ඌව පළාත් සභාවෙන් ලැබුණු ජයග්‍රහණයත් සමඟ උතුරු පළාත හැර සියලුම පළාත් සභාවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
‘සන්ධානයට කවදත් ඉහළ ඡන්ද ප්‍රතිශත ලැබෙන ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල ලැබුණු ඡන්ද ප්‍රමාණ හා සමාන ඡන්ද ප්‍රමාණයක් මොණරාගලින් ලබාගෙන අපේ ඡන්ද පදනම රැක ගන්න හැකි වුණා.
මේ ලැබුණු ප්‍රතිඵලය ගැන අපි සෑහීමකට පත් වෙනවා. ඒ වගේම දැන් පළාත් සභා මැතිවරණ සියල්ල අවසන්. නැවත පළාත් සභා මැතිවරණයක් එන්නේ වසර හතරකින් පමණ පසුවයි. තව ජාතික මැතිවරණයක් ඉදිරියෙදි එන්න තිබෙනවා.
ඌව පළාත් සභා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ ජයග්‍රහණය කරන්න අපට හැකි වුණේ ජනාධිපතිතුමාගේ නායකත්වය නිසයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවමද මෙහෙම කියන්නේ? (නි)
අපිට විපක්ෂයේත් ඉතිහාසය මතකයි. ඒ වුණාට මේ අයට එච්චර හොඳට චණ්ඩිකම් දාන්න බැරි බව පේනවා. පරදින්නේ නැතුව මෙහෙමහරි වුණා කියලා ඉතින් සෑහීමකට පත්වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)
පුළුවන් හැමදේම කරලා, මොනවා කියන්නද. අපි නොදන්නවැයි? (නදී)
ඔයා ඔහොම කියන්නේ නැතුව අඩන්න බෑනේ. බාල පෙට්‍රල් ගෙනල්ල ලංකාවේ වාහන කැඩුන දවසෙත් ඔය වාගේ බණක් තමයි කිව්වේ. (නදී)
ඇයි ඔබතුමාට කියන්න බැරිද ප්‍රාදේශීය දේශපාලකයන් සහ බොහෝ කැබිනට් ඇමතිවරුන් ජනතාවට තිත්තවී ඇති බව? මතක තියාගන්න මේ ජයග්‍රහණය ලැබුනේ ජනාධිපති තුමාගේ ආකර්ෂණය නිසා බව. (ස)
ළඟදී පැවති බස්නාහිර දකුණට සාපේක්ෂව ගියවර වැඩිම ප්‍රතිශතයකින් දිනූ ඌව පළාත් සබාව රජයේ ඡන්දවල පැහැදිලි විශාල කඩාවැටීමක් තිබෙනවා. මෙය නොසළකා හැරීම රජය එන ජනාධිපතිවරනයට තමුන්ගේ වළ තමුන්ම කපාගැනීමක් වනු ඇත. (නි)
රජයේ ජයග්‍රහණය ගැන එක සිතින් සතුටු වෙමි. ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබා ගැනීමට තවත් ඇමතිවරුන් කීප පොළක් පත්කරන මෙන් රජයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මේ වෙනුවෙන් දරන්නට වන වියදම අති විශාල වුවත් එය දැරීමට අපි සුදානම් බවත් එයට විරුද්ධවීමට තරම් කුහක නොවන බවත් සතුටින් දන්වා සිටිමු. (නි)
ජනප්‍රියත්වය අඩුවෙලා කියලා කුඩා ළමයෙකුට වුණත් තේරෙනවා මහත්තයෝ. අනික තමයි ආණ්ඩුවට මොන පළාතෙන් වුණත් ඡන්ද ලැබෙන්නේ ජනාධිපතිතුමා නිසයි. ගොඩක් ඇමතිවරු දැන් ජනතාව ප්‍රතික්ෂේප කරන බව මේ ඡන්දෙන් පෙනෙනවා. (නි)
සැහීමකට පත් වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? කොහොම උනත් සුසිල් කියන්නේ බොහොම නිහතමානී දේශ පාලනය කරන්නෙක් කියල මට හිතෙනවා. (ස)
ඔරුව පෙරලුනාම මේ පැත්ත වඩා හොඳයි කිව්වලු ඉස්සර පණ්ඩිතයෙකුත්. (නදී)
සෑහීමකට පත්වෙනවා නම් නොසෑහෙන්න ගහමරාගන්නේ මොකටද? (නි)
ඡන්දය සාධාරනව පැවත්වූවා කියන එකට රජයට බුද්ධිමත් ජනතාව ප්‍රශංසා කරාවි.හැබැයි රජය විසින් දැන් දැන් කරන බොහෝ දේ මහ ජනතාව අනුමත නොකරන බව මේ ඡන්දයෙන් පැහැදිලි වන බව නම් පිළිගන්නම වෙනවා මහත්තයෝ. (නි)
රජය ඌව ජයගත්තා. එය මොහොතකට පසෙකින් තබමු. ඌව ප්‍රතිපල ගැඹුරින් බැලීමේදී ඇතැම් සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පරාජයන් සහ මාද්‍ය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ආසන අහිමිවීම ගැන ස්වයං විවේචනාත්මකව සාකච්ඡා කල යුතුව ඇති වැදගත් කාර්යයක් ලෙසින් මම දකිමි. ඉදිරි මැතිවරණ වලදී මෙවන් පරාජයන් මුලාශ්‍ර වීමට ඉඩ නොතබා ජනතාවගේ පැතුම් හැකිතාක් වැඩි ප්‍රතිශතයකින් ඉටුකර සියලු අංශ ශක්තිමත්දැයි සහතික කොට දැන පියවර තබන ලෙස වගකිව යුත්තන්ට මතක් කර දෙමි. (නදී)
සන්ධාන ආණ්ඩුව භේද භින්නවීම් වලින් තොරව විධායක ජනාධිපති ක්‍රමය යටතේම නැවත නැවතත් මේ රටේ පාලන බලය ලබා ගෙන මහජතාවට සහන සලසමින් රට කරවිය යුතුය. එහෙත් හිස උදුම්මාගත් මෙලෝ රහක් නැති ඇමතිවරුන් ඉවත් කල යුතුය. (නදී)
සෑහීමකට පත් උනේ නැහැයි කියලා කිව්වත් වැඩක් නැහැනේ. දැන් ජේ.වී.පී. එකත්, අනික් අයත් කියන්නේ එකම නේ,හැමෝම දිණුම්! ජනතාවට පේන විකල්පයක් තවම නැහැ. (නදී)
හතේ අටේ පන්තියේ පොඩි එකෙකුටත් ගණන් හදා ගන්න පුළුවන් ඡන්ද ප්‍රථිපලයක් කොල්ලනේ මේ පාර තියෙන්නේ. ආණ්ඩු කොරන ඇත්තන්ට විරුද්ධ පක්ෂ ඔක්කොම ඡන්ද එකතු කලාම ඔන්න උත්තරේ. (නදී)
ඇදගෙන ඉන්න ඇදුම ඉරුනම කණපිට හරවල දාගන්නවා වගේ මේ කියමන් (නදී)
මට නම් පෙන්නේ ඌව ඡන්දෙන් මේ මහත්තුරු සැහීමකට පත් වෙලා නැති හැඩයි(දිල්)
ලද දෙයින් සතුටු වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද....නේද ?(දිල්)
මේ බන්දුල පෙරේරා කියන්නේ දියවන්නාවට ආවඩන කෙනෙක්ද මන්ද? නැත් නම් මේ රටට , රටේ ජනතාවට බරක් වෙලා තියෙන ගිනස් වාර්තා තබපු අපේ ඇමති මණ්ඩලේ තවත් වැඩි කරන්න කියයිද?. කඳ බඩ තිබුනටම මදි, බන්දුල, හොඳ බුද්ධියකුත් තියෙන්න ඕනේ මිනිසෙක් වෙන්න. නැත්නම් ඔක්කොම තිරිසන්නු වෙනවා. (දී)