ඌව පළාත් සභාවේ මහ ඇමැති ධූරයෙන් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඉවත් කර ඒ වෙනුවට හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම සහ ඌව පළාත් සභාවේ නව මහ ඇමැති මණ්ඩලය පත් කිරීම බල රහිත කරන ලෙස ඉල්ලා ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු අද (9) අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරන ලදි.
ඌව පළාත් සභාවේ හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හා එම පළාත් සභා මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ හිටපු ආණ්ඩුකාර නන්ද මැතිව් ඌව පළාත් සභා මහ ඇමැති හරීන් ප්‍රනාන්දු ඇතුළු 42 දෙනකු නම් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරයාට පවරා ඇති බලතල ඉක්මවා යමින් මෙම පත්වීම් කර ඇති බැවින් එම සියලු පත් කිරීම් බල ශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් පැහැදිලි බල තන්හාව. තනතුරු ගන්නේ රටට සේවයක් කිරීමට කියන එක තමයි ප්‍රතිපත්තිය විය යුත්තේ. වෙන කෙනෙක් ඒ තනතුරේ හිටියත් තමන්ට ඒ කෙනාට උදවු කරලා මග පෙන්වල සේවය කරන්න පුළුවන්නේ. දෙවියන්ගේ නාමයෙන් ඔය බල තන්හාව නැති කරලා අවංකව රටට සේවයක් කරන්න බලන්න. (අ)
අවුල් -හවුල් - නඩු ගොඩ - වල් (නදී)