ඌව පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් බදාදා (17) සිට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 12000ක් යොදවා මොණරාගල හා බදුල්ලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජංගම සංචාර සහ මාර්ග බාධක සඳහා විශේෂ කාර්ය බළකාය යෙදවීමට ද නියමිතය.
බදාදා (17) රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට නොහැකි බවත්, මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රථ පෙළපාළි, පාපැදි පෙළපාළි හෝ වෙනයම් ආකාරයක පෙළපාළි ගමන් කරන සහ කටවුට් සහ පෝස්ටර ප්‍රදර්ශනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාටද දැන් පොලිසියෙන් දාන්නේ ? කරන්න ඕන හරිය දැන් කරගෙන ඉවරයිනේ (නදී)
දැන් පොලිසියේ 120,000,000 දැම්මත් වැඩක් නැහැ.පෙරහැර ගිහිල්ල ඉවරයි මේ අයත් එකම පැත්තෙනේ (අ)
පියුමි තාම පෙරහැර ගියේ නැහැ. 21 දා නිදිමරන්න එපා. කට සෝදා ගෙනම ඇවිත් රුපවාහිනිය බලන්නකෝ. (අ)
රටේ නීතිය හා සාමය රැකීමට ත්‍රිවිධ හමුදාවම බැදී සිටිනවා.හමුදාවේ 2000 ක් ඇරියා නම් ඇති පොලීසියට පෝස්ටෙර්,කටවුට් ගලවන්න ඉඩ දීලා! (ස)
ඔය කොපමණ වියදම් කලත් අන්තිමේ ඡන්දය ලැබෙන්නේ ගැමියාගේ දුක හඳුනාගත්, මරණයකට, මගුලකට සහභාගිවෙන සමාජ සේවයට කැපවී සිටින දේශපාලනයෙන් මුදල් මඩි නොගැසූ යු.ඇන්.පී හරීන්ටයි.(නදී)
ආලෝකයක් අද මෙහි හැම තැන පැතිරේ - ඇයි තව තවත් ඔබලා ඉන්නේ අඳුරේ - කරුණක් කියන්නම් අහගන් මගේ මිතුරේ - වැඩි ගණනකින් දිනනවා අපේ සශින්දරේ. (ස)
බදාදා (17) රාත්‍රී 12න් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට නොහැකි බවත්, මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රථ පෙළපාළි, පාපැදි පෙළපාළි හෝ වෙනයම් ආකාරයක පෙළපාළි ගමන් කරන සහ කටවුට් සහ පෝස්ටර ප්‍රදර්ශනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.( මෙය විපක්ෂයට පමණක් අදාල බව කරුණාවෙන් සලකන්න ) (නදී)
ඡන්දයට උදව් කරන්නද ? (නදී)
මේ කොහොම උනත් මරා ගන්නවා (දී)
මේ රටේ ඡන්දයක් පැවැත්වෙන්නේ හරිම සාමකාමීව. කිසිම කෙනෙක් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ නැහැ. පොලිසියේ ආරක්ෂාවකුත් ඕනෑ නැහැ. පුරවැසියෙක් ඡන්දය නුදුන්නොත් දඩයක් ගෙවන්න ඕනෑ.තමන් කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. ඇයි අපේ රටේ එහෙම වෙන්නේ නැත්තේ? (නි)
පක්ෂය කුමක් උනත් වරදට නිතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)
මෙහෙම බයේ චන්ද කරලා වැඩක් තියෙනවද (දී)
අනේ කියවෙනවා නේද (දී)
මේවාට කියන්නේ මැතිවරණ කියලාද (දී)
අපි අධි සුඛෝපබෝගී වාහන වල ගමන් ගියාට රු. එක්ලක්ෂ පනස් දාහේ සපත්තු දැම්මට විලි වහ ගන්න ටයි කෝට් ඇන්ඳට තවම ජීවත් වෙන්නේ ගෝත්‍ර සමාජ වල. මේවා ට ඡන්ද කියන්නේ ජනතාව රවටන්න. නියම වචනය "ගෝත්‍ර යුද්ධ" (නදී)