උතුරු මැද පළාතේ නිසි අධ්‍යාපනයක් නොලැබූ දේශපාලනඥයන් වැඩි පිරිසක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වන තමාගේ බලය ද ඉක්මවා කටයුතු කිරීමෙන් පළාතේ අධ්‍යාපන පහත වැටී ඇති බව කියමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ අත්සන හොරට යොදා යැවූ බව කියන ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අනුරාධපුර විශේෂ විමර්ශන ඒකකය කියයි.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය මෙන්ම පළාත් අධ්‍යක්ෂවරියගේ අත්සන ද යොදා 2014.05.07 දිනැතිව ‘අධ්‍යාපනයේ ගුණාත්මක බව නැංවීම‘ යන ශීර්ෂයෙන් පළාතේ සියලු විදුහල්පතිවරුන් වෙත මේ ලිපිය යවා ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි..
එවැනි ලිපියක් විදුහල්පතිවරුන් වෙත යවා ඇතැයි දැනගත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් ඩබ්ලිව් එම් සේනාරත්න මහතා හමුවී විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ඇතැයි පොලිසිය පවසයි.
ඒ අනුව අනුරාධපුර විශේෂ විමර්ශන අංශයෙන් පරීක්ෂණ ඇරැඹීය.
උතුරු මැද පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පළාත් දේශපාලනඥයින්ගෙන් වැඩි පිරිසක් නිසි අධ්‍යාපනයක් නොලැබූවන් වීම හේතුවෙන් හා ඔවුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ තනතුර ද ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් පළාතේ අධ්‍යාපනය පහත වැටී ඇති බව ද එම ලිපියේ සඳහන්ය.
රටේ ජනතාවගේ මුදලින් පාසල් තුළ ඉදි කරන සියලුම ඉදිකිරීම් කටයුතු දේශපාලනඥයන්ගේ පෞද්ගලික ධනයක් නොවන හෙයින් උතුරු මැද පළාතේ පාසල් තුළ සිදු කෙරෙන සියලු විවෘත කිරීම් හා උත්සව මින් ඉදිරියට නොකළ යුතු බවත්, මේ වන විට අවසන් කර ඇති සියලු ව්‍යාපෘති ලිපිය ලද දිනයේ සිට දරුදැරියන්ගේ ප්‍රයෝජනයට ගත යුතු බවත් එම ලිපියෙන් විදුහල්පතිවරුනට උපදෙස් දී ඇත.
පළාත් අධ්‍යාපනය දියුණු කිරීමේ පළමු පියවර ලෙස පාසල් ළමයින්ගේ අධ්‍යාපනයට බාදා වන පරිදි පාසල් තුළ දේශපාලන උත්සව නැවැත්වීමට කටයුතු යොදා ඇති බවටත්, කිසියම් පුද්ගලයකුගේ අවශ්‍යතාවක් මත එවැනි උත්සව සංවිධානය කළහොත් දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම ලිපියෙන් විදුහල්පතිවරුනට අවවාද කර තිබේ.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට හෝ පළාතේ දේශපාලනඥයන්ට නොකමැති බව කියන පිරිසක් එම ලිපිය මාධ්‍යවෙත ද යවා ඇතැයි දැනගන්නට ඇත.
කිසිදු දිනක තමා එවැනි ලිපයක් යවා නැති බවත්, සිද්ධිය දැනගත් විගස පොලිසියට පැමිණිලි කළ බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී එස් ඩබ්ලිව් එම් සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාගේ මුදල් වලින් දෙන පාසල් නිල ඇඳුම් දේශපාලකයන්ගේ දෙපා වැඳ ළමුන් ගන්න ඕන නෑ. මහජන මුදලින් සාදන දේවල් වලට දේශ පාලකයන්ගේ නම් දාන්න දෙන්නත් ඕන නෑ. අපේ ළමයින්ට පොඩි කාලේ ඉඳල උගන්නන්නේ කොන්ද නමාගෙන ඕන කෙනෙක් ඉස්සරහ වැඳ වැටෙන්න විතරයි. වඳින්න පුදන්න ඕන සුදුසු කෙනාට විතරයි. (ස)
ලිපියේ නම් කිසි වරදක් නොපෙනේ. එක තමයි විය යුත්ත. (ස)
සහතික ඇත්ත කියල තියෙන්නේ. (ස)
වැරදි වැඩ කරන්න එපා (දී)
කවුරු කළා උනත් ප්‍රශංසා කරන්න ඕන වැඩක්. යවපු කෙනාට උසස්වීමක් දෙන්න ඕනෙ. රට හදනවා නම් නියම ආදර්ශයක් කාටත්. (ස)
කවුරු කළත් මේක හොද ලිපියක්. ඇත්ත වශයෙන්ම විය යුත්තේ මෙයයි.(දිල්)
ඇත්ත නේන්නම්(දිල්)
වරදක් වී ඇති බව තේරෙනවා (දී)
එම ලිපියෙන් දී ඇති නියෝග ක්‍රියාත්මක කලානම් හරියට හරි. (ස)
පළාත් අධ්‍යක්‍ෂතුමිය කරන්න ඕන වැඩක් ඇගේ අත්සන හොරට ගහල හරි කවුරුන් හෝ කරලා තියෙන්නේ හොඳ වැඩක්. (දී)
මේ වගේ උදවියට උඩගෙඩි දෙන්න ඇතැම් මාධ්‍යත් තියනවා. නිහඬ අවංක සේවයක් කරන දේශපාලකයන් ගැන කිසිම සඳහනක් නැහැ . (දී)
අත්සන් හොරට ගහනවා කියන්නේ විශාල වරදක් (දී)
කවුරු යැවුවත් සහතික ඇත්ත කියල තියෙන්නේ.(අ)
මා සිටින රටේ කම්කරු රැකියා කරන උදවියටත් උපාධි හෝ වෙනත් වෘත්තීය සුදුසුකම් තියනවා. මීට වඩා මම නොකියන්නේ සමහරු මට ඔයා ඉන්න රටම වෙලා ඉන්න අපිට මේ ක්‍රමය හොඳයි කියන්න ඉඩ තියෙන නිසා. (ස)
මොකක් උණත් කතාව ඇත්තනේ. අධ්‍යක්ෂතුමියට ඇත්ත තිත්ත වෙලා වගේ.... (දී)
මේ තත්වයට චන්ද දායකයොත් වග කියන්න ඕන. කැරට් අල පෙන්නපු ගමන් , හිනාව දාපු ගමන් උඩ පැනලා චන්දෙ දෙනවා. (දී)
මෙන්න නියම වැඩකාරයෙක්. මමත් ඉන්නේ අනුරාධපුර, කව්රු කලත් ඉතාම හොඳ වැඩක් මේ කරලා තියෙන්නේ.ලංකාවේ දේශපාලනේ නිසා ඉගෙන ගත්ත අයට තැනක් කවද්ද ලැබුණේ? (ස)
මේ අදහස උතුරු මැදට පමණක් නොව මුළු ලංකාවටම වලංගු වේවා.වැරදි වැඩක් උනත් බොහොම සාදාරන අදහසක්. (දී)
මේ ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට නෙමෙයි ඉගිල්ලෙන්න දඟලන කුරුල්ලො ඔක්කොටම වදිනව.!!ෂෝක් ගල් පාර.???? (දී)
අධ්‍යක්ෂ තුමිය ට තරු පෙන්නේ එතුමියගේ ආසනයටත් කවුරු හරි වග කියපු දවසට තමයි. (ස)
හොර වැඩ වලින් වැඩ කර ගන්න එක හරි නැහැ නේද (දී)
මට මේ මොහොතේ මතක් වෙන්නේ නාම යෝජනා දෙන කාලයේදී පුවත්පත් වල තිබුන කාටුන් ටික . සමහර අපේක්ෂක උදවියට විලි වසා ගන්න කියලා සාරී ලැබෙන එකකුත් තිබුණා. (ස)
වර්තමාන පාලනයේ දරුණුතම පරිහානියක් ලෙස අධ්‍යාපනයේ නුතන ගරාවැටීම සඳහන් කරන්න පුළුවන්. (නි)
සහතික ඇත්ත. අපේ මුදල් වලින් ඉදිකිරීම් කරලා අපේ මුලින්ම උත්සව පවත්වලා අපට දෙන්නේ හරියට ඒ අයගේ පෞද්ගලික මුදලින් කළා වගේ. (දී)
කරන්න පුලුවන් නම් හොඳ දෙයක් කියලා තියෙන්නේ (නි)
මේ ලිපියේ ඇති වැරැද්දක් මට නම් නොපෙනේ (නි)
අපේ දේශපාලුවන් ගෙන් වැඩි පිරිසක් නූගතූන් බව කවුරුත් දන්න දෙයක්නේ.බොරුවක් නෙමෙයි සහතික ඇත්ත කියල තියෙන්නේ.දැන් බලන්න පලා බබ්බුන් ගෙන් වැඩි හරියක් ඉන්නේ හිරේ නැත්නම් රිමාන්ඩ් එකේ නූගත් කම නිසා තමයි අපරාධ වලට පෙලබෙන්නේ.(අ)
උගත් කමයි දේශපාලනයි පටලවා ගන්න එපා . උගත් අයට ලේසියෙන් දේශපාලනය කරන්න බැහැ , මොකද එයාලට සමාජ ගත වෙන්න හරි ම අමාරුයි , බොහොම සුළු කොටසක් ඉන්නවා . බහුතරයට බෑ . දේශපාලනය කරන්න , හැම තැනකටම එබෙන්න ඕනේ , හැමෝම එක්ක කතා කරන්න , බොරු පොරොන්දු , බොරු කතා නැතිව චන්ද දිනන්න බෑ , කේවල ක්‍රමය හෝ සමානුපාතික ක්‍රමය හෝ වෙනසක් නෑ. සමානුපාතික ක්‍රමයේදී ඇති විශාල මුදල් කන්දරාවක් වියදම් කල යුතු අතර මිනිසුන් උගත් , වැදගත් , නිහතමානි වූ පමණින් චන්දය දෙන්නේ නෑ. (ස)
අනේ කාන්ති ...ඔයා කියන නිහඬ අවංක අව්‍යාජ සාධාරන දේශපාලකයින් ශ්‍රී ලංකාවෙ නම් නෑ. ඔය ඉන්න රටේ සමහර විට ඇති. ලංකාවේ මාධ්‍ය කරුවා කරන මෙහෙවර නිසා අද බොහෝ දේශපාලකයන්ට තමා ගන්න යන කොමිස් මුදල ගැන දෙවරක් හිතන්න වෙලා. (ස)
කවුරු කිව්වත් වැඩේ ඇත්ත (අ)
ප්‍රයෝජනවත් ඉදිකිරීම් වලට මහජන මුදල් යෙදවීම සම්බන්දව ප්‍රශ්නයක් නැහැ . .අවැසි නැති උත්සව වලට මහජන මුදල් නහස්ති කිරීම අනුමත කරන්න බැහැ .කවුරු බෙදුවත් වටින ලිපියක් . (අ)
වර්තමාන පාලනයේ දරුණුතම පරිහානියක් ලෙස අධ්‍යාපනයේ නුතන ගරා වැටීම සඳහන් කරන්න පුළුවන්. තමන්ගේ පෞගලික ජීවිත නිවැරදි කරගන්න බැරි මිනිස්සු ජාතික මට්ටමින් අධ්‍යාපනයේ මුර දේවතාවුන් කරපු හැම නායකයාටම මේවට වන්දි ගෙවන්න වේවි. (අ)
ලියපු කෙනා හොයල තෑගි දෙන්න ඕනේ. ලංකාදීපෙට ස්තුතියි, ලියුමේ කොටසක්වත් පළකළාට. (අ)
දැන් කවුද බලයට තමන් සුදුසු යැයි කියාගෙන ඉදිරිපත් වෙන්නේ? කිසිම උගත්කමක් පිළිගත් ආදායම් මාර්ගයක් නැති උදවියනේ. (නි)
හොඳ වෙලාවට ඉහළ පෙළේ බලවතුන්ට සිහිනුවණ තිබෙනවා. (නි)
මසුරන් වටිනා කතාවක්. උතුරු මැදට විතරක් නෙමෙයි, හැම පළාතකටම ගැළපෙනවා (නි)
මතක නැද්ද එක පාරක් උගත් ප්‍රාදේශීය ලේකම් වරියකට සිද්ධ වුන දෙය. තමන්ට මැඩම් කියල කතා කලේ නැහැ කියල .මේවා කොසොල් රජු ගේ සිහින සැබෑ වෙන බවට පෙර නිමිති. (අ)
කොච්චර හොදද ඒ ලිපිය. පළාත් අධ්‍යක්ෂක ඇත්තටම කරන්න ඕන වැඩක් නේ. (අ)
මොනවා වුණත් කතාව නම් ඇත්ත (නි)
ලෝකයේ දියුණු ඕනෑම රටක දේශපාලනයට එන්න උගත්කම එක සාධකයක්. එහෙත් අපේ රටේ උගත්කමක් නැතුව කරන්න තිබෙන එකම රක්ෂාවත් දේශපාලනය විතරයි. ඉතින් මෙහෙවූ රටක එහෙම අය රටේ දේශපාලනය කළොත් රටට වෙන දේ තමයි මේ ලිපියෙන් කියලා තියෙන්නේ. කිසිදු වරදක් පෙනෙන්නේ නැහැ (නි)
දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ (දී)
දේශපාලනය කියන්නේ මොකද්ද කියලා දන්නවද මිනිස්සු (දී)
එක නෝනා කෙනෙක් කියල තියනවාලු ඉස්සර රජවරුන්ට මොන උපාධිද ? මම පත් වුනොත් දැන් ඉන්න උපාධිකාරයන්ට වඩා මම වැඩ පෙන්නනවා කියල . දැන් කට්ටිය දෙන්නකෝ උත්තර .! (දී)
අපි කියලා මොනවා කරන්නද මහත්තයෝ (දී)
මමත් වරදක් දකින්නේ නැහැ (දී)
අහම්බෙන් හරි මෙවැනි දෙයක් කරපු එක හරි තමයි. මේවට විමර්සන කලයුත්තේ එම පෙත්සමේ අඩංගු කරුණු වලටයි. නැතුව අත්සන කාගේද කියන එක නොවේ. (දී)
උගත්කමක් මොනවාටද ? කටින් බතල කොළ හිටවන්න හැකි කමයි , ජන මන පිනවන රුපයක් තිබීමයි හොඳටම ප්‍රමාණවත්. (දී)
මම මේ ක්‍රියාවේ වැරද්දක් දකින්නේ නැහැ (දී)
පළාත් අධ්‍යක්ෂක කල යුතුව තිබුන දෙයක් වෙන අයෙක් හරි කල එක ගැන ලොකු දෙයක්. ලිපිය ලියපු කෙනාට ස්තුතිවන්ත විය යුතුයි. (දී)
මමත් නලින් මහත්මයාගේ අදහසට එකන්ගයි (දී)
හොර වැඩ හොඳ නැහැ (දී)
ශ්‍රී ගැමුණු , මම ඉන්නේ ලංකාවේ, . මම මට හැඟුණ විදියට කියන්නම් දැන් නැතිව ඇති ඒත් ඉස්සර හිටියා . දොස්තර රන්ජිත් අතපත්තු මහතා., තව ඉන්නවා බේරුවල ප්‍රදේශයේ මහත්මා දේශපාලනය කල දැන් නිහඬව තමන්ගේ වැඩක් බලා ගෙන සිටින කෙනෙක්. නම කියන්නේ නැහැ. අපිව දේශ ද්‍රෝහීන් ලෙස හංවඩු ගහන්න කට්ටියක් බලාගෙන ඉන්නවා. දැන උගත් ,මව් රටට හිතවත් ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිතුමා . එතුමාට අභියෝග කල හැකි විදේශ ඇමති තවම නැහැ.. ගැමුණු හිතුවේ මම මොන රටේ ඉන්නවා කියලද ? (දී)
"ලංකාදීප " ට ස්තුති !!.. ලිපිය යවපු හා ලියපු මහතුන්ටත් මගේ ප්‍රණාමය (දී).
මේ කතාව නම් හරියටම හරි...මේ ලිපියේ කිසිම වරදක් නෑ.(දී)
ශ්‍රී ගැමුණු ඔබ කුමන මාධ්‍ය කරුවාගේ මෙහෙවර ගැනද ඔය කියන්නේ ? ලංකාදීප ඇරෙන්න එක පත්තරයක් තියනවද , ඇත්ත ඇති සැටියෙන් පල කරන්න බය නැති . මෙවැනි ප්‍රජාතාන්ත්‍රික සංවාදයකට ඉඩ සලසන ? එහෙම නොවන ජනමාධ්‍ය තියනවානම් අපිටත් දැනගන්න කියන්නකෝ. (දී)