ඌව මැතිවරණයේ අවසන් ඡන්ද රැස්වීම් අද (17) බදුල්ලේ හා මොනරාගල දැන් පැවැත්වේ.
සන්ධානය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනපති ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ද අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා ද අවසන් රැස්වීම් ඇමැතීමට නියමිතව සිටියහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ඡායාරූපය සුදත් සිල්වා)
(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාමත් මිනිස්සු මෝඩකම් කරන්නේ නැහැනේ. බලමුකෝ මෙදා පාර... (නි)
මධුභාෂිනී කියන කතාවට අභියෝග කරන්න කාටවත් බැහැ. එතුමිය බොරුවක් කියා නැහැ කියලයි මම හිතන්නේ. කොනක් අල්ලා අදහස් දානවාට වඩා මධුභාශිනිට තර්කානුකුලව පිළිතුරක් දෙන්නට කවුරුහරි ඉදිරිපත් වෙන්න. අපේ රටේ නායකයා මේ වනවිට කර ඇති ගුණාත්මක වැඩ කොටස රට වෙනුවෙනුයි කර ඇත්තේ. ඉදිරියට කරන්නෙත් එලෙසමයි. ඒවා භුක්ති විඳිමින් කෙනෙහිලි කතා කියන්න එපා. (නි)
තාමත් මෙච්චරම මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නවා එහෙනම්. නැත්නම් වශී බෝල වලට අහුවෙලා වත්ද? (ස)
අපෙ රටේ සිටින , එකම ජතික නායක තුමා, ඇතුළු රජයට ජයක් වේවා! (දිල්)
ඔය රැස්වීම් වලට සෙනග ආපු විදිහ දන්න අය.දිනනවා කියන්නේ නෑ සන්ධානය..(අ)
දාස, ඇත්තටම සමහර ඡායාරූප වල තියෙන්නේ පැරදුනා වගේ මුහුණු ටිකක් (නි)
ඌවෙ හරීන් මහඇමති වෙන එක සක්කරයටවත් වලක්වන්න බෑ(අ)
අපි බලමු මොකද වෙන්නේ කියලා? බොරුකාරයින්ට,වංචනිකයින්ට,තක්කඩියන්ට ඡන්දෙ දෙන්න එපා. (නි)
බලාගෙන ගියාම සන්ධානෙට ඡන්දෙ දෙන්නෙම ගැහැණු අය වගේ..(ස)
අනේ මම නම් මේ නොයිවසිල්ලෙන් 21 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්නේ, හරින් මහත්තය මහා ඇමති වෙනවා දකින්න. සන්ධානයට ඇපත් නැති වේවි. (නි)
ඔය මධුභාෂිණීට ආණ්ඩුවෙන් පිං රස්සාවක් ලැබුනලු...ඒකලු එහෙම අදහස් දාන්නේ....මම දන්නෑ...මටත් කවුද කිව්වා.....(ස)
ඔය අංගොඩ බස්ටෑන්ඩ් එකෙනුත් කට්ටිය ගියේ, ඌවෙ ඡන්දෙට. (ස)
21 වැනිදා වෙනකොට දකින්නට අහන්නට ලැබෙන පණිවුඩය සුදත් සිල්වාගේ ඉහල ඡායාරුපයෙන් මොනවට පැහැදිළිවෙනවා. (ස)
බස් කීයක් අාවදා කියල හොයල බෙලුවේ නැත්ද? (ස)
රනිල් ජාතික නායකත්වට සුදුසු චින්තනයක් ඇති අයෙක් නොවේ.නමුත් ජේ .ආර් මහතා හා මහින්ද මහතා අතර ගැලපීමක් තිබේ (අ)
උෟවේ ජය එක්සත් ජාතික පක්ෂයට, හරින් මහා ඇමති,දෙවනියට රවී සමරවීර ,රෙජීමය පන්නා දැමීමේ සටන ඇරඹුනා ,ජය නියතයි සටනට බුදු සරණයි....(අ).
මොනරාගලට අද භූමි කම්පාවකුත් වුණාලු නේද ? ස්වභාවධර්මයෙන්ම වැඩේ කෙරෙන්න වගෙයි හදන්නේ! ඡන්ද දායකයිනේ මොන පක්ෂේ වුණත් අධමයන්ට හොරුන්ට කසිප්පුකාරයන්ට ඡන්දෙ දෙන්ට එපා!(අ)
හරීන්ට ජයවේවා! (නි)
එජාපයට ජයෙන් ජයම වේවා! (නි)
බත් පාර්සලයයි රුපියල් 500 දුන්නම පිටකොටුවේ ඉන්න හරකුත් මීටින් වලට එනවා. (අ)
දෙපත්තෙම්ම බත් පැකට් සහ කසිප්පු වීදුරුවක් සහභාගි වන අයට දෙන්නට ඇති , නැතිනම් ඔය තරම් ඕවාට යන්නට ඔලුවේ ඔල්මාද වෙන්න ඇති. (අ)
එතකොට කාටවත්ම ඡන්දෙ දෙන්න වෙන්නේ නෑනේ රොකී.(අ)
කිහිප දෙනෙක් ඉන්නවා පරම්පරාවෙන් ආ විදිය වෙනස් කළ අය (නි)
අපේ රටේ ඉන්නේ කළගුණ දන්නා සාධාරණ මිනිසුන් කොට්ඨාශයක්. එය ඌවට පමණක් සිමාවෙලා නැහැ. මහජනතාව දන්නවා අපේ රටේ වර්තමාන නායකයා තනතුරෙන් ඉවත් කරන්නට අවශ්‍යතාවයක් නැති බව. (නි)
මොනවා වුණත් අරගොල්ලෝ තමයි දිනන්නේ (නි)
පින්තුර නො1. (ස)
අනේ ඉතින්! එදා ඉඳලා අපි ඡන්දත් දකිනවා. මේ තීරුවත් දකිනවා.තීරුවේ හැටියට නම් සන්ධානෙට ඇපත් නැති වෙන්න ඕනෑ.අනේ මන්දා! ඒ වුණාට හැම ඡන්දෙකදීම අන්තිමට වෙන්නේ තීරුවේ අයට ඇප නැතිවෙන එක. (නි)
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා !! හරින්ට ජය පතමි. (නි)
ජය වේවා. (ස)
අනේ මධුභාෂිණි, ඔයත් කඩේ යන කෙනෙක්ද? ඔයා මොනවද දන්නේ? (නි)
.මේ වෙලාවේ අපි සැවොම පක්ෂ පාට, ජාති , ආගම, පසෙකලා ජය පොදු අරමුණ කරගමු. (පොදු අරමුණ ප්‍රබල විපක්ෂයක් තුලින් රටේ දුෂිත පාලනය වෙනස්කොට රටේම බලය ලබාගැනීම) (ස)
යූ එන් පී රජයට ජයම වේවා. මිනිස්සුන්ට මොලේ පෑදේවා. (ස)
එක්සත් ජාතික පක්ෂයට ජයෙන් ජයම වේවා! (ස)
රට ගොඩගන්න ඕනෑ නම් යු.එන්.පී. එකට ඡන්දය දෙන්න. ආර්ථිකය හදන්න පුලුවන් රනිල්ට විතරයි! (නි)
බන්දුල මහත්තයා 2001 න් පස්සෙද ඉපදුනේ, මතක නැද්ද රනිල් මහත්තයා ගේ ඒ කාලේ වැඩ, අනේ මන්දා සිංහලයන්ට මුල අමතක වෙන ඉක්මන, අනික පත්මිණි නෝනා කවමදාකවත් රනිල් මහතාගේ රැස්වීම් වලට ගිහින් නැද්ද ? එතුමා හැමවෙලාවෙම අත් උස්සල තමන්ගේ මනාපේ ප්‍රකාශ කරන්න කියල කියනවා දැකල නැද්ද ? (ස)
ඡන්දෙන් පස්සේ බලාගන්න පුළුවන් රටට මොකද වෙන්නේ කියලා (නි)
රටේ අපරාද එන්න එන්නම වැඩිවෙනවා. මේ තත්වයෙන් රට බේරා ගැනීමට යම්කිසි බල තුලනයක් අවශ්‍යයි. කිසිම රජයක් දීර්ග කාලයක් පැවතීම රටේ ජනතාවට අහිතකරයි .දැන්වත් උෟව ජනතාව වෙනසක් කලයුතු වෙනවා. මෙන්න ඔබේ අවස්තාව. (නදී)
ගාමිණි පමණක් නොව මේකට අදහස් දැමූ 70% ක්ම දවල් හීන දකින්නෝය. තවත් පරාජයක් සමඟ අලියා නිදියන්නේ මේ ලියන කට්ටියත් සමඟමය. (නි)
රැස්වීම් දෙකේ ලොකු වෙනසක් පෙනෙනවා මට. මුල් ඡායාරූපයේ සෙනඟ බණ අහන්න වාඩිවෙලා වගේ. දෙවැනි එකේ නම් විශාල ආවේගයකින් කතාවට සවන් දෙනවා. (නි)
අන්න පලවෙනි ෆොටෝ එකේ ජනාධිපති තුමාගේ වම අතේ "සර්ව ජන වශී යන්ත්‍රය" තියාගෙන ඉන්නවා නේද? (ස)
අනේ මධුභාශිනි , ඔයාල වගේ අය ඉන්න තුරු මේ රටට අබ සරනම තමා. දැන්වත් මොලේ ( තියෙනවනම් ) හොඳට පාවිච්චි කලොත් හොඳ. (ස)
බලයේ සිටින ජනාධිපති වරයා මිනිස් කම දන්නා වැදගත් කෙනෙක්. නමුත් එකම තැන දශක ගානක් රැඳී සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන සතුරු කමක්. දියුණු රටවල් ආදර්ශයට ගන්න. මව්බිමට අපි ආදරෙයි. (නදී)
ලංකාව නම් කවදාවත් ගොඩ එන්නේ නැහැ. මේ මිනිස්සු දැක්කහම අනුකම්පාවකුයි ඇතිවෙන්නේ (නි)
මහින්ද මහත්තයා පරාද කරන්න තව ටිකක් මහන්සි වෙන්න වෙයි විපක්ෂෙට. (ස)
ජය වේවා! (නි)
මධුභාශිනි, රට කනකම් උඩබලාගෙන ඉන්න. ඔයාල වගේ අය ඉන්නකම් රට බල්ලට තමයි. (ස)
මේ පාර අලියා ගොඩයයි වගේ (නි)
හරීන්ට ජයෙන් ජය (නදී)
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා !! (නදී)
තම පුද්ගලික ධනයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ දුප්පත් ජනතාවට ගොඩක් අධාර කරන පුද්ගලයෙක් 03 වෙනි පින්තූරයේ පිටි පස්සෙම ඉන්නවා. ඔහු තමා දයා ගමගේ. (නදී)
ඌව හරීන්ටමයි. අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය දිනන්න ඕනෑ. ජයවේවා! (නි)
කියන බොරු වලට පොළව පළාගෙන යයිද දන්නෙ නැහැ සමහරුන්ව (නි)
හරින්ට ජයවේවා! (නි)
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා (දිල්)
යූ එන් පී රජයට ජයම වේවා. මිනිස්සුන්ට මොලේ පෑදේවා.
කාටත් වෙනසක් අවශ්‍යයි. දුෂණය වැඩියි (නදී)
මෙදා යතුර ජනතා විමුක්ති පෙරමුණ ගාව. කාටවත් දඟලන්න බෑ. (ස)
සෙනග අනුව නම් ආණ්ඩුවට ජය දැන්මම දීල කියල පේනවා. (ස)
බලාගෙනයි! ඔය රැස්වීම් වලට එන ඔළුගෙඩි සංඛ්‍යාව ගණන් කරලා ඒ අනුව මං දිනුම්ය කියන්න ගිහින් එක්කෙනෙක් අමාරුවේ වැටුනා. (නි)
අපි 17 අවුරුද්දක් කෑ හැටිත්, 11 අවුරුද්දක් කෑ හැටිත්, 9 අවුරුද්දක් කෑ හැටිත් දැකලා තියෙනවා. ඒවායේ වෙනස අපි දන්නවා.සුගත් දැකලා තියෙන්නේ 9 අවුරුද්ද විතරයි වගේ. මේ කන කෑම හොඳයි අපිට. මේ අය මොකක්හරි දෙයක් රටට කරනවා. ඒ වගේම කරලා තියෙනවා. 21 වැනිදා වෙනකම් ඔහොමම යමු. (නි)
අපේ ගමෙනුත් බස් දෙකකුයි වෑන් එකකුයි ගියා, ඊයේ උදේ පාන්දරම. ඒගමන් මුතියංගනෙයි, මහියංගනෙයි වැඳගෙන එනවා කියලත් කිව්වා (නි)
සමහරුන්ට නම් කවදාහරි වැඩ වරදින්නේ විරුද්ධ පාක්ෂිකයන් කෙසේ වෙතත් හැටහතර මායම් දාගෙන දේශපාලනයේ ඉන්න නෝනලා නිසා. (නි)
බලන්නකෝ එජාපෙ ෆොටෝ එක... (නි)
මධුභාෂිනී, බන්දුල පෙරේරා ,ඔබ වගේ මෝඩ, දුර නොදකින, පාට කණ්ණාඩි දා ඉන්න අය නිසා තමයි දේශපාලකයින් රට විනාශ කරන්නේ. තමන්ගේ රට ගැන හිතන්න. රටේ අනාගතය ගැන හිතන්න. (නි)
දෙගොල්ල එකතු වුණානම් මොනතරම් හොදද? (දිල්)