ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් වෙත යවන බව පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහතා කියයි.
පළාත් පාලන ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් හරීන් ප්‍රනාන්දු මහ ඇමැති අපේකෂකයා ඇතුළු විපක්ෂ අපේක්ෂකයනට පහර දීම ඇතුළු මැර ක්‍රියා සියයකට අධික ප්‍රමාණයක් එම වාර්තාවට ඇතුළත් බව ඔහු කියයි.
ශ්‍රී ලංකා ජනපති බදාදා (24) නිව්යෝර්ක් නුවර මූලස්ථානයේ දී ජගත් මහ සමුළුව ඇමැතීමට ද නියමිතය.
මහ ලේකම්ට යැවූ වීඩියෝ හා ඡායාරූප ඇතුළත් වාර්තාවේ පිටපත් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයටත්, අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් යැවූ බව රත්නායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කෙනෙක් අනුමත කරන්නෙ නැහැ ඡන්දයකට පසුව කරන පහරදීම්. ඒ වුණාට මේ වෙලාවේ මේ වගේ බරපතල නොවන දේවල් ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා කොටි ඩයස්පෝරාවට උඩගෙඩි දෙන එකට මේ රටේ මිනිස්සු විරුද්ධයි. ඔය වගේ වැඩ නිසා තමයි මේ පක්‍ෂය පිරිහෙන්නෙ. රටට විරුද්ධව කේලම් කියලා කවදාවත් දිනන්න බැහැ. (නි)
100% සාධාරණයි මොකද මේවගේ දෙයක් උණු පළමු වතාව නොවෙයි (දී)
නිමල් ලාලිත, කෝ පෙන්නන්නකෝ බලන්න ඔයාගේ මල්ල කඩේ ගෙනියන. අපි ඔය වගේ අයට කියන නම ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න අමාරුයි. (නි)
රනිල්ලා ඕවා දෙන්න කලින් ඔය එන්.ජී.ඕ කාරයෝ ඔක්කොම දීලා ඉවරයි පැටිකිරියත් එක්ක. යු.එන් ඇතුලේ ඉන්නේ මැට්ටෝ පිරිසක් අපි තමයි මොළ කාරයෝ කියලයි ලංකාවේ හුගක් දෙනා හිතන් ඉන්නේ. මේ මානසිකත්වය තියන කල් බැහැ අපිට ජාත්‍යන්තර මට්ටමට ප්‍රශ්න විසදා ගන්න. එ්කනේ පරීක්ෂණ වලට එන වයෝවෘද කාන්තාවන්ට මගුල් කතා කරන්නේ. ලෝකේ හිනස්සලා දැන්ද සමහරුන්ට ලජ්ජා හිතිලා තියෙන්නේ ? (නදී)
දැන් ආණ්ඩුවට කඩේ යන අය කෑගහයි මෙන්න රට පාවා දෙනවෝ කියලා. මේ ජරා වැඩ අනුමත කරමින්, රට, ප්‍රජාතන්ත්‍රවාදය මිනිස්කම වනසන කොට අස් කන් පියා ගෙන ඉන්න අය ද දේශප්‍රේමීන් ?(දී)
1970 මැතිවරණයෙන් පසු ඇරඹි ප්‍රචණ්ඩත්වය 1973 දැදිගම අතුරු මැතිවරණයේදීත් 1977 , හා ඉන්පසුව ක්‍රමක්ක්‍රමයෙන් අද දක්වා වර්ධනය වෙමින් පවතී. (නදී)
එල් ටි ටි එකෙන් කරපුවත් ඒ කලේ යවන්න තිබුනන්නේ (දී)
ඔව් . ඔව්... ඔහොම කරලවත් "පිහිටක්" ගන්න ට්‍රයි එකක් දෙමු නේ. (දී)
පොලිසියේ සාමය කෝ ? නිතිය සැමට පොදුයි ඒ ව කෝ ????? දෙයියෝ කෝ ??? අපි අනාතයි ???? (දී)
යන්තම් යු.එන්.පී. එක ඔලුව උස්සනකොටම ආයෙමත් හත් පොළේ ගාගන්නද මේ හදන්නේ? (නි)
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් රකින්නට අවශ්‍යතාවයක් නැතිබව පසුගිය ඌව මැතිවරණයෙන් හොදටම පැහැදිලි වුණා. ඒ වගේම විපක්ෂයටත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් රැකගැනීමට හැකියාවක් හෝ වැඩපිළිවෙලක් නැතිබව ඊටත් වඩා පැහැදිලියි. ඒ හේතුව නිසා කවදා හෝ අපේ රටට ජාත්‍යයන්තර මැදිහත්වීමක් සිදුවන බව ඉතා පැහැදිලියි. එජාපයේ මේ වැඩවලින් සිදුවන්නේ එය ඉක්මන්වීම පමණයි. (නි)
රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවෙනවිට, මිනිසුන්ට වෙන හිරිහැර වලට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිකොට මහජනයාට අන් කවර පිළියමක්ද ? එතකොට වෙන්නේ ජාත්‍යන්තරයට මේ ප්‍රශ්න අරගෙන යන්න සිද්ධවෙන එකයි.රටේ පොලිසිය සහ අධිකරණ පද්ධතියට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ සළසා දෙනවා නම් , ඒ ආයතන වලින් මිනිසුන්ට සහනයක් ලැබෙනවා නම් ඒ විදියට මේවා අරගෙන යන්න වෙන්නේ නැහැ. (නි)
නියම මොළය තියන වැඩක් ඒක නම්.ලෝකෙම කට්ටිය දැනගන්න එපැයි අපේ අයගේ දේශපාලන විනීතබාවය (නි)
මේවා නිකන් ඉල්ලගෙන කන වැඩ. වැරදි කරන එක හොඳ නැහැ වගේම් මේවා ලෝකයාට කියන එකත් හොඳ නැහැ. ඡන්දෙදි බලමු. අපේ දේවල් අපිම බලාගන්න පිළිවෙලක් හදාගන්න. නැත්නම් හැමදාම විපක්ෂයේ තමා. දේශීය විසඳුම් හොයන්න, පිටරට අය පස්සේ යන්නේ නැතුව. (නි)
එ.ජා.ප ය ඔය කරන වැඩේ කොටි කොළඹ මරාගෙන මැරෙන බෝම්බ ගහනකොටත් කළා නම් මේවට සද්ද නැතුව ඉන්න තිබුනා.මේ වගේ දේවල් රට ඇතුළේ විසඳන්නේ නැතුව මෙයාලා කවදත් කළේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට අරගෙන ගිහින් රට ලැජ්ජාවට පත්කළ එක විතරයි (නි)
ලංකාවෙ දෙයක් මිලදී ගන්න නැත්නම් ඒක පිටරටින් ආනයනය කරන්න වෙනවා. මානව හිමිකම් වලටත් ඒක පොදුයි. (නි)
අයියෝ! මොනවද මේ කියන්නේ? මැරකම් තිබුනට, මිනීමරා ගත්තට දිනදෙකකට පෙර මාධ්‍යවලත් මම දැක්කා ඌව ඡන්දය සාමකාමියි කියලා තිබෙනවා. (නි)
දැන් කලබලේට පටලවාගන බටලන්දේ විස්තර එහෙම යවාවිද දන්නේ නැහැ (නදී)
මොන පිස්සුද මහත්තයෝ? බෑන් කී මුන් ඌව ප්‍රශ්නයට මොකක් කරන්නද? එහෙම නම් ඇමෙරිකාවට විරුද්ධව කොයිතරම් අනෙක් රටවල් කරුණු කිවුවද? කෝ ඇහුවද? (නි)
සදුනි කියන නමටත් ලැජ්ජයි. මොනවද කියවන්නේ. ලෝකයට හංගන්න ඉස්සර වගේ බැහැ. අන්තර්ජාලය හරහා සේරම එක සැනින් ව්‍යාප්ත වෙනවා. මේ මදාවියෝ ටික බැඳ දමන්න වෙනවා. (නදී)
රනිල් හැමදාමත් කලේ රටට විරුද්ධව කේලම් කිය කියා ඇවිදීමනේ. (ස)
ගමේ ගණන් කාර කම් ගං තොටේදී බැරි බව වත් දැනගන්න වෙයිනෙ ? (ස)
ආණ්ඩු පක්ෂයේ ආධාර කරුවන්ටත් පිස්සු.... කරන්න දෙයක් නැතුව මාතෘකා හොයා හොයා ඉන්න එකට මාතෘකා දෙනවනේ ගහන්න.... (ස)
කාලෝචිත වැඩක්. රට අගාධයට වැටිලා. නිතිය සාමය රකින පොලිසිය මීයන් බවට පත්වෙලා. කුඩු කාරයන් මැරයන් පාලකයන් වටේ පිනුම් ගහනවා. අහිංසක ජනතාවට වෙලා තියෙන්නේ උඩ බලාගෙන දත නියවන්න. (ස)
ප්‍රභාෂ් කුලරත්න, 88-89 ගැන මහා ලොකුවට කතා කරන්නේ මොනවා දැනගෙනද? අපේ පවුලත් ඒ භීෂණයට හසුවුණා. ඇඳිවත පමණයි ඉතුරුවුණේ. එවකට මා අවු 4 ක කුඩා දැරියක්. අද කොහෙද එහෙම භීෂණයක් තියෙන්නේ? 77-94 කාලේ ඡන්දවල තොරතුරු දන්නේ නැත්නම් ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවට ගිහින් පරණ පත්තර ටිකවත් බලන්න. ලෝකය පුරා ගොස් කේලම් කියන්නේ නැතුව ඒ තත්වය අපිම වෙනස් කරගත යුතුයි. ලෝකයට කේලම් කියලා ලැබෙන්නේ මොනවද? (නි)
මම නම් කියන්නේ මේක නියම වැඩක්. නැත්නම් ජනාධිපතිවරණයේදී වඩා දරුණු භීෂණයක් තියේවි (නි)
ඌව මැරකම් වීඩියෝ ජගත් සමුළුවට දීලා විතරක් මදි. මානව හිමිකම් කාර්යාලයකුත් ජගත් සමුළුවට වැඳලා හරි ස්ථාපිත කරවාගන්න. (නි)
රට පාවා දෙන අය (දී)
ජගත් සමුළුව අමතනකොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දර්ශන තිරයේ ගියොත් කෙහොම තියේවිද? (නදී)
අන්න හොදයි! අර ලිබියාවට කරපු දේම ලගදීම ලංකාවටත් අත් වේවි ..! පාලකයෝ දැන්ම හැංගෙන්න තැනක් හොයාගත්තොත් නේද හොද ..?(දී)
අනේ බන්දුල , ඔයා නම් කඩේ යන්න නියමයි. කවදාහරි ආණ්ඩුව පෙරලුනාම ඔයාට අබ සරණයි. (ස)
බොහොම අගෙයි රත්නායක මහත්තයෝ....රට තුල පාට බෙදා ඇති කර ගැන මරා ගන විදෙසියනට මුළු රටම පාවා දෙන්න. එකේ ආනිශංශ අපි ඔක්කොම දවසක විදිමු.ජය වේවා!(දී)
බොහොම හොඳයි. එත කොට වියට්නාමයේ, ඇෆ්ගනිස්ථානයේ, ලිබියාවේ සිරියාව වගේ රටවල කෝටි ගනන් ජනතාව ඝාතනය කරපු සීලාචාර මහත්වරු දුවගෙන එයි අපේ රටේ සීලාචාරකම් ඇති කරන්න.(ස)
ලැජ්ජයි විලි ලැජ්ජයි (දී)
ගෙයි ගින්දර පිටට එපා. පිට ගින්දර ගෙටත් එපා. (ස)
හොද වැඩ (නදී)
බැන්කි මුන්ට විතරක් යවල මදි. හැම රටකටම යවන්න.... ජරා පාලකයන්ගේ හැටි. (ස)
දැන් ඉතින් කට්ටියට කියන්න පුළුවන් රට පාවා දුන්න කියලා. (නදී)
අනේ මහත්තුරුනි ගෙදර ප්‍රශ්න පිටට දී මුළු ජාතියේම මඩ නාවනවාට වඩා මේ රට තුල ඉඳගෙන ප්‍රධාන පෙලේ විපක්ෂ නායකයන් වසයෙන් මේ ගොල්ලන්ව දන ගස්වන වැඩක් කරන්න බැරිද? මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ හාමුදුරුවරු දෙනමකගේ ප්‍රබල අධාරකරුවෙක් වසයෙන් එදා සිටි මම හිතනවා මේ පාදඩ කම් වලට ඔබ තුමාලට මෙහෙන්ම පිළිතුරු සොයන්න පුළුවන් කියල. (ස)
කව්රු කළත් මේවා වැරදි වැඩ. මේකෙන් වෙන්නේ රටේ නම කැත වෙන එක විතරයි. බලය නිසා අැයි රටේ දේවල් පිටට කියන්නේ. ඇයි රට පාවල දෙන්නේ මේකෙන් ඔක්කෝටම නරකක් විතරයි වෙන්නේ.(නදී)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිත් ඉස්සර කලෙත් මේ ටිකම තමයි (නදී)
සඳුනි, හලෝ ඇස් ඇරලා බලනවා මේ රටේ වෙන දේවල්. මේවා මෙහෙම ගියොත් දරුවන්ටවත් පාරක බැහැල යන්න නැති වෙනවා දවසක. ඒ හින්ද දැන්ම මේවා නතර කරන්න ගන්න පියවර කවුරු කලත් හොද වැඩක්. එහෙනම් 88-89 භීෂණ කාලේ මහින්ද මහත්තයත් පොටෝ ජිනීවා ගෙනියන්න හැදුවේ අහවල් එකකටද? (නදී)
සඳුනි රට කියන්නේ ආණ්ඩුව නෙවි. මැරකම් කරන්නේ රටද? (නදී)
නීතියක් නැති රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයද? හොඳ වැඩක්. අපිත් සහයෝගය දෙනවා. ඉදිරියටම යමු (නදී)
1977 ගහපු ගැහිල්ලත් කියන්න. ලෝකේ වෙන කිසිම රටක නැහැ මේ වගේ රට ඇතුලේ දේවල් පිටට ගෙනියන්නේ. ඇමෙරිකාව අල්ලගෙන දිනන්නනේ හදන්නේ. හොඳට සලකයි කොටියට රටෙන් බාගයක් අල්ලලා දේවි. (නදී)
අපේ රටේ දැන් දැන් වෙන දේවල් ප්‍රජාතන්ත්‍ර වාදය වලපල්ලට යවන විධියේ ඒවා. මෙහෙම ගියාම අපේ දරුවන්ට මේ රටේ ඉන්න හිටින්න බැරුව යාවි. අපේ රටේ මේවා කියන්න තියෙන තැනුත් නිහඩයි නම් පක්ෂග්‍රාහි නම් යන්න ඕනේ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට වෙසක් වෙන කොහෙටද? එදා මහින්ද මහත්තය ගිහින් යු.එන් .පී එක කරපු වැරදි ගැන කිව්වෙත් ඔතනටම තමයි. අද විපක්ෂේ එතනට ගියාම මොකද රිදෙන්නේ. එ්ක හරියට" කපුවා දේවාලේ කැත කලාට කමක් නැහැ. ගෝලය කලොත් තමයි වැරදි"කියන පැරණි කියමන වගේ. (නදී)
1977 සිට 1994 දක්වා පැවතුනු ඡන්දවලදී නිය පොත්තක සීරීමක් වත් කලේ නෑ වගෙයි දැන් හැසිරෙන්නේ. ප්‍රශ්න විසදා ගන්න ඕනේ රට තුලදී මිසක් පිටරැටියෝ ගෙනල්ලා නෙමෙයි. එයාල අාවම කරන්නේ එයාලගේ යටි අරමුනු ඉෂඨ කරගන්න එකයි. ඔය බටහිරට ආවඩන තාක් ලංකාවේ දේශපාලන ජයක් නොමැත (නදී)
අයිමත් ජාතිද්‍රෝහී කියලා කඩේ යන කට්ටිය බෙරගහන්න පුළුවන්, ඒවාට රැවටුණු ටික චීනෙට වික්කා, කිරිබත් කාලා රචනා පත්තුකලා දැන් ඇති. (දී)
සුරන්ජිත් කතාවට හැමෝම එකගයි. මොකද කව්රු උනත් ඉදිමෙන්න ඕනි ඇගිල්ලේ තරමටයි. අපි කියන්නේ ජනතාවට සහන දෙන්න ඕනි කියලයි.(දිල්)
මම මේ ආණ්ඩුව කරන දේවල් හරි කියනවා නෙමෙයි . නමුත් රනිල් කැන දේවල් වුණත් මම අනුමත කරන්නේ නැහැ (නි)
ලොකේ වටේට සුළු සිද්ධි ලොකු කරගෙන කේලම් කියන රනිල්ට අන්තිමට ඉතුරු වෙන්නෙ කොටි වලිගය විතරයි. (ස)
මේ පාලනයට මම නම් විරුද්ධයි.මේ වගේ වාතාවරණයක් යටතේ රටක ජීවත්වීම මහත් අසහනයක්. (නි)
සාමාන්‍යයෙන් මහින්ද ජනපති යු.එන් එකේ මොහොකට හරි යනකොට හැමදාම ඔය වගේ දෙයක් වෙනවාමයි. මාර වැඩේ (නදී)
88/89 කාලයේ තරුණ ජිවිත ටයර් වල දැම්මා 60000 අද දගලන අයට අමතක වෙලා වගේ. බටලන්ඳ, සූරිය කන්ඳ (නදී)
චන්ඩියෙක් ලව්වා ගස්සල බලය ලබාගන්න හදනවා. හරිම දුකයි බෑන් කි මූන් ඇමෙරිකන් රූකඩයක් (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්ද ප්‍රතිඵලයක් විනා එය ලබාගත් ආකාරය නොවේ. එදා ඔවුන් කළ දෙය අද විපක්ෂය කරයි. ජනතාව උපේක්ෂාවෙන් බලා සිටියි. (නි)
විපක්ෂය දැන් විපක්ෂයේ කාර්ය භාරය නිවැරදිව නිසි අයුරින් සිදුකරමින් නුදුරු අනාගතේ රට භාර ගැනීමට සුදානම් වන සියලු සලකුණු දැන් පහල වෙමින් පවතී. රටේ නීති විරෝදී මර්දනකාරී ක්‍රියාවන් පිලිබදව ජගත් ප්‍රජාව වැඩි වැඩියෙන් දැනුවත් කිරීමටත් යලිත් වතාවක් රටේ කැලෑ නීතිය වෙනුවට වලංගු නීතිය ස්ථාපිත කිරීමටත් සුළු වැඩක් කරගැනීමට පවා පගාව දියයුතු සංස්කෘතිය වෙනස් කිරීමටත් එජාපයට හැකිවේවා! (නදී)
ඉතිහාසය ගත්තොත් පශ්චාත් මැතිවරණ ක්‍රියා ආරම්භය 1970 සිට පවතී. (නි)
එදා ඉදලම කරපු ලොකුම හපන්කම ඕක තමයි. රටේ මිනිස්සු දිනාගන්නේ නැතුව ජාත්‍යන්තරය දිනාගන්න ගිය එක. රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට අරගෙන ගිය එක. තාමත් පාඩමක් ඉගෙන ගෙන නැහැ. (නදී)
කෙසේ හෝ දූෂිතයින් පළවා හරින්නට කටයුතු කරමු (නි)
දැන් බලයේ ඉන්න අය එදා විපක්ෂේ ඉන්නකොට ඕකම කරා. දැන් රටක් කියන්නේ ලෝකයේ කොටසක් පමණයි. රටක වෙන දේවල් ලෝකයට යන්න ඕනි. (නදී)
සඳුනි, රට ගැන නෙමෙයි මේ කියන්නේ,පක්ෂයක් ගැනයි. රටයි පක්ෂයයි පටලවාගන්න එපා. (නි)
ලංකාවේ නිතිය නැහැ කියල මුළු ලොවොවම දන්නවා.දීපාල් වැනි පුද්ගලයෝ ලංකාවේ ඉන්නකම් ,ලංකාවට දෙයියන්ගේ පිහිටයි. සරත් වගේ අය ලංකාවට වැදගත්. (ස)
සදුනි, මේ රටේ වෙන දේවල් දිහා බලන්නේ නිල කන්නාඩි දාගෙන. (ස)
එ්ක හොඳ වැඩක්, කාට කියන්නද මේවා, කරන්න පුළුවන් දෙයක් කරන්න. (ස)
'රටේ මිනිස්සු දිනාගන්නේ නැතුව ජාත්‍යන්තරය දිනාගන්න ගිය එක'....ඒ පාඩම තාම මෙයාල තේරුම් අරගෙන නැහැ. ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ එය නැහැ. ඇත්තටම බන්දුල ඔයා හරි. (නදී)
කරන්න හොඳ නම් කිව්වම මොකද? (නි)
රනිල් කරනකොට තමයි සමහරුන්ට ඒක රට පාවාදීමක් වෙලා තියෙන්නේ (නි)
කරන්න පුළුවන් හොඳම දෙය කර තිබෙනවා. බන්දුල පෙරේරා, නටන්නකෝ වතුර රත්වෙනතුරු (නි)
හොඳ වැඩක්. කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමයි (නි)
මේක රට ජාතිය පාවාදීමක්. රට තුළ ඇතිවී තිබෙන ප්‍රශ්න ඒ අය විසඳන්නේ කොහොමද?ඔය කව්රු බලයට ආවත් ඔය දේවල්ම තමා කරන්නේ. (නි)
රට ඇතුළේ නීතියක් නැතිකොට ජාත්‍යන්තරයට යන එක සාධාරණයි. (නි)
නියමයි. මම නම් කියන්නේ ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)
අනාගතයේදීවත් මේවා නැතිවිය යුතුයි.වෙන කරන්න දෙයක් නැහැ. (නි)
අනේ අම්මපා ලැජ්ජාවක් කියලා එකක් නැති හැටි! (නි)
මෙවැනි වැඩ ලොවට හෙළි කළ යුතුයි. (නදී)
ගෙයි ගින්දර නිවන්න එකෙක් ගෙදර නැත්නම් පිට එකෙක් හරි ඇවිත් නිවන්න ඕන නේද? නැත්නම් ඔක්කොම එකට අළු වෙලා යාවි. (ස)
කොතරම් මානව හිමිකම් කැඩුවත්, කොච්චර මුදල් වංචා කලත්, ගසා කෑවත්, ඡන්දය මංකොල්ල කෑවත්, මේවා අභ්‍යන්තර ප්‍රශ්න. මේවා ජාත්‍යන්තරයට සැගවීමට විපක්ෂය කටයුතු කළ යුතුයි. නැතහොත් මෙය උඩ බලාගෙන කෙල ගැසීමක් වනු ඇත. (නදී)
පක්ෂවල මැරයන් පාලනය කිරීමට අවශ්‍යතාවයක් නැති, සමහර විට ඕනෑකමින්ම මැරයන්ට ඉඩදෙන, පක්ෂ නායකයින් සහ ප්‍රාදේශීය නායකයින් ඉන්න තාක්කල් මේ වගේ මැර ක්‍රියා නවත්වන්න බැරි වෙයි. (නි)
රටේ පවතින නීතියෙන් සහණයක් නැත්නම් මෙවැනි මාර්ගයකින් හෝ සාධාරනයක් පැතීම කළ යුතුම වැඩක් (නදී)
ඇතුළේ ගිනි පිටට දෙන්න එපා කියලා අහලා නැද්ද? අපේ රට අපකීර්තියට පත්වෙන එක විතරයි මේවායින් වෙන්නේ. (නි)
බොහොම හොඳ වැඩක්. හැබැයි මූන්ට මේකට කරන්න දෙයක් නැහැ. එයා කරලා ඇති දෙයකුත් නැහැ (නි)
කුලියට ප්‍රතිචාර දාන කට්ටියට හරියට හිතට දුකයි වගේ. ඔහෙලගෙ නායකයා 88-89 කාලෙත් ඔය ටිකම තමා කලේ. එතකොට ඉපදිලා නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. (නදී)
එදා ඉදලම කළ ලොකුම හපන්කම ඕක තමයි. රටේ මිනිස්සු දිනාගන්නේ නැතුව ජාත්‍යන්තරය දිනාගන්න ගිය එක. රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයාට අරගෙන ගිය එක.තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ.කීර්තිමත් පශ්චාත් මැතිවරණ ඉතිහාසයක් තියෙන පක්ෂයක්ද මේ සුළු සිදුවීම් උලුප්පලා ලෝකයට පෙන්වන්න හදන්නේ? (නි)
එජාපයට සහ ජවිපෙට භිෂණය සමබන්ධව සහ දේශද්‍රෝහී යැයි චෝදනා කරන ජනතාවගෙන් ප්‍රශ්න කීපයක් අහන්න කැමතියි. එදා එජාප පාලන කාලයේ එජාපයේ ප්‍රබලයින් රැසක් අද ආණ්ඩුවේ ඉහල පෙලේ ඇමතිවරු. එතකොට ඔය දේශද්‍රෝහී සහ භීෂණයේ චෝදනා ඔවුන්ට එල්ල වෙන්නේ නැත්තේ ඇයි? එමෙන්ම 1994 සහ 2005 දී ජවිපෙ ශ්‍රීලනිපයත් සමග සන්ධාන ගසා ආණ්ඩු පිහිටවන විට ඔය මිනීමැරුම් සහ භීෂණයේ චෝදනා එල්ල උනේ නැත්තේ ඇයි? තවද එදා ජවිපෙ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් අද ආණ්ඩුවේ ප්‍රභල මැති ඇමතිවරු. ඔවුන්ට ඔය චෝදනා එල්ල වෙන්නේ නැත්තේ ඇයි? වඩා වැදගත් වෙන්නේ පක්ෂයක ඉතිහාසයද එහෙම නැත්නම් එම පක්ෂය අද නියෝජනය කරන්නන්ගේ ක්‍රියා කලාපය සහ ප්‍රතිපත්තිද? (ස)
ඉතා හොඳ දෙයක් ලෙසයි මම දකින්නේ (නි)
වරදක් නැහැ මමනම් කියන්නේ (දී)
රටයි ආණ්ඩුවයි කියන්නේ දෙකක්. ආණ්ඩුව විසින් සිදු කරන වැරදි ක්‍රියාකාරකම් වලට එරෙහි වීම රටට එරෙහි වීමක් නෙවෙයි. ජාත්‍යන්තරයට මෙවැනි ප්‍රශ්න නොයන්න නම් ආණ්ඩුව කරන්න ඕන මෙවැනි දෑ ඇති වෙන එක වලක්වන එකයි. එජාප පාලන සමයේදී බොහෝ වැරදි සිදු උනා. ඒ නිසා තමයි රටේ මිනිස්සු ආණ්ඩුව වෙනස් කලේ. එහෙම නැතුව එදා එජාපය කල දේම දැන් තිබෙන ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නෑ. අතීතයේ එජාපය එසේ කලා කියන එ්ක අද ආණ්ඩුවට මෙහෙම හැසිරෙන්න කාරණාවක් නෙවෙයි. (නදී)
බන්දුල එතකොට 88,89,දී ඔයාලගේ නායකයා ජාත්‍යන්තරයට ගිය එක මතක නැත්ද (නදී)
ඉවසීමේ සීමාවක් තියෙනවා (දී)
88-90 සිද්ධි යු එන් එකට කියන්න හොඳනම් මේවා කිව්වට මක්වෙනවද? (දිල්)
ඉතාමත් අගය කළ යුතු වැඩක්. එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක්ම නොව අනෙක් සියලුම විරුද්ධ පාක්ෂිකයන්ට, රට පුරා සිදුවන අකටයුතුකම් මෙම වාර්තාවේ ඇතුලත් විය යුතුයි. (දිල්)
සමන් වසන්ත, කරුණ අම්මාන් අමතක උනාද? එයා නිදහස් පක්ෂේ ජේෂ්ඨ උප සභාපති . ඒක නිසා මේ කුලියට අදහස් දාන අය ගැන හිතල ප්‍රෙෂර් වැඩි කරගන්න එපා සමන්. අපි ඡන්දෙදි හරි තීරණේ ගමු. (ස)
මැතිවරණ කාලෙට කොතරම් භීෂණය පැතිරෙව්වත්, මිනි මැරුවත් , වාහන වලට ගැහුවත්, දේපල විනාශ කලත්, හැම පොඩි දෙකින්ම, රාජ්‍ය සේවය පුරාවට අල්ලස පගාව පැතිරුණත්, මහා පරිමාන මුදල් වංචා සිදු උනත් මේවා යුද්දය තරම් භයානක නැහැ නේද? යුද්ධය අවසන් කරලා දුන්නා මදිද? මේවා රටේ අභ්‍යයන්තර ප්‍රශ්න. මේවා ජගත් ප්‍රජාවගෙන් සැඟවීම විපක්ෂයේ යුතු කමක් (නදී)
ඔව් වෙන කරන්න දෙයක් නෑ කරන්න තියෙන්නේ මානව හිමිකම් වලට කියන එක තමයි මෙතන මිනිස්සු වැරදියට හිතන්න එපා මේක දරුණු මානව හිමිකම් කඩවීමක් (දී)
ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මෙහෙම කරන්නේ (දී)