‘මහ ඡන්දයට පෙර හා පසුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම මැටි මෝල් වැඩක් වසර 13ක් පොත්පත් පාඩම් කර සරසවි වරම් ලැබිමට යන මේ දරුවන්ට මොන අපරාධයක්ද මේ කරන්නේ. එක එක්කෙනාගේ කේන්දර හඳහන් ආදියට ගැලපෙන විදියට මෙහෙම ඡන්ද තිබ්බොත් රට ආපස්සටයි යන්නේ.‘ යැයි හිටපු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.
හොරණ ප්‍රාථමික පාසලක පහේ සිසුන් අමතමින් ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණයන්ගේ අනාගතය යහපත් කරන්නේ මෙහෙම තමයි. (අ)
කාලසටහන අනුපිලිවෙල වෙනස් නොකර සතියක් විභාගේ නැවත්තුවට කිසිදෙයක් වෙන්නේ නැහැ. ළමයින්ට ටිකක් සැනසීමෙන් විභාගයට ලිවිය හැක. (ර)
මෙයා පසුගිය කාලේ හිටියේ කොහෙද? (ර)
ඔබතුමාලට බලය තිබෙන නායකයෝ කුඩු එතනෝල් කාරයෝ ආරක්ෂා කරන විට, තංගල්ලේ සභාපති වගේ දේශපාලන මැරයෝ ප්‍රසිද්ධියේ මිනි මරණ කොට ඒවා මෝල් වැඩ කියන්න ඔබතුමාට බැරි උනා (නදී)
විභාගේ දවස් කීපයක් පමා වීම ළමයින්ට තව ටිකක් පාඩම් කරගන්න අවස්ථාවක්නේ. මේ මිනිහ කියන විදියට අවුරුදු 13 ක ඉගෙන ගත්ත ඒවා දවස් පහක් විභාගේ පමා වුණාම අමතක වෙනවද?(අ)
(පුංචි)පහේ සිසුන් අමතමින් නේද මෙහෙම කියලා තියෙන්නේ? (නි)
නමුත් ඉතින් කේන්දරේට රට පාලනය කරනකොට කවුරුත් කතා කළේ නැහැනේ! (නි)
අපොයි ඔව්! මේගොල්ලෝ කර තිබෙන වැඩ එක්ක බැලුවහම මේක මොකද්ද? (නි)
සිසිර / මහානාම / රාධා, උ/පෙළ කරලා නැතිව ඇති. නැත්නම් ඔය වගේ කියන්නේ නෑ. විභාගේ මැදදී වෙන් කරලා ඔය වගේ ඡන්දයක් හරි කලබලයක් හරි තිබුනම ඇතිවෙන මානසිකත්වය තේරෙන්නේ කරපු කෙනෙකුට විතරයි. ඇයි ඡන්දෙ සුමාන 3ක් කල් දැම්ම නම් මොකද වෙන්නේ. ලංකාවේ ඡන්දයක් කියන්නේ ලොකු කලබලයක්. කියපු කෙනාගේ හරි,වැරදි හොයන්නේ නැතිව කියපු දේ හරිද කියල බලන්න. (නදී)
සිසිර, විභාග අපේක්ෂකයින්ගෙන් 90%කගේ අදහස නම් ටයිම්ටෙබල් වෙනස් නොකළයුතු බව. ඒක විභාගයට මුහුණදීමේදී ගොඩක් බලපානවා (ර)
මේ මන්ත්‍රීතුමටවත් තේරුණා එක ලොකු දෙයක්. AL ළමයිනුත් ඡන්දෙ දෙන්න පුළුවන් අය , ඒ අයත් ඡන්ද වැඩට සහභාගී වෙනවත් එක්ක. ඉතින් මේ විභාගේ ඉවර වෙනකම් හිටියනම් මොකද ඡන්දෙ තියන්ඩ. (ර)
ඒ කතාවනම් ඇත්ත.විභාගේ බව දැන දැනත් මේ ඡන්දය ගෙනාවනේ.(හේ)
ළමයෙක් විභාගෙකට සුදානම් වෙනවා කියන්නේ යහපත් කායික හා මානසිකව, වගේම හොඳ සමාජ වටපිටාවක් ඇතිව කල යුතු භාවනාවක් වැනි දෙයක්. එලෙක්ෂන් පටන්ගත්තම, රැස්වීම් නිසා ශබ්ද, ගෝෂා, ගෙවල් දොරවල් වල ව්‍යාකුලයි . ඒ වගේම ළමයින්ගේ ඔළුවට දැනෙන පීඩනය වැඩ්යි. (ර)
මේක මහ ලොකුවට බලපාන දෙයක් නෙමේ. වතුර වීදුරුවෙත් කිඹුල්ලු දකිනව වගේ වැඩක්. (අ)
කේන්දර වලට ඡන්ද තිබුණේ කාටද කියලා දන්නවනේ! (නි)
කතාවේ ගත යුත්තක් නැතුවම නෙවෙයි. එත් ඉතින් ඕක ප්‍රාථමික පන්ති වල ළමයි අමතනකොට කිව්වා කියල මේ තීරණය ගත්ත අයට විරුද්ද ඡන්දෙ දෙන්න ඒ ළමියින්ට ඡන්දත් නැහැ. මේ තීරණය වෙනස් කරන්න ඒ ළමයින්ට බලයකුත් නැහැ නේද මන්ත්‍රී තුමෝ? ඕක අදාළ පාර්ශවයන්ට කෙලින්ම කිව්වනම් මොකද? අනේ මන්ද මෙහෙමත් දේශපාලකයෝ. තමන් කතාවක් පවත්වනකොට එක පවත්වන්නේ කාටද කියල අවබෝධ කරගෙන එයාලට ගැලපෙන කතාවක් නේද කරන්න ඕනේ! (අ)
පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි පිරිසක් උ/පෙළවත් සමත් අය නෙමෙයිලුනේ.ඉතින් ඒකේ අමාරුව එයාලට දැනෙන්නේ නැහැ (නි)
චන්දයක් ආසන්නයේ (පෙර හෝ පසුව) මෙවැනි වැදගත් විභාගයක් පැවැත්වීම සුදුසු නැහැ. මේ අයත් කේන්දර පස්සේ යන අය බව තේරෙනවා මේ මෝඩ තීරණ වලින්. (අ)
ඒ කතාවනම් ඇත්ත. විභාගේ බව දැන දැනත් මේ ඡන්දය ගෙනාවනේ. (ර)
දැන් ඉන්න මැටි මෝල් දේශපාලනඥයිනට ඕව හිතන්න මොලයක් නෑ ඔබ කියන දේ හරි. (ර)
කියන කෙනා නම්... (ර)
මේ ගැනනම් ඇත්තටම ගොඩක් දුකයි.(හේ)
දියවන්නාවේ ඉන්න අය අධ්‍යාපනයට හෙන ගැහුවත් කමක් නැහැ. ඒ අයට ඕනේ ඡන්දෙ අරන් හම්බකරගන්න.(හේ)
මටනම් හිතෙන්නේ පාර්ලිමේන්තුවට යන අය ගණන ඉහලයි කියලා බයවෙලා වගේ(හේ)
ඡන්දෙන් පස්සේ විභාග වැඩ තිබුණා කියලා එ්ක බලපෑමක් වෙන්නේ නැහැ. (නදී)