බිඟුන් මේනක ගමගේ
ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට රුසියාවේ චාරිකාවක් ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතින්නේ යැයි එහි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එවැනි චාරිකාවක් ගැන යෝජනාවක් සිදුව ඇතැයි ද ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය යන තේමාව යටතේ එය සාකච්ඡාවට ලක්ව ඇතැයි ද කීවේය.
ඌව පළාත කෘෂිකාර්මික පළාතක් වුවද එය කර්මාන්තයක් වශයෙන් ප්‍රමාණවත් දියුණුවක් ලබා නොතිබීම නිසා කෘෂිකාර්මික සංවර්ධනයට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමේ අරමුණෙන් මෙවැනි චාරිකාවක් යෝජනවා වී ඇතැයි කීවේය.
එහෙත් ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ මෙම සංචාරය ගැන තමා කිසිවක්ම නොදන්නා බවයි.
පළාත් සභාවල මන්ත්‍රීවරුන් අධ්‍යාපන චාරිකාවල මුවාවෙන් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කරන බවට ජනාධිපතිවරයා චෝදනා කළ අතර ඒ අනුව ඔවුන්ගේ විදෙස් ගමන් බිමන් සඳහා ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට කැබිනට් යෝජනාවක් ද සම්මත කෙරිණි.
මීට පෙර මධ්‍යම පළාත් සභාව ද රුසියානු සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 650ක මුදලක් අනුමත කරගැනීමට උත්සාහ කළ අතර ඊට එල්ල වූ දැඩි විවේචන හමුවේ එම මුදල රුපියල් ලක්ෂ 450 දක්වා කප්පාදු කිරීමට එහි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය කටයුතු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යවන්නම ඕනේ නම් එක්කෙනක් දෙන්නෙක් යැවුවහම හොඳටම ඇති. හැබැයි මේගොල්ලෝ ගිහිල්ලා ඉගෙන ගත්තු කරුණු අනුව වාර්තාවක් හදලා, මහජනතාවට දැනගන්න සලස්වන්න .
අපරාදේ. ටිකක් වේලාසන යවන්න තිබ්බේ. පාපන්දු වර්ල්ඩ් කප් එකත් බලන්න...
අධ්‍යාපන චාරිකා සියල්ලම අවලංගු කල යුතුයි. මොවුන් ගොඩක් නිදහස් අධ්‍යාපනෙන් අවුරුදු ගානක් දැනුමක් ලබා නොගත්ත අය. එහෙම අය සති කිහිපයකින් මොනවා ඉගෙන ගනී කියලද. ඊට වඩා ලාභ, ඵලදායී හා ඉක්මන් දෙයක් මාර්ගගත හමුවීම් වලින් ගන්න පුළුවන්. පරිවර්තකයන්, ඇත්තටම දැනුම තියෙන පුද්ගලයන්, ලේකම් වරුන් ඔක්කොම එකම කාමරේ ඉදන් රුසියා නියෝජිතයන්ට කතා කරන ගමන් ඔව්න්ගේ වීඩියෝ ඉදිරිපත් කිරීම් බැලුවනම් හොද දැනුමක් ගන්න පුළුවන්.
රුසියාවෙන් වියදම් කරනවානම් ප්‍රශ්නයක් නැහැනේ ! මේක ඔව්න්ට ලැබෙන හොඳ අවස්ථාවක්.
ඉස්සරලම ඔය නාම පුවරුව තීන්ත ටිකක් ගාල පිරිසිදු කරන්න. රටටත් ලජ්ජ්ය් . රුසියාව කියන්නේ තක්කඩියෙක්, හොරෙක් පාලනය කරන රටක් . එය දැන් අගාදයටම වැටිලා. මේ සෙට් එක ඉන්දියාවට යවන්න. ඉන්දියාව දියුණු මිනිසුන් සිටින රටක්. එකේම නැතිනම් අභාවයට යන ගඩොල් සහ උළු කර්මාන්තය කරන්න අපේ ගන් වලට එවන්න .
" රුසියානු සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 650ක මුදලක් අනුමත කරගැනීමට උත්සාහ කළ අතර" රටේ මිනිස්සුන්ට කන්න නැහැ, පාසල්වල අවම පහසුකම්වත් න.. මෙයාල සංචාර ගහනවා අපේ සල්ලි වලින්. මෙයාල මොනවද මෙච්චර කල් පිටරටින් ඉගෙනගෙන ඇවිත් කරපුව. ලංකාවේ ඕනෙතරම් ඉන්නවා දියුණු රටවල ඉගෙනගත්ත.. ඒවායේ අවුරුදු ගණන් ජීවත්වෙච්ච අත්දැකීම් තියෙන ය. මෙයාලට ඕනෙනම් ඒ වගේ උගත් අයව සම්බන්ද කරගෙන සංවර්දන සැලසුම් හදන්න පුළුවන්නේ. මේවා සම්පූර්ණ බොරු වැඩ..
රුසියාවට ගිහිල්ල, පිරිමි අයට අර කට්ටිය වත් හම්බු වෙලා එන්න බැරියැ . ජනතාවට වැඩ කරල මහන්සිත් ඇතිනෙ .
මේ චාරිකාව අත්‍යවශ්‍යයි. කර්මාන්ත දියුණු කරන්න ඉගෙන ගන්න ගමන් එහෙ ගුරුවරුන් දනගස්වන්නේ හතරගාතෙන්ද, හිටගෙනද ආදී වශයෙන් වැඩිදුර අධ්‍යනයකුත් කරන්න පුළුවන්.
වර්තමාන ලෝකයේ, දැනුම ඕනෑම හද්දා පිටිසරක ඉඳන් උනත් ගත හැකියි...එහෙව් එකේ ජහමනයාගේ මුදල් අවබාවිතා කරමින් මේ යන්නේ විනෝද චාරිකා මිසක් රටට වැඩක් වෙන දෙයකට නොවේ....කුමන පක්ෂය ආවත් ජනාදිපතිගේ සිට පළාත් බබා දක්වාම කරනුයේ රටට වින්නැහියකි ...
පළාතේ රෝහල් උපකරණ , කාරිය මණ්ඩල , ගිලන් රථ , ඇඳන් , ඉඳගන්න පුටු පවා නැතිව වේලනවා , මිනිස්සු මහමග බස් නැතිව වේලනවා , ඉස්කෝල වලටත් එහම්මමි, එඅ මදිවට තවත් බදු ගහනවා මුන්ට රට සවාරි යන්න .
රටේ සල්ලි කාබාසිනියා ආකාරයෙන් මුන්ගේ උගත්කම පේනවා නොහැකියාවෙන් මුන් රට නයකන්දරවෙන් ගොඩ ගන්න දන්නේ නැත
රටේ සල්ලි කාබාසිනියා ආකාරයෙන් මුන්ගේ උගත්කම පේනවා නොහැකියාවෙන් මුන් රට නයකන්දරවෙන් ගොඩ ගන්න දන්නේ නැත
සමහරු රට සවාරි යනවා අපද්‍රව්‍ය කළමනාකරණය ඉගෙනගන්න. රට පුරා කුණු එහෙමමයි. මේගොල්ලෝ යන්නේ ග්‍රාමීය දියුණුව ඇති කරන්න. රුසියාවේ ගමකුයි ඌවේ ගමකුයි හරියට හරකයි අශ්වයයි වගේ නෙමෙයිද? මේවට සල්ලි විදම් කරන්නේ රුසියාවක් නෙමෙයි අපේ බදු මුදල් ටිකම තමයි. මුළු රටම එකතුවෙලා මේ වගේ වංචනික කපටි අවස්ථාවාදී ගසාකන පුහු සංචාර නතර කිරීමට උද්ඝෝෂණය කලයුතුයි. පුහුණු වැඩමුළු ඕනිනම් ඒ රටේ තානාපතිවරු හරහා එහෙ වියදමෙන් විශේෂඥයන් මෙහෙ ගෙන්වලා කරගන්න කියමු.