(ඩයනා උදයංගනී)
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අනතුරු හෝ ආපදා හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් මතු වුවහොත් ඔවුන්ට උපකාර කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය යන අංශයන්හි සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.
විභාගය ආරම්භ වන හෙට (12) සිට නොවැම්බර් 06 දින දක්වා පැය 24 පුරා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කිසියම් දරුවෙකුට අනතුරක් හෝ ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් වේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 117, විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ 070 2117117, 011 3668032/ 28/ 29 හෝ 30 යන දුරකතන අංකයන්ට දැනුම් දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා ගත හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වෛරසය නිසා පාසැල් වල අධ්‍යාපන කටයුතු අඩාල වීමෙන් සියළු දරුවන්ට විවිද කරදර රැසකට මුහුනදෙන්න වූනා. මේ අනපේක්ෂිත කරදරය හේතුවෙන් මෙවර විභාගයට පෙනීසිටින දරුවන් බොහෝ මානසික පීඩා අත්විඳින්න ඇති. මේ කාර්යය දරුවන්ගේ මානසික ශක්තිය ඉහලනැන්වීමට මෙන්න මෙම ආපදාකාරී අවස්ථාවේ දරුවන් වෙනුවෙන් ගන්නාලද ඉතා වටිනා තීරණයක් බවයි මගේ හැගීම.
මගේ කිරි දරුවනි ඔබ සැමට විභාගය කිවම උවදුරකින් තොරව කිරීමට සොභා දහමේ ශක්තිය ලැබේවා. නිදුක් නිරෝගී වේවා.!