ඩයනා උදයංගනී
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ හමුදාවට සාවද්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලයක් යටතේ නඩු පැවරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසියේදී අද (19) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සෙවීමට දේශීය යාන්ත්‍රණයක් තිබුණේ නැති බව ඇය කීවත් ඒ වෙනුවෙන් දේශීයව කොමිෂන් සභා තුනක් තිබූ බව කී වීරසේකර මහතා ඒ එකකින්වත් කිසිම හමුදා ජෙනරාල්වරයෙක් වරදක් කළ බව තහවුරු වී නැතැයි සඳහන් කළේය.
ජිනීවා නුවරදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කීවේය.
‘ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීම පිළිබඳව මෙහිදී කතා කරනවා. නමුත් අද අප මේ ගැනත් කිව යුතුයි. යුද හමුදාවේ ජෙනරාල්වරු දෙමළ ත්රස්තවාදීන් පරාජය කළ නිසා දඬුවම් විඳින බව කිව යුතුයි.
මෙම ජෙනරාල්වරු යුද පෙරමුණේ සිටි අයයි. ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් පවා හෙළා දැකපු එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂඥ වාර්තා වේ අඩංගු සාවද්‍ය යුද අපරාධ චෝදනා ජිනීවා මහ කොමසාරිස්වරිය පිළිගෙන තිබෙනවා. අපේ ජෙනරාල්වරුන්ට විරුද්ධව සර්ව ලෝක අධිකරණ බලය යටතේ නඩු පැවරිය යුතුය කියා ඇය සිතනවා.
දේශීය යාන්ත්‍රණයක් තිබුණේ නැත කියා ඇය කියනවා. එය සත්‍යයෙන් තොරයි. මේ ගැන සෙවීමට දේශීය කොමිසම් තුනක් තිබුණා. ඒ එකකින් වත් මේ කිසිම ජෙනරාල්වරයෙක් කිසිම අපරාධයක් කළ බව ඔප්පු වී නැහැ.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීම පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය කනස්සල්ල පළ කරනවා. ජනාධිපතිවරයා ඔහුව පත් කළේ සුදුසුකම් මතයි. එය අපේ අභ්‍යන්තර කටයුත්තක්. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව ඇයට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්න බෑ.
මහ කොමසාරිස්වරිය සමූහ මිනී වළ ගැනත් කතා කරනවා. අතුරුදන් කාර්යාලය කාබන් කාල නිර්ණය කිරීම සඳහා එහි සාම්පල යැව්වේ යුද හමුදාවට වගකීම පවරන්නයි. නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ ඇටකටු වසර 600 ක් පැරණි බවට දැන් සනාථ වී තිබෙනවා .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළල්ලු දී කිරට සාක්කි කියති!
මෙතුමා පමණයි රට වෙනුවෙන් පෙනී සිටින්නේ.
කාගේ නිවට කමටද? දැන් ඉන්න පාලකයින්ගේ නිවට නියාලුකම නිසානේද? මොවුන් අපේ රටේ නායකයින් හැටියට හඳුන්වා දෙන්න පුලුවනිද? කොන්දක් නැති නිවට නායකයෝ. රටේ දන්තධාතුන් වහන්සේ වැඩසිටින නිසා 2005 ආණ්ඩු පෙරලියක් වුනේ. මොවුන් දිගටම සිටියා නම් මේ වනවිට රට දෙමලාට දීලා. අපි කල්ලතෝනිවෙලා...
සමනල්ලුු රෑට පාලනය කරන කොට ශිවාජිලා එන එක අහන්න දෙයක්ද?
ඉතින්, අපිට කියන්නේ ඇයි? ගිහින් පුළුවන් නම් එපා කියනවා. නැත්නම් නඩු දානවකෝ පුළුවන් නම්. ලොකු ටෝක් දුන්නට බල්ලෙක්වත් ගණන් ගන්නේ නැති පුස්සෝ එකතුවෙලා... තවත් මේ රට කන්න හදනවා. මේ ආණ්ඩුව ඒවා ගානට බලාගනියි. නැත්නම් ගස් යන්න වෙන්නේ අපිට නෙමෙයි මානව අයිතිවාසිකම් කඩ කරපු අයට...
මතයක් පළ කිරීම අත දැමීමක් නොවෙයි. පහුගිය කාලේ හරියට විදේශ භාෂා දැනුමවත් නැති උදවිය ජිනීවා ගිහින් මොකද කරේ? විදුලිපුටු කතා මෙහේ කියද්දි ඇයි ඒ කාලේ මෙයාව යවන්න බැරි වුනේ?
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න මහත්තයෝ, මෙතන නිකම් මෝඩයින්ට අං තබන සෝබනකාරයෙක් වෙන්නේ නැතුව...
හලෝ, බමුණු වහන්සේ. දන්තධාතුන් වහන්සේගේ බලය දැන් අඩු වෙලාද? නිකන් ඉන්න මහත්තයෝ ගොන් කතා කියන්නේ නැතුව..!
සරත් මහතාණෙනි, සිවාජිලිංගම් මානව හිමිකම් කොමිසමේදී ලංකාව තුනට කඩන බව කියා තිබෙන බවත් විශාල කාලගෝට්ටියක් ඇතිවුණු බවත් අද පුවත් පතක පලවී තිබුණා. කඩන්නේ උතුර, නැගෙනහිර සහ මා විසින් මීට පෙර පෙන්වාදී බැණුම් අැසූ වතුදෙමලුන්ගේ උඩරට පලාත් වේ. ජාති ජන්මයක් නැති රනිල් වැන්නවුන් මෙරට හතරට කැඩීමට පෙර සිවාජී සමග ඉතුරු හරිය විසඳීම නාන්නාඳුනන තුවක්කු කරුවෙකුට භාරදීමට සිදුව ඇත. අපේ කාලේ සිවාජිලාට "හ්ම්" කියන්න ඉඩතැබුවේ නැත. දෙමළ ජනගහනය අඩු කරන්න ඔය ටිකම සිංහල අපිට ප්‍රමාණවත්...
'ගෙයි ගින්දර පිටට එපා' කියා කියමනක් තියෙනවා. පක්ෂ පාට කුමක් වුවත්, අපේ දේ ගැන මේ කොමසාරිස් වරියගේ බලපෑම්වලට අප කැමති නැහැ. වීරසේකර මහතා ඇතුළු යුධ වීරයන් හා යුද්ධය මෙහෙය වූ ජන නායකයන් නැතිනම්, අද අපේ රට ප්රභාකරන් අතේ. එය නොදන්නා අය ගුණමකුවන්. ඒත්, පෙර නායකයන් කළ හොර මැරකම් අප අනුමත කරන්නේ නැහැ. එය අප රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්... ඒවා දඩමීමා කරගෙන රණවිරුවන්ට දඬුවම්දීමට විදේශීය අංශවලට ඉඩදීමට බැහැ. ඒ අය බින්ලාඩන් අල්ලන් ගිහින් මරා දැමීම ගැනත්, විදෙස් නීති හෝ නොසලකා වෙනත් රටවලට පහර දෙනවිට නැති මානව හිමිකම් නීතිය ප්රභාකරන් ඇතුළු කොටි කල්ලියට ලබාදීමට දඟලනවා. ප්රභාකරන් ඇතුළු කොටි කල්ලිය කියන්නේ බින්ලාඩන් ඇතුළු ත්‍රස්ත කල්ලිය වගේම භයානක කල්ලියක්. බින් ලාඩන් හා එම කල්ලියට නැති මානව හිමිකම් ප්රභාකරන් ඇතුළු කල්ලියට ලබාදීමට වෙහෙසීම සාධාරණ දෙයක් වෙන්නේ කොහොමද?
කොන්ද පණ තියෙනවා නම්... හොරුන්ට තමන්ගේ ඇත්ත නමින් කඩේ යනවකෝ...
මේ බමුණුආරච්චි හැම දෙයක්ම ගැන දන්නා, හැම දෙයක් ගැනම තීරණ ගැනීමට පුළුවන් කෙනෙක් හැටියටයි පෙනී සිටින්නේ. මහා දැනමුත්තා වගේ නොදන්නා දෙයක් නැහැ. ඔහු හිතන්නේ ඔහු හිතන හැම දේම හරි කියලයි. රට, ජාතිය, ආගම ගැන ඔක්කොම දන්නෙත් ඔහු විතරයි. දෙමල , මුස්ලිම් ජනතාව ගැන දන්නෙත් ඔහු විතරමයි! විශේෂඥයින්ගෙනුත් විශේෂඥයෙක්! එයින් හැඟෙන්නේ ඔහු තුට්ටුවකට මායිම් කරන්න නුසුදුසු මෝඩයෙක් බවයි !