IMG-LOGO

‘‘උසස් පෙළ දරුවන්ගේ ගැටළුව නම්‍යශීලිව අවසන් කරන්න‘‘

(නිමල කොඩිතුවක්කු)

ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපහාස හා තර්ජන කිරීම නතර කොට රජය ඔවුන් සමග ගෞරවනීය එකඟතාවයකට පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

වැටුපේ වටිනාකම තුන් තුන්ගුණයකින් අඩුවී ඇති බැවින් ගුරුවරුන්ට ආකර්ෂණීය දීමනාවක් ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එසේ නොමැතිනම් වෘත්තීයවේදීන් රට හැර යාම තවදුරටත් වැඩි වනු ඇතැයි ද 43 වන සේනාංකය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, මුදල් අමාත්‍යාංශය එක්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් ලබා දෙන දීමනාව ජීවන බර සහ සහ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය යන කරුණු සලකා බලා අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් රණවක මහතා කීවේය.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් සකස් කළ ප්‍රශ්න පත්‍ර ඔවුන් පිළිතුරු පත්‍ර පරීක්ෂාවකින් තොරව හදිසියේ ඉවත් වීම යුක්ති සහගත නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයට යම් කාලයක් ලබාදී දරුවන්ට අසාධාරණයක් නොවන අයුරින් නම්‍යශීලී අයුරින් මෙම ගැටලුව විසඳා ගත යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

 



අදහස් (1)

‘‘උසස් පෙළ දරුවන්ගේ ගැටළුව නම්‍යශීලිව අවසන් කරන්න‘‘

කිරිපුතා Monday, 24 April 2023 10:37 AM

මෙයා සුපුරුදු විදිහට බොරදියේ මාළු බාන්න හදනවා මිසක් ප්‍රශ්නය දිහා දරුවන්ගේ පැත්තෙන් බලනවා නෙවෙයි...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site