එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාවේ මහ ඇමැති තනතුරට පත්වූ හරීන් ප්‍රනාන්දුගේ තනතුර අත්හිටුවන ලෙස හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ඉල්ලීම පිළිගන්නවා ද නැද්ද යන්න පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව ලබන 21 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
හරීන් ප්‍රනාන්දුගේ පත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් විජිත් මලල්ගොඩ (සභාපති) හා එච් සී ජේ මඩවල විනිසුරුවරුන් හමුවේ අද කැඳැවිණි.
ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දිගින් දිගටම කල් ඉල්ලා සිටි නිසා අධිකරණ කටයුතු පමාවීයැයි සභාපති විනිසුරු ප්‍රකාශ කළේය.
හරීන් ප්‍රනාන්දුගේ තනතුර තාවකාලිකව අත්හිටුවනවා ද නැද්ද යන්න ගැනත්, වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරනවා ද නැද්ද යන්න ගැනත් අභියාචනාධිකරණ 21 වැනි දා තීන්දු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd