එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව මද වේලාවකට පෙර රෝහල්ගත කරනු ලැබීය. එම පිරිස අතර හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාද සිටි බව කරුණාරත්න මහතා පොලිසියට කියා ඇත. එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්කමේ තරම තමයි ඔය පෙන්වන්නේ. හරිම ලැජ්ජයි ලංකාවේ දේශපාලුවන් ගැන (නි)
මීළඟ මැතිවරණය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා රෝහල් වල ඡන්ද විමසීම සුදුසු බව ශ්‍රී ලංකික පුරවැසියෙකු ලෙස ආඩම්බරයෙන් යෝජනා කරමි. (නි)
විපක්ෂය එකමුතු වුවහොත් මෙම පාලනය අවසන් කළහැකි බව පැහැදිලි වන ප්‍රතිඵලයක්. (නි)
එක අතකට ඔය නියෝජිතයෝ එකිනෙකා කපා කොටා ගත්තාට කමක් නැහැ දුප්පත් ඡන්ද දායකයින්ට හිරිහැර නොකර. (නදී)
මොනරාගල ජනතාව ගැන කනගාටුයි. (නදී)
වල්මත් වෙලා වගෙයි හැසිරෙන්නේ. හිතාගෙන ඉන්න ඇති රටේ ජනතාව හැමදාම අහුවෙයි කියලා බොරු වලට (නි)
අහිංසක මිනිසුන්ගේ ජීවිත වල වටිනාකමක් දන්නේ නැති ජාතියක් ලෙස දේශපාලනයට රිංගාගෙන පුද්ගලික තරහ පිරිමහන මිනිස්සු.... (නි)
ලංකාවේ මේ ප්‍රාදේශීය සභා සියල්ලම අහෝසි කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද හැමතැනම වැඩියෙන්ම තිරිසන් විදියට හැසිරෙන්නේ ප්‍රාදේශීය සභා සභිකයන් බවයි පෙනෙන්නේ. ගම්වල බලපත්‍රලාභී චණ්ඩි මෙයාලා තමයි. මෙයාලා නිසා තමයි රජය වැඩියෙන්ම අප්‍රසාදයට ලක්වෙන්නේ. (නි)
ලැබුණු ප්‍රතිඵලය ගැන ලැජ්ජාවට කරන වැඩ මේවා. හරීන්ගේ ජය ගමන ඇරඹුනා (නි)
මෙතරම් මැරකම් මැද බදුල්ල ලැබූ ප්‍රතිඵලය විරුද්ධ පක්ෂයට විශාල හයියක්. නිවැරදි තීරණ අරගෙන දක්ෂ තරුණයින් සන්විධාකයින් බවට පත්කළ යුතුයි. හරින් මහතා ගැන ජනතාව ආඩම්බරයි! (නි)
මේ මිනිස්සු ජනතාවට සේවය කරන්නද මේ විදිහට මරාගන්නේ. ලංකාවේ ජනතාවට ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියල මට නම් හරිම ප්‍රශ්ණයක් (නදී)
මම මොන ආකාරයකවත් ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරන කෙනෙක් නෙමෙයි..නමුත් කිව යුත්තක් තියෙනවා..අපි වපුරන තරමට තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ..ජයග්‍රහණය පැත්ත මාරු වුනු දවසට, මේ සන්ධාන රජය බිද වැටිලා එක්සත් ජාතික පක්ෂ රජයක් ආපු දවසක කට්ටියට මන් හිතන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ මොනවගේ බිහිසුණු කුරිරු දෙයක්ද කියල අත් විදින්න පුළුවන් වේවි..මේවට ප්‍රචණ්ඩ ක්‍රියා කියන කට්ටියට එදාට ඒවාට කියන්න වදන් නැති වේවි.එක්සත් ජාතික පක්ෂ ආධාර කරුව කියන්නේ මැතිවරණ ජයග්‍රහණයකදී තිරිසන් සත්වයෙක්..(ස)
පක්ෂය කුමක් වුවත් මේ වගේ දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන අයට ශාප වේවා! තව කිව යුතු දේවල් ඇතත්, කීමට නොහැක. (නි)