම්බ කලත් වේලක් ඇර වේලක් කන්න වත් විදියක් නැති කාලයක් මේක (නදී)