ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවේ මහ ඇමැති වන්නේ කොළයට පමණක් බවත්, ජනතාවගේ මහ ඇමැති තමා බවත් ඌව පළාත් මැතිවරණයේ දී වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් හරීන් ප්‍රනාන්දු මහතා අද (24) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
අඟහරුවාදා (23) පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ධුරයෙන් ඉවත් වූ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරය තමා බාර නොගන්නා බවත්, නැවතත් එම ධුරය සඳහා රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා කරන බවත්, ඊට වඩා ලොකු වගකීමක් ඌවේ ජනතාව වෙනුවෙන් තමාට පැවරී ඇති බවත් ප්‍රනාන්දු මහතා කීවේය.
‘මෙවර ඡන්දෙට ඉදිරිපත් වෙන්න මා පාර්ලිමේන්තුවෙන් එළියට එද්දි මගේ ළඟ තිබුණේ රුපියල් 19000යි. කවුරුත් මේ කියන දේ විශ්වාස කරන්නේ නැතිවෙයි. නමුත් මාගේ ළඟම ඉන්න අය දන්නවා.
මගේ ගෙදර වාහන හයක් විතර තිබුණා. ඒත් පාසල් ගියේ ආවේ බසයෙන්. රගර් සෙල්ලම් කර , ඒක තමයි ඇත්ත. මේ ඡන්දෙට මා ඉදිරිපත් වනවාට පියා අකමැති වෙලා හිටියේ. ඒ නිසා මේ ඡන්දෙදි පියාගෙන් උදව්වක් ලැබුණේ නෑ. මටත් ඕනෑ වෙලා තිබුණා තාත්තටත් පෙන්වන්න මට තනියම ඡන්දෙ කරග ගන්න පුළුවන් කියලා. සම්පූර්ණ ඡන්දෙට වියදම් කළේ මා නොවෙයි. මගේ නෑයො, යාළුවන් වගේම මා නොදන්න බොහෝ දෙනෙකු මට උදව් උපකාර කළා. මට උදව් කළ වැඩි දෙනෙක් මා අඳුනන්නෙත් නෑ. ‘
මං එක බත් පාර්සලයක්, අරක්කු බෝතලයක් බෙදුවේ නෑ. එරෙහි දුන්නා කියා ඔප්පු කළොත් පළාත් සභා විපක්ෂ නායක ධුරයෙන් මා අයින් වෙනවා.‘
හාලිඇළදී තමාට එල්ලවූ ප්‍රහාරය ගැන හා ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරාගේ හා නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ආසන පරාද වීම සම්බන්ධයෙන් ද ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනාම දෙය චන්දය දිනීම නෙමේ දේශපාලනයේ එකාධිකාරය නැති කීරීම ය. (දී)
ඌවේ ඡන්ද ප්‍රථිපල අහලා දිලාන්ට ජනපති බැන්නලු නේද ? (නදී)
ඔබ හරි - හරිදේ හරි විදියට කරනකොට රටටම හරියනවා. හරියට කරන කෙනාට හරියට සහය දෙන හරි ගොඩක් සෙනග ඉන්නවා. (නදී)
හරින් මහත්තයා දැන ගන්න නැතිවිගිය එක්සත් ජාතික පක්ෂ චන්ද විශාල ප්‍රමාණයක් ඔබතුමා නිසා නැවත නැවත කොළපාටට ආවා කියලා (දී)
දැන් කතා කරලා වැඩක් නැහැ මහත්තයෝ (දී)
පක්ෂේ පැරදිලා මෙයාග මනාප වැඩි උනාට වැඩක් තියනවද පුලුවන්නම් පක්ෂේත් දිනවල ඔයත් දිනන්න (දී)
එක එක්කෙනාට නොයෙක් අදහස් කියන්න පුළුවන් එත් ජනතා අදහස පැහැදිලි .....හරින් ගමන පටන් අරන් ජය වේවා . (දී)
ආඩම්බරයි ඔය වගේ අය තමයි රටට ඕනා. ගූඩ් ලක් හරින්. සුබ පැතුම්. (නදී0
බම්බුව තමා! තාම ටිකක් පරිනත වෙන්න කල් ගනීවි වගේ. (නදී)
හරින් ඔබ තුමාට අපි ඉත සිතින් ආශිර්වාද කරමු.. දැන් ඔය ප්‍රදේශයේ තරුණයන්ව හොඳට සංවිධානය කොට, ඒ අයට අනාගත වැඩ පිළිවෙලක් හදන්ඩ. කරමාන්තයක් දෙකක් ගෙන එන්ඩ. වතු කම්කරුවන්ට සුබසාදන වැඩ පිළිවෙලක් ගෙන එන්ඩ. ලබන පාර ඔබත් ගොඩ,රටත් ගොඩ. මොනරාගලත් එවැනිම වැඩ පිළිවෙලක් හදන්ඩ.(අ)
හරීන්ට ගණන් බලන්න තේරෙන්නේ නෑ වගේ. මෝඩ කතා කියන්න එපා. යූ. එන්. පී. එකට වෙලා තියෙන්නේ ඕක තමා. , පරාජය පිළි අරන් දිනන්න උත්සහ කරන්න(අ)
කොහොමත් ඔබේ ගමන අති සාර්ථකයි. (නදී)
හරීන් හරියට හරී .ඔබට සැමදා ජය .(අ)
බන්දුල මහත්තයට රු 200 ක් සමග බත් පැකට් එකක් ලැබිල වගේ (අ)
මිනිස්සු දන්නවා මහත්තයෝ ඇත්ත මොකද්ද කියලා (දී)
සමහරක් බත් බැලයන්ට ඔබේ ජයග්‍රහණය ඉවසන්න බැහැ වගේ අතහරින්න එපා ඔහොම යන් ඔහොම යන් දිමුතු මහත්තයෝ ඔබේ කියමන හරි (දී)
ජනතාවගේ චන්දයෙන් පත් වන නිසා මේ චන්ද ක්‍රමය වැරදියි කියලා තමයි මට හිතෙන්නේ (දී)
සුභපතනවා මහත්තයෝ (දී)
හරින් ඔයාට සුබ අනාගතයක් ජනතාව අතර ඔබ ඉන්නේ ඉහලින් (දී)
දැන් පරක්කු වැඩියි මහත්තයෝ (දී)
අවශ්‍ය දේ පමණක් කතා කරන්න. තමන් ගැන කියා ගන්න ඕන නැහැ. ලැබුණු චන්ද වලින් පෙනෙන්නේ ඔබ තුමාට විශාල පිරිසක් මනාප බවයි. එක හොදටම ඇති. (දී)
මම ඉන්නේ බුලත්සිංහල. අපිත් පාරම්පරික යූඑන්පී උනාට පහුගිය මැතිවරණ කීපයේම ජන්දය දුන්නේ නැහැ. දැන්නම් අනිවාර්යයෙන්ම ඊලග ජන්දයේදී ඡන්දය දෙනවා යුඑන්පී එකට. මොකද දැන් අපි දන්නවා දිනන්න පුළුවන් කියලා (නදී)
ඔබ පැරදෙන පක්ෂය ගොඩගත්තා (නදී)
ඔබ තමයි පක්ෂය ගොඩගත්තේ (නි)
මෙන්න බණ ජනතාවෙනි අසනු තුටින්. (දී)
එජාපයෙන් අලුත් නායකයෙක් ආවොත් තරගයක් තියෙයි (දී)
ඔබ තමා පැරදුන පක්ෂය ගොඩගත් එකම වීරයා. ඔබට සදා ජය! (නි)
මේ අවස්ථාවාදීන් හට කිසිම ප්‍රතිපත්තියක් නැත. මොවුන් ගේ එකම අරමුණ තම පැවැත්ම තහුරු කිරීම පමණි (දී)
ඔබයි විශාල මනාප ප්‍රමාණයක් ගත්තේ (දී)
හරින් ඔබට සුභපතනවා (දී)
ඕවා මහා ජනතාවට කියනවාට වඩා හොඳ නැද්ද එදා ඔය ව්‍යවස්ථාවට අත උස්සපු අයගේ කන්වලට කියන එක (දී)
හරීන් වේවා ඔබත් නායකයෙකු ඔබට පැහැදිලි අනාගතයක් ඇති බව පෙනේ (දී)
අනිල් රෝහණ මහත්තයෝ එතුමා කියන්නේ මහා ඇමති කියන්නේ සාමාන්‍යයෙන් පළාතෙන්ම වැඩිම මනාප ලබන තැනැත්තාට කියන එක. ඒ කියන්නේ ඌව පළාතේ 96000 දෙනා ශෂින්ද්‍ර මහත්තයට මනාපය දෙන කොට 173000 ක් දෙනෙක් හරින මහතාට මනාපය ලබා දුන්නා. ඒ කියන්නේ පළාතේ වැඩි දෙනෙක් කැමති හරින් මහතාට කියන එකයි. (නදී)
හා...හා... දැන් ඉරත් පායලා නිදාගත්තා ඇති හීන බල බල ඇබරෙන්න නැතුව නැගිටින්න හරින් පුතේ (දී)
ඔබ තමයි වැඩිම චන්ද අරන් තියෙන්නේ (දී)
හරින් මහත්තයාට සදා ජය (දී)
බන්දුල නිකන් දොඩවන්න එපා (දී)
බන්දුල බැරිද මාව හම්බුවෙන්න එන්න දවසක (දී)
හරිය පපුවේ දාගත්තාට වැරදුණා. දැන් ඉතින් ඔහොම කියමු. ඒ වුණාට පුටුවනම් ලබන්න බැහැ. රනිල්ගේ ගුලිය ගිල්ලා කිව්වේ ඕක තමයි. (අ)
පක්ෂේ පැරදිලා පළාත් සභාවේ බහුතරය ඇතිව සන්ධානේ දිනලා තියෙද්දී මෙයා ගැලරියට බයිලා ගහනවා..පළාත් සභාවක මහ ඇමති වෙන්නේ මනාප වලින් නෙමෙයි..ඒක පක්ෂයෙන් ගන්න තීන්දුවක්..ඒ තීරණය සන්ධානයට අයත් දෙයක්.. ඔබ තුමා ඔය ගත්ත මනාප ගාන රාමු කරලා උදේ හවස දුම් අල්ලන්න.. ශෂින්ද්‍ර මහත්තය ඒ මනාප ගත්තේ පක්ෂය දිනවල දෙවන වතාවටත් පළාත් සභාවේ බහුතර අරන් බලය පිහුටුවල..ඔබ තුමා කියක් ගත්තත් මොකටද මහත්තයෝ පළාත් සභාව පැරදිලා..මනාපේ වටිනා කම එන්නේ පක්ෂය දිනෙව්වනම් විතරයි මහත්තයෝ.නැත්නම් ලිස්ට් එකේ අන්තිමයත් එකයි..මුල එකත් එකයි... (දී)
අවංක පුද්ගලයෙක්!!! (නි)
කවුරු මොනවා කීවත් මොලේ පාවිච්චි කරලා වැඩේ බැලන්ස් කරපු උෟවේ ජනතාවට මගේ ප්‍රණාමය වගේම තරුණ නායකත්වයට මගෙන් සුබ පැතුම්. තව දෙයක් ලබපු ජයග්‍රහණය ගැන උදම් අනනාවට වැඩිය ඊලඟ ඡන්දෙට ලෑස්ති උනොත් තමයි නියම ප්‍රතිපල නෙලාගන්න පුළුවන් (නදී)
ඔබට ජය... මේ රටේ දේශපාලනය අපට අවශ්‍ය දිශාවට ගමන් කරන බවට හොද උදාහරණයක්. (නදී)
අපේ මහා ඇමති ඔබ තමයි හරීන් අයියේ (නදී)
ටිකක් කල්පනා කරලා අදහස් ප්‍රකාශ කරොත් හොදයි නේද හරීන් මහත්තයෝ. දේශපාලන පරිනත භාවය එක ඡන්දෙන් ලැබෙන්නේ නැහැ. අඩුවෙන් කටත්, වැඩියෙන් ඔලුවත් පාවිච්චි කරොත් ඔබට හොද අනාගතයක් තියේවි. (නදී)
ඔබතුමා ගැන අපිට ආඩම්බරයි. ඔබට සුබ අනාගතයක් වේවා. (ස)
ජනාධිපතිවරණය පැරදුනු පොදු අපේක්ෂකයෙක් ඔය හා සමානම කතාවක් කිව්වා නේද..? අනේ මන්දා.! (නදී)
ලංකා 100% හරි (දී)
මේකේ වරද දයාසිරිගේ අතේ. එයා කුන්ෆු වලින් ගහපු නිසයි මෙතුමා මේ තරම් එලියට ආවේ. නැත්නම් එන්නෙත් නැහැ. දාන්නෙත් නැහැ. (දී)
හරින්, මහා ඇමති වෙන්න කලින් ඔයාට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියනවා , (දී)
ඔබ නිර්භීත පුද්ගලයෙක් (දී)
හරීන් මහත්තයාත් ගැලරියට කථා කියනවා වගෙයි.ඔය මනාප සියල්ලම යූඑන්පී පාක්‍ෂිකයන්ගෙ නේද? ඌව පලාත ගත්තම ඒ අයට වඩා වැඩිපුර පනස්දාහක් ඉන්නෙ සංධානයේ මිනිස්සු.ඔබ තුමාට මනාප වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඔබ තුමාගේ පිලේ අනිත් අයගෙ අඩු ජනප්‍රියත්වය. හැබැයි ඔබතුමා නොකිය කියන්නෙ පක්‍ෂයේ නියෝජ්‍ය නායක කම ගැන වගෙයි.ඒක නම් හරි හැබැයි. (ස)
ඔබේ චන්ද ලකුණ සිත් ගන්නා සුළුයි (දී)
හරීන් ඔයාට සුබ පැතුම්. (ස)
ඔබතුමා දිනුවානම් අපිට මර සතුටුයි මහත්තයෝ, නොදන්නා නිසයි අහන්නේ ඡන්දයක් දිනනවා කියන්නේ මහජනතාවගේ ඡන්ද ටිකෙන්ද? නැත්නම් එක මනුස්සයෙක්ට ඡන්දෙක මනාප තුනෙන් එකක් අරගැනිමෙන්ද.?එහෙනම් ඔබතුමා පලාත්සබාව පටන්ගන්න දිනේදී මහ ඇමති පුටුවේ වාඩිවෙලා පස්සේ සජිත්ගාව දිව්රුම්දෙයි නේද ?මගෙන් සුබපැතුම් ! (ස)
ඔන්න ඉතින් ලොකු කතා කියන්න පටන් අරන් දැන්මම. (දී)
මෙතුමා විතරක් නෙවෙයි එහෙනම් සබරගමුව පළාත් සභා මැතිවරණයේදී රන්ජන් වැඩිම මනාප ගත්තේ. දැන් කොහෙද එතුමා? ඔබතුමා නවක තරුණ දේශපාලකයෙක් නිසයි ඔය ප්‍රතිපලය ලැබුනේ. නැත්නම් අද ඌවෙන් එ.ජා.පයට ඇපත් නෑ. (දී)
ඔබට රටම ඉන්නවා (දී)
ඔබ ලැබූ ජය ඌව පළාතේ ජනතාවට පමණක් නොව රටම ලැබූ ජයකි. මක් නිසාද යත් දුෂිත දෙසපලකයන් ගොඩකට මොලේට වදීන්න හා මනසට රිදෙන්න ටොක්කක් අනින්න ඔබට හැකි වුනි (දී)
ඔබට ජයේ ජයම වේවා හරි මගපෙන්වූ නායකයාණනි. (දී)
පක්ෂය මාරු කරන්න එපා කවදාවත් (දී)
මටත් චන්දය ඉල්ලන්න හිතනවා . මගේ නෑදෑයෝ අසල්වැසියෝ උදව් කරනවද බලන්න .බලන් ගියහම ඔක්කොම කියන්නේ එයාලට උදව් කලේ හිතවත්තු කියල . (දී)
හරීගේ කියමනට පදනමක් තියනව. මොකද ප්‍රදේශයේ නායකයට වඩා මනාප ප්‍රතිශතයක් ගත්ත කෙනෙක් ඉන්නවනම් එම කෙනාට එම පලාතේ නායකත්වයට සුදුසු කම් කියන්න පුළුවන් කමක් තියනව.(දී)
මහ ඇමති වෙන්න පක්ෂය දිනන්න එපැයි. ලොකු කතා කියන්න කලින් පක්ෂය පරදින්න හේතුව මොකක්ද කියල බලන්න. (දී)
හරිම දුප්පත් මනුසයෙක් නේ..කලින් කිවනම් කියක් හරි දෙනවා නේ. (දී)
සුභපතනවා මහත්තයෝ (දී)
අපිත් පාරම්පරික යූඑන්පී උනාට පහුගිය මැතිවරණ කීපයේම ජන්දය දුන්නේ නැහැ. දැන්නම් අනිවාර්යයෙන්ම ඊලග ජන්දයේදී ඡන්දය දෙනවා යුඑන්පී එකට. මොකද දැන් අපි දන්නවා දිනන්න පුළුවන් කියලා (දී)
ඔබේ කතාව හරි මහත්තයෝ (දී)
එතකොට චන්දෙන් පත් වෙන්නේ ජනතාවගේ නායකයෝ නෙමේ ද.(දී)
ගමගේ මහත්තයෝ දන්නැත්නම් ඒගෙන ගන්න මනාප කියන්නේ මිනිහෙක්ට තමන්ම දෙන්න පුළුවන් චන්දෙනේවෙයි කියල මනාප කියන්නේ පක්ෂෙට වටිනා සහ පක්ෂයේ ජයග්‍රාහී පුද්ගලයා මිසක් මුළු පළාත් සබාවේම ජයග්‍රාහකයා නෙවෙයි කියල අනික දිස්ත්‍රික්කේ සියලුම ආසන දිනන්න බැරි කෙනෙක් කොහොමද මහා ඇමති කරන්නේ (දී)
හරීන් මහත්තයා සමග අපි ඉන්නවා (දී)