විෂය ධාරා හයක් යටතේ 2016 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්  දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය පනහක්  අතුරින් විෂය ධාරා අනුව පළමු වැනි, දෙවැනි හා තුන් වැනි ස්ථාන හිමි කර ගත් සිසුන් වැඩි පිරිසක් කොළඹින් පිට ප්‍රදේශවලින් තේරී පත්වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.

කින්නියා, කල්මුණේ, මනිපායි, චුන්නාකම්, ඔඩ්ඩමාවඩි, කෑගල්ල, හිඟුරග්ගොඩ ආදී ප්‍රදේශවල සිසුහුද ඒ අතර වෙති.

ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ ආර් ඒ නිසල් පුන්සර සිසුවා හිමි කර ගත් අතර දෙවැනි තැන කින්නියා මධ්‍ය මහා විද්‍යාලයයේ එම් රොෂේන් අත්සාර් හිමි කර ගත්තේය. කල්මුණේ තාර්මේල් ෆාතිමා විද්‍යාලයයේ පී ක්ලෙරින් දිලුජාන් ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් තුන් වැනි තැන හිමි කර ගත්තේය.

භෞතික විද්‍යා විෂය ධාරාවෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයේ කේ ඩී එම් අමායා ධර්මසිරි සිසුවිය පළමු තැන හිමි කර ගත්තාය. එම විෂ්‍ය ධාරාවෙන් දිවයියේ දෙවැනි ස්ථානය ගාල්ල රිච්මඩ් විද්‍යාලයයේ යූ ජී චතුර ජයසංඛ සිසුවා හිමි කර ගත් අතර තුන් වැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ එම් බී සවිඳු දිමාල් ගානුක සිසුවා හිමි කර ගත්තේය.

වාණිජ්‍ය විෂය ධාරාවෙන් දිවයිනේ පළමු තැන හිමි කර ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ මුදිත අකලංක රාජපක්ෂ සිසුවාය. එම විෂය ධාරාවේ දෙවැනි ස්ථානය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඊ එෆ් ඔනිල් වින්දුල පෙරේරා හිමි කර ගත් අතර හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රූපසිංහ සිසුවිය තුන් වැනි තැන හිමි කර ගත්තාය.

කලා විෂ්‍ය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි මහනුවර උසස් බාලිකා විද්‍යාලයයේ ආර් ඉන්දීවරී ගවරම්මන සිසුවිය එම විෂය ධාරාවෙන් දිවයිනේ පළමු වැනියා වීමට සමත් වූවාය. කලා විෂ්‍ය ධාරාවෙන් දිවයිනේ දෙවැනි තැන මනිපායි හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෝෂාන් හිමි කර ගනිද්දී තුන් වැනි තැන කිරිබත්ගොඩ විහාරමහා දේවි බලිකා විද්‍යාලයයේ යූ ඩබ්ලිව් අමන්දා පාරමී හිමි කර ගත්තාය.

ඉන්ජිනේරු තාක්ෂණ විෂ්‍ය ධාරාවෙන් දිවයිනේ පළමු තැන චුන්නාකම් ස්කන්ධවාරෝදය විද්‍යාලයයේ කනකසුන්දරම් ජතුර්සජාන් හිමි කර ගැනීමට සමත් විය. එම විෂය ධාරාවෙන් දෙවැනි තැන මාතලේ විද්‍යා විද්‍යාලයයේ කේ ඩබ්ලිව් නිසල් කොබ්බෑකඩුව ද, තෙවැනි තැන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ ආර් ඒ සන්දීපා අන්ජලී රණතුංග සිසුවිය ද හිමිකරගත්හ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු තැන කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයයේ කේ මලිනි ශෂිකලා දිල්රංගි සිසුවිය හිමි කර ගත්තාය. එහි දෙවැනි තැන හිමි වූයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයයේ ටී මයුමි තත්සරණ සිසිවියටයි. තුන් වැනි තැන ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයයේ ඉල්යාස් ෆාතිමා අරෝස සිසුවිය දිනා ගත්තාය.

IMG_20170107_085428

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයේ කේ ඩී එම් අමායා ධර්මසි

P.P

හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රූපසිංහ 

20170107_101545

මාතර රාහුල විද්‍යාලයේ ආර් ඒ නිසල් පුන්සර සිසුවා 

indiwari-gawarammana

මහනුවර උසස් බාලිකා විද්‍යාලයයේ ඉන්දීවරී ගවරම්මාන 

Nisal-Kobbakaduwa

මාතලේ විද්‍යා විද්‍යාලයයේ කේ ඩබ්ලිව් නිසල් කොබ්බෑකඩුව

webIMG_9723

කොළඹ ආනන්ද විදුහලේ මුදිත අකලංක රාජපක්ෂ