ඌව පළාත් සභා ඡන්දය 2014 සැප්තැම්බර් 20 පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා ඡන්ද මධ්‍යස්ථාන 834 කදී පැවැත්වීමට නියමිතය.
ඡන්ද මධ්‍යස්ථාන -
බදුල්ල 516
මොණරාගල 318
ඡන්ද නිලධරයෝ - 12500යි
පොලිසියෙන් - 11000යි
පොලිස් විශේෂ කාර්ය බළකාය - 1000
පොලිස් බුද්ධි අංශ - 500
ඌව පළාත් සභාවට තෝරා ගැනෙන සංඛ්‍යාව මන්ත්‍රීවරු - 32, බෝනස් 2
ඌව අපේක්ෂකයෝ - 617
බදුල්ල අපේක්ෂකයෝ - 294
මන්ත්‍රීවරු - 18
මොනරාගල අපේක්ෂකයෝ - 323
මන්ත්‍රීවරු - 14
ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ - 9,42,730
මොනරාගල ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ - 3,32,764
බදුල්ල ලියාපදිංචි මුළු ඡන්ද දායකයෝ - 60,9,966
ඌව පළාත - මුළු ජනගහණය - 1,187,335
බදුල්ල දිස්ත්‍රික්කය
භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර 2,861
ජනගහණය - 874,006
මොනරාගල දිස්ත්‍රික්කය
භූමි ප්‍රමාණය - වර්ග කිලෝ මීටර 5,636
ජනගහණය - 448,194
2009 වසරේ පැවැති ඌව පළාත් සභා ඡන්ද විමසීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 25ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 07ක්, ජනතා විමුක්ති පෙරමුණ හා කඳුරට ජනතා පෙරමුණ එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.
නාම යෝජනා දින සිට 19 දක්වා පැමිණිලි (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහාවූ ජනතා ව්‍යාපාරය හෙවත් CAFFE සංවිධානය මඟින් ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන අනුව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහාන්, දැන් මිනිස්සු රැවටිලා ඉවරයි. මෙදා බදුල්ලෙන් හොඳ උත්තරයක් ලැබේවි. (නි)
පියුමි, ඔයත් රැවටුනාද.? ඔහොම තමයි අනේ. බොරුව ඇත්තක් කරන දේශපාලකයන් ඉන්න රටක භෞතික දියුණුව දකින්න ආසා නැති කට්ටියට මින් පස්සේ අහුවෙන්න එපා. රට සංවර්ධනය වෙද්දී ඉරිසියාවට කියන බොරු කතා නිසා ඔයා ආයෙත් රැවටෙයි. ප්‍රවේසමින් .(නදී)
ජේවීපී එකේ අයට කොහෙන්ද ඡන්ද හම්බ වෙන්නේ කට විතරයි (නදී)
ගිහාන් ඌව දුප්පත් කියල සඳහන් වුණ රජයේ වාර්තා බොරුද එතකොට ? කව්ද බොරු කියන්නේ ?(දිල්)
යූ. එන්. පී.එක දිනනවා. හරීන් තමයි මහ ඇමති.(අ)
හැමදාම රජ කරන්න බැහැ (නදී)
u.n.p හරින් තමයි මහ ඇමති වෙන්නේ. (අ)
අන්තිම ජනාධිපතිවරනයේදී පැරදුනු අපේක්ෂකයා රට පුරා කියමින් ගිය කතාව තමයි හරීන්ටත් කියන්න වෙන්නේ.(අ)
කොහොම උනට් ජ.වී.පෙ. වැඩි පිරිසක් පළාත්සභාවට යවන එක ජනතාවට හිතකරයි. මොකද ඔවුන් විතරයි නියම ජනතා සේවකින් අපේ රටේ. එමනිසා තීරණ බලයක් සමග ජ. වී. පෙ. පළාත්සභාවේ ඉන්න එක හොඳයි. (ස)
මම මොනරාගල කෙනෙක් විදියට විපක්ෂය අපි දුප්පත් කියල හැම තැනම කිව්වා. හෙට උදේට දුප්පතා කව්ද කියල එයාලටම පෙනේවි (නදී)
කඩේ යන හැමෝටම මම කියන්නේ රටට වෙන විපතින් අපි රට රැකගමු. (ස)
ප්‍රෝඩාවට අසුවෙනවද? වෙනසක් කරමුද? තීරණය ඔබ අතේ.(අ)
ධම්ම, ඔයාට තරු පෙනෙන්නේ ඉරිදා උදේ පාන්දරට (නි)
ආරුමුගම්, ඔයාගේ කතාව නම් හරියටම හරි (නදී)
අද විපක්ෂය කතා කරන්නේ හරියට මැරිලා ඉපදුනා වගේ. අද ඌවේ ජනතාවගේ දුක ගැන කතා කරන අය කොටි බුත්තලට ඇවිල්ලා මිනිසුන් මරද්දී කොහෙද දන්නේ නැහැ හිටියේ.. (නි)
මේ පාර ඌව ජනතාව බුද්දිමත් තීරණයක් ගයි කියල හිතනවා (නදී)
රැවටුණා හොඳටම ඇති. වෙනසක් කරමු (නි)
මේ දිස්ත්‍රික්ක දෙකේම ජනතාවට 20 වෙනිදා බුද්ධිමත් තීරණයක් ගන්න ඕනෑ. (නි)
ගිහාන් මට ඔබ ගැන ලැජ්ජයි. පන්දම් අල්ලලා රස්සාවක් හොයා ගෙනවත්ද මේ ඇස්පනාපිට තියෙන සත්‍ය පෙන්නේ නැත්තේ? (ස)
මෙවර ඇත්තෙන්ම වෙනසක් සිදුවෙන්න ඕනෑ (නි)
ධම්ම, එළිපිට කඩේ යනවා නේද දේශපාලකයන්ට? ලජ්ජා වෙන්න ඕනෑ ඔයාලා වගේ මිනිස්සු. තමන්ගේ රට, තමන්ගේ රටේ ජීවත්වෙන අහිංසක මිනිස්සු, රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ වෙනුවෙන් කඩේ යන්න. ජනතාව මේ පාරවත් බුද්ධිමත්ව තමන්ගේ රට අනාගතය ගැන හිතලා තීරණ ගනීවි කියලා හිතනවා (නි)
කොහොම වුණත් ජවිපෙ ඌවෙන් ආසන 5 ක් ගන්නවා (නි)
සන්ධානයට පහසුවෙන් ජය ලැබෙයි (නි)
කුමන පක්ෂයක වුණත් මහජන දේපල ගසාකන අයට මනාප දෙන්න එපා.ඔබේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න (නි)
ප්‍රධාන පක්ෂය ඡන්දය කෙසේ හෝ ජයගනීවි. නමුත් මෙතන අදහස් දමන අය දැනගන්න ඕනෑ එයාලගේ ආසන 25 අඩුවීම එයාලගේ ජයගැනීමක් නොවන බව. ඒ ආකාරයෙන් අනිවාර්යයෙන්ම රජය විශාල පසුබෑමකට ලක්වෙනවා නියතයි. එය ඔවුන්ගේ ඉදිරි මැතිවරණ වලට තදින්ම බලපාවී. මෙහි ප්‍රතිඵලය ජනතාවාදී වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු (නි)
කවුරු දිනුවත් එකනේ.ඇයි නිකම් තරහා ගන්නේ? (නි)
ජවිපෙට ආසන 6 කට වැඩිය ලැබෙනවා. ඒක ස්ථිරයි. ජයවේවා! (නි)
ගිහාන්ගේ කතාවට මම, මොකුත් නොලිය හිනාවෙලා පමණක් ඉන්නවා. (ස)
කවුද කියන්නේ ඌව දුප්පත් කියලා? ලංකාවට තිබෙන හමර් ජීප් 10න් දෙකක් තියෙන්නේ ඌවේ (නි)
ධම්මට තරු පෙනිලා නැහැ වගෙයි තාම. පෙනෙයි පෙනෙයි ඔහොම යනකොට (නි)
ගාමිණීගේ කතාවට මට හිනාවෙලා පමණක් ඉන්න බැරිම නිසයි මේක ලියන්නේ. ඌවෙ ජනතාව දුප්පත් කියලා පැවසූ විරුද්ධ පක්ෂවල කට්ටියට ඌව ජනතාවගේ පොහොසත් මනසින් කල්පනාකොට දෙන ඡන්දයෙන් යුඑන්පී පමණක් නොවෙයි ජේවීපී එකටත් වෙන්නේ කම්මුලේ අත ගසාගෙන කල්පනාකොට නියම වෙනසක් ඇතිකිරීමට සැලුන් දොර හරහා පාර මාරු කිරීමයි. (නි)
මම මේ කියන්නේ 1983 නේ කතාවක්. විශ්ව විද්‍යාලයේ මගේ බැච් එකේ වැලිමඩ බණ්ඩාරවෙල අය තමයි පොහොසත් ළමයි. මොනරාගල ළමයි හිටියේ යු එන පී අය. එ් අය කිව්වේ අපිට කුඹුරු දුන්නේ ඒ ආණ්ඩුවෙන් කියලයි. එතකොට හිතන්නකෝ ඒ කාලේ තිබුන ආණ්ඩුව මොකක්ද කියලා. අදත් ඒ අයට ඒ වගේ ආණ්ඩුවක ඕනෙ කමක් තියන බව පේනවා. (නදී)