එක්සත් ජාතික පක්ෂය ඌවේ පළාත් සභා ඡන්දය ජය ගත නොහැකි වුවත් එම ප්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය සුවිසල් පිම්මක් ඉදිරියට පැන ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
2009 දී සන්ධානය 259069ක් (67.8%) ද, එක්සත් ජාතික පක්ෂය 98635 (25.8%) ලබා ගත් බවත්, සන්ධානයට එදා ලැබුණු වැඩි ඡන්ද සංඛ්‍යාව 160434ක් බවත් ඔහු විග්‍රහ කරයි.
පසුගිය මහා මැතිවරණයේ දී සන්ධානය ඌවෙන් 203689ක් (58.3%)ක් ද, එජාපය 112886 (32.3%)ක් ලැබුණු බවත්, ඒ අනුව සන්ධානයට ලැබුණු වැඩි ඡන්ද ප්‍රමාණය 90803ක් බවත් ඔහු පවසයි.
2009ට වඩා 2010 දී සන්ධාන ඡන්ද අඩුවී ඇත. මෙවර ඊටත් වඩා අඩු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනුෂ්ක, ඔය ගැන ඔච්චර හිතන්න එපා. මැතිවරණය ඉතාමත් සාදාරන බව මැතිවරණ කොමසාරිස් තුමා ප්‍රකාශ කරලා අවසන්. ඔබට හර්ශ ගෙන් අහන්න දෙයක් නැතිනම් අහන්න. මේ ජය තුලින් දැවැන්ත වෙනසක් කරන්න පුලුවනිද කියලා (නදී)
සාදාරන නොවුණු ඡන්දයක විපක්ෂය ඉදිරි පිම්මක් යනු විපක්ෂයේ ජයග්‍රහණයක්. (නදී)
ඔබතුමා හරි. බදුල්ලේ එක්සත් ජාතික පක්ෂයට වැඩ කළ මිනුස්සු ගැන බලන්න. ඒ වගේම හරීන් තමයි වීරයා ... ඒ වගේම පක්ෂයේ එකමුතුකම වැදගත්. මේ ප්‍රතිඵලය දැකලා දැන් ආණ්ඩුව ජනතාවට සහන දෙන්න පටන් ගත්තොත් කොච්චර හොඳද? (නි)
අවරෝහණ කලාවේ ආරම්භය (නදී)
අවරෝහණ කලාවේ ආරම්භය (නදී)
ප්‍රශ්නය - කාටද යන්න විය. උත්තරය - සන්ධානය විය. ඉන් ඔබ්බට දෙයක් ඉතිරි වී නැත. (නදී)
වැඩකරන විදියට මේ ප්‍රතිඵලය කොහොමවත් මදියි කියලා තමයි මගේ අදහස. (නි)
එක්සත් ජාතික පක්ෂය සුවිසල් පිම්මක් ඉදිරියට පැනීමට ගත්ත අවංක උත්සාහයට සියලු දෙනාටම අපේ ප්‍රණාමය. (නදී)
එ්ක නම් හරි හර්ෂ මන්ත්‍රීතුමා අනික ඔබතුමා බුද්ධිමතෙක් නිසා පහුගිය බස්නාහිර පළාත් මැතිවරණෙට දීපු ලනුව ඔබතුමා ගිල්ලේ නැහැ. නමුත් අපිට දුක හරින් මන්ත්‍රීතුමාට ඔබ තුමාට වගේ බුද්ධියක් නැති කමෙන් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කමත් නැති කරන් අද වැලේ වැල් නැති වුන එකටයි. (නදී)
2009 සමග සන්සන්ධනය කිරීමෙන් පොඩි ගතියක් තිබුණත් සැබෑ විශ්ලේෂණයක් කිරීමේදී අදාල කාල සන්ධර්භය සැලකිල්ලට ගත යුතුයි. එම නිසා පොල්පිත්තක් එජාපය වුවත් ඡන්දය දෙන අය පමණක් 2009 දී එජාපයට ඡන්දය දුන් බව සැලකිල්ලට ගත යුතුයි (නදී)
හොඳ අශ්වයෙක් දැම්මොත් ඊළග ජනාධිපතිවරණයත් දිනන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන්. යූ.එන්.පී. සහ ජ.වි.පෙ. ඡන්ද එකතු කළාම සන්ධානය පරාදයි. හොඳ මගපෙන්වීමක් බදුල්ල ජනතාව මේ පක්ෂවල ප්‍රගතිශීලීන්ට දීලා තියෙනවා. පොදු අපේක්ෂකයෙකුට ජනාධිපති මැතිවරණය දිනන්න පුළුවන්. දැන්වත් හොඳින් හිතලා වැඩකරන්න යූ.එන්.පී. එක කටයුතු කළ යුතුයි. (නදී)
අතිගරු ජනාධිපති තුමා මේරට බේරා දුන්න නිසා තමා ජනතාව පක්ෂ පාට නොබලා එතුමා වෙනුවෙන් හැම මැතිවරණයකදීම සන්ධානය දිනවන්න කටයුතු කලේ. නමුත් ප්‍රාදේශීය සභාව පටන් ඉහල පෙලේ ප්‍රබලයින් දක්වා සියලු දෙනා කරන සුරාකෑම් අසාධාරණ හා නොයෙක් නොයෙක් අපරාධවලට වන්දි ගෙවන්න සිද්ධ වුනෙත් මෙතුමාට. මින් ඉදිරියේදීත් ජනතාව ඉතාමත්ව බුද්ධිමත්ව සිතා තමන්ගේ ජන්දය පාවිච්චි කරාවී කියා විශ්වාස කරමි. (නදී)
අතිගරු ජනාධිපති තුමා මෙරට බේරා දුන්න නිසා තමා ජනතාව පක්ෂ පාට නොබලා එතුමා වෙනුවෙන් සෑම මැතිවරණයකදීම සන්ධානය දිනවන්න කටයුතු කලේ. නමුත් ප්‍රාදේශීය සභාව පටන් ඉහල පෙලේ ප්‍රබලයින් දක්වා සියලු දෙනා කරන සුරාකෑම් අසාධාරණ හා නොයෙක් නොයෙක් අපරාධවලට වන්දි ගෙවන්න සිද්ධ වුනෙත් මෙතුමාට. මින් ඉදිරියේදීත් ජනතාව ඉතාමත්ව බුද්ධිමත්ව සිතා තමන්ගේ ජන්දය පාවිච්චි කරාවී කියා විශ්වාස කරමි. (නදී)
කවදත් සන්දානය දිනුම්. හැම ඡන්දයක් අවසානයේදිම යු.එන්.පි ය පරාදේ පිලි ගන්නේ නැහැ (නදී)
දනුෂ්ක දිසානායක ඔබේ නො දන්නාකම ඔහොම ප්‍රදර්ශනය කරන්නේ ඇයි.? (නදී)
පව් ඔයා පැරදුනාම දුකයි තමයි. මොනවා කරන්නද ඉතින්. සමහරු ගිරිය පුප්පගෙන කෑ ගැහුවනේ. එ්ත් බහුතර මිනිස්සු ගණන් අරන් නැහැ. හරි හරි ලබන සැරේ අපි දෙමුකෝ බැටේ (නදී)
මීළඟට ---- ප්‍රශ්නය - කාටද යන්න වියහැක. උත්තරය - සන්ධානය විසි විය හැක. ඉන් ඔබ්බට දෙයක් ඉතිරි වී නැත විය හැකි. (නදී)
රජය පොඩි මිනිස්සු වෙනුවෙන් දැනෙන යමක් කලයුතුයි. . පාරවල් හදල සංවර්දන වැඩ කරලා තියෙනවා තමයි. ඡන්ද අඩුවීමෙන් පේන්නේ පළාත් සභාවේ හිටියා හරියට වැඩකරලා නැති එකයි. එජාපයට හොද පිම්මක් උනාට මේක රටේම සිදුවෙවි කියලා හිතන්න අපහසුයි. ජේවිපියටයි, පොන්සේකා මහත්තයටයි උනේ මොකද. නිකම් කෑ ගැහුවටම බෑ. මිනිසුන්ගේ විශ්වාසය දිනන්න ඕනේ (නදී)
ගිහාන් ඇයි ඔයා ලංකාවේ ඉඳගෙන නිකන් ලංකාව ගැන දන්නේ නැහැ වගේ කතා කරන්නේ. හරියට අපේ බන්දුල පෙරේරා මහත්තයා වගේ. ඇත්තටම මේක සාධාරණ ඡන්දයක් ද? (නදී)
කොහොම වුණත් 2009 දී ගත් ඡන්ද ගණන සන්ධානෙට තියා වෙන කාටවත් නැවත ගන්න බැහැ. නමුත් යුඑන්පීය ට කවදා ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වේවිද කියන එක සැකයි. හැමදාම ඡන්දෙ අවසන් වුණාම විපක්ෂය ගහන සින්දුව මෙවරත් ගහනවා. ඊළඟ ඡන්දෙන් පස්සේ කියන්නෙත් මේ ටිකම තමයි. (නි)
බමුණු ,තීරු බදු රහිත වාහන විකිණීම කරන්න බැහැ .එහෙම කරනවා නම් හෝ කිරීමට අවශ්‍ය එහි සම්පුර්ණ බදු මුදල රජයට ගෙවීමට වෙනවා. නමුත් එක ක්‍රමයක් තියනවා එය මෙහි සදහන් කිරීමට නොහැක මොකද එය නීතියට පටහැනි නිසා (නදී)
තිලක් ට ඔල්මොරොන්දම් බව පෙනේ. ඉන් ඔබ්බට ඉතිරි වන දෙය ළඟදීම බලාගන්න ඔබට හැකිවේවි (නදී)
දන්නේ නැති හින්දා මම මේ හර්ෂ ද සිල්වා මහත්තයගෙන් අහන්නේ මේක සාධාරණ ඡන්දයක් ද ? (නදී)
මෙවර ගොඩක් දෙනෙක් නින්දෙන් අවදි වී තියෙනවා. කිහිප දෙනෙක් තාමත් ඈනුම් අරිනවා හරියට ඇහැරිලා නැහැ. (නදී)
ජනාධිපතිතුමනි ජනතාව තවමත් ඔබ සමග. එ්ත් මැති ඇමතිලගේ ජරා වැඩ නිසා හුගක් අය කලකිරිලා. මේ අය පාලනය කර නොගත්තොත් ඉදිරිය තවත් අයහපත් වේවි. (නදී)
ආසන මට්ටමෙන් ප්‍රතිඵල දිහා බැලුවාම ඡන්දදායකයන්ගේ අධ්‍යාපන මට්ටම, ජීවන තත්වය, නාගරික සහ ග්‍රාමීය ජීවන රටාව ආදී කරුණු මනාලෙස පේන්න තියනවා. (නදී)
ජයවර්ධන මහත්තයා ඔය ප්‍රශ්නේ ආහාන්න ඕන මැරිච්ච ජේ ආර් ජයවර්දන මහත්තයගෙන්ම තමයි. ඔය ඔබ තුමා කියන විදියේ ඡන්ද මේ රටේ තිබුනෙත් නැහැ තියෙන්නෙත් නැහැ. මනාප ක්‍රමේ හදල තියෙන්නේ ඇන කොටාගෙන මරාගෙන කුලල් කාගෙන හරි පක්ෂේ ඡන්දෙ වැඩිකරලා දීපල්ලා කියලා. මේ මනාප ක්‍රමේ ඕවා නොවෙනවා නම් ඉතින් ඒක ඡන්දයක් නෙමෙයි. (නදී)
මම තව සැරයක් කියනවා මේ ඩිෆෙන්ඩර් බල කිරීමත් එක්ක තමයි මේ ඡන්ද ප්‍රමානේ වත් ගත්තේ එහෙම නොවුනානම් ප්‍රතිපලේ මිට ගොඩක් වෙනස් වෙන්න තිබුණා. (නදී)
ෆස්රුල් ගෆූර් මට තිබෙන්නේත් ඔය ප්‍රශ්නයම තමයි. එ්ත් ගෆුර් පාවිච්චියට ගෙන්වපු බදු රහිත වාහනය විකුණ ගන්න අවසර දීම සහ මජනයාගෙන් එකතු කර ගත්ත වරිපනම් බදු වලින් මෙයාලට තායිලන්තයට යන්න ඉඩදීමත් හරිද. (නදී)
2009ට වඩා 2010 දී සන්ධාන ඡන්ද අඩුවී ඇත. මෙවර ඊටත් වඩා අඩු වී ඇත. ඔය විදිහට නැත්තටම නැතිවී යායුතුය නමුත් එන්නේ යු එන් පි ය නම් එය ඊටත් වඩා භයානකය. (නදී)
මේ ප්‍රතිපලවලින් කියවෙන්නේ යු එන් පියට ජනතා ප්‍රසාදය වැඩි වීමකට වඩා ආණ්ඩුවට ජනතා අකමැත්ත වැඩිවී ඇති බවයි. මට පෙනෙන විදියට එම ජනතා අකමැත්ත තමුන්ට වැටෙන ඡන්ද බවට පත්කරගන්න යු එන් පීයේ නායකයන් කටයුතු කලා මදි. මේ ඡන්දය හැරුන විට පසුගිය ඡන්දවලදී යු එන් පීයේ හැසිරීම බැලුවිට පෙනෙන්නේ ඔවුන් කවදා හෝ ජනතාවට ආණ්ඩුව එපා වූ විට තමුන්ට බලය දෙයි කියා බලන් ඉන්න බවක්. ඡන්ද තිබුණා හෝ නැතා හැමදාම ජනතාව අතර ඉන්නවා නම් ජනතාවට එන ප්‍රශ්ණ වලදී ජනතාව සමග ඉඳිමින් ඒවාට විසදුම තමන් කියලා පෙන්නන්න පුලුවන්නම් යු එන් පියට මිට වඩා ඉදිරියට යන්න පුළුවන්. (නදී)
මෙතරම් ඉක්මනට අලියා වලෙන් ගොඩ ඒවි යැයි අපි හිතුවේ නැහැ (නදී)