ඌව පළාත් සභා ඡන්ද රාජකාරී සඳහා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ දොළොස්දහසක් ඌවට ගොස් සිටිති.
බදුල්ලට ආ පොලිසිය බස් වලින් ඔවුන්ට නියමිත ස්ථාන සඳහා විසිරී ගියහ. දොළොස්දහස් පන්සීයක් පමණ රජයේ සේවකයෝ ඡන්ද කටයුතු සඳහා කැඳවනු ලැබ සිටිති.
ම්‍යස්ථාන 834 කදී සෙනසුරාදා (20) උදේ 7 සිට සවස 4 දක්වා ඡන්දය පැවැත්වේ. ප්‍රසාද ආසන දෙකක් සමඟ මන්ත්‍රීන් 34 දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක්ද ? යුද්දයක්ද .? (නදී)
මැකෝ එක්ක සෙල්ලම් බැහැ.(අ)
විනෝද සවාරියක් යනවා වගෙයි. වැඩක් වෙයිද? (අ)
බලය රැක ගන්න තමයි මේ සේරම. (අ)
මං ඉන්න රටේ මහ ඡන්දෙත් හෙට. එහෙම එකක් තියෙනවා, හෙට ඡන්දෙ දෙන්න ඕන නේද කියල මතක් වුනෙත් දැන්. කිසිම රැස්වීමක් නැහැ, කිසිම මරා ගැනිල්ලක් නැහැ, කිසිම සද්දයක් නැහැ, ඔක්කොටම හපන් එකම පොලිස් කාරයෙකුවත් ඡන්ද රාජකාරිවලට යොදවලත් නැහැ. අනේ ලංකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි! (ස)
මේ බයිනෙත්තු කරේ තියාගෙන යන්නෙත් අපේ ගමේ, පොඩි අප්පු මාමගේ, රන් මැණික නැන්දලගේ, විරෝධාර පුතුන්. රට රකින විරුවනි, ඔබත්, අපිත් ඉන්නේ එකම පන්තියේ, හෘද සාක්ෂියට සවන් දෙන්න. සුබ මැතිවරණයක්!!! (ස)
පොලිසියේ මහත්වරු අපක්ෂපාතීව වැඩකළොත් මල් මිටක්. කොයි පැත්තෙවත් දුෂිතයන්ට ඉඩදෙන්න එපා. (නි)
කොයිතරම් මුදල් කන්දරාවක් නාස්ති කරනවද මේ ඡන්ද වලට? ජනතාවගේ මුදල් කඩින්කඩ ඡන්ද තියලා නාස්ති කරනවට වඩා හොඳ නැද්ද එකපාර මුලු රටේම තියලා නාස්තිය අඩු කරන එක? බොරු සෝබන වැඩ වලට කොයිතරම් නාස්ති කරනවද ??? (නි)
ඌවේ ජනතාව මේ පීඩිත ලෝකයෙන් ගොඩයන්න ආරම්භයක් දෙන්න තරම් බුද්ධිමත් කියා මුළු ලෝකයේම ඉන්න ලාංකිකයින් බලා ඉන්නවා. (නි)
තෙලේ බලේ විදුලි බලේ හැලු මිලේ අය වැයෙන් හැලේ මලේ (ස)
ඔක්කොම හරි කිව්වේ ඕනෑම දේකට සූදානම් කියන එකද? (නි)
අපේම සල්ලි වලින් ඡන්දෙ තියලා, දිනුවාට පස්සේ අපේම සල්ලි කන දේශපාලුවන් පත්කරගෙන, අහස දිහා බලාගෙන ඉන්න අපි මීට වැඩිය දෙයක් ගැන හිතන්න කාලේ ඇවිල්ලා. (නි)
අස්ථාවරත්වයේ බිය නොවේද මේ පෙන්නුම් කරන්නේ? (නි)
පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. මෙච්චර ප්‍රංශයේ ඉදලාවත් මේ වගේ යුක්තිගරුක මැතිවරණයක් දැකලා නැහැ. (නි)
අනේ ඉතින් මේ අය මොනවා කරන්නද? (නි)
රටේ මුදල් ඡන්දෙට වැයවෙනවා..... දූදරුවන් පැදුරේ නිදියනවා.... (නි)
අහෝ අපේ සල්ලි වලට වෙන දෙයක් (දිල්)
ඔක්කොම හරි කිව්වේ පෙට්ටිය මාරුකරලා ගණන් කරන්න විතරද තියෙන්නේ.(අ)
ප්‍රජතාන්තර වාදී අපේ රටේ ඡන්දය පවත් වන්නේ මේ විදිහටද?(අ)
ඡන්දයක්ද? යුද්ධයක්ද? (නි)