(ප්‍රසන්න පත්මසිරි)

වත්මන් ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී හා හිටපු අමාත්‍ය අධිනීතීඥ කිත්සිරි සෙනරත් අත්තනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී  අද (29) හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 51 වන වියේ පසුවිය.

1999 වර්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනය නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරී පත්වූ ඒ මහතා මේ දක්වාම ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

1999 වර්ෂයේ දී ඌව පළාත් කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.