උසස් පෙළ තාක්ෂණ සිසුන්ට සිදුවෙතියි කියන අසාධාරණයන්ට එරෙහිව පාසල් සිසුහු අද (6) පැලවත්ත, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝණයක නිරතවූහ.
ඡායාරූප සහ වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
උසස් පෙළ තාක්ෂණ සිසුන්ට සිදුවෙතියි කියන අසාධාරණයන්ට එරෙහිව පාසල් සිසුහු අද (6) පැලවත්ත, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝණයක නිරතවූහ.
ඡායාරූප සහ වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් මොනවද කියලත් දැම්මනම් තමා වටින්නේ. (ර)
රට කන දේශපාලුවන්ට වඩා මේ අහිංසක සිසුන්ගේ ඉල්ලීම කොච්චර සාධාරණද? හරියට සිදුකරන උද්ඝෝෂණයේ වරද කුමක්ද.? (ර)
මේවා එහෙම තමයි. (ර)
මොනවද අසාදාරනය ? (ර)
අමල්, ඇයි බයද? අයිතීන් වෙනුවෙන් උද්ගෝෂණය කිරීම අයිතියක්. පාසල් සිසුන් කියල වෙනසක් නෑ. (ර)
උදාකර, බය නෙමෙයි දුකයි. කාට කඩේ යනවද කව්ද දන්නේ.? (ර)
තාක්ෂණික විෂයධාරාවක් කලින් රජය හඳුන්වාදුන්නා. දැන් ඒක නැති කරන්න යන්නේ. මේක ලංකාවට ගැලපෙනම විෂය ධාරාවක්. ළමයි කලබල වෙන එක වැරදි නැහැ (බ)
හරිනම් මේකට දෙමව්පියන්ගේ උදුව්ව දෙන්න ඕනා. එතකොට තමයි මේකේ වටිනාකම (නදී)
මොනවා වුනත් සිසුන් මේවට යොදවන එක වැරදි... මේවා වැරදි ආදර්ශ...(බ)
ළමයි හරි. (ර)
මේ සිසුන් රටට සම්පතක්. ඔවුන්ගේ අනාගතය සුරකින එක රජයේ වගකීමක්.(නදී)
ඔයාලා ඔය කොහොම අදහස් ප්‍රකාෂ කරත් ඒ දුක දන්නේ අපි වගේ තාක්ෂණවේදය කරන ළමයි තමයි. මොකද අපිට තාම මේක අලුත් විෂයක්, තාම පාසල් වලට හරියට ගුරුවරු නෑ.. තියරි වලට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් 20 ක තියෙනවා.. ඒවා කරන්න තාම පාසල් වලට පහසුකම් නෑ... ඒත් ටෙක් වල ඉගෙන ගන්න ඔය ළමයිට ඔය සෑමදේම නොමිලේ කරනවා. ඒ නිසා මුලින්ම තාක්ෂණවේදය විෂයට ආපු අපි වගේ ළමයින්ට මේක අසාධරණ වැඩක් නෙවෙයිද...???? ඔයාලට තේරුම්ගන්න. මේ හැම ප්‍රශ්නෙටම දේශපාලනට ගාව ගන්න එපා.. මම ඉහළ ඔක්කොම ප්‍රතිචාර බැලුවා.. වැඩි දෙනෙක් දේශපාලනය ගාවගෙන තමා කතා කරන්නේ.. මෝඩ කමනේ. සත්‍ය සොයලා බලලා කතා කරන්න. අදහස් ප්‍රකාශ කරන්න. මේක අලුත් විෂයක් වගේම එහි තිබෙන වටිනාකම නැති කරන්න එපා. ඒ වගේම මේ විෂය ආරම්භයේදී ළමයිගේ හිත් වලට ලබාදුන්න බලාපොරොත්තු නැති කරන්න හදන්න එපා (අ)
කකුළුවෝ කවදද පොඩි එවුන්ට කෙලින් යන්න පුරුදු කෙරේ. (ර)
හෙට අනිද්දා අත දරුවොත් උද්ඝෝෂණය කරයි කිරි පිටි තවත් අඩු කරන්න කියලා. (නදී)
මේක හොද දෙයක් නෙමෙයි. පාසල් සිසුන් උද්ඝෝණයකට යොමුකිරිම. ගුරුවරු නිදි ද? (දිල්)
දැන්ම ඉදන්ම මේවා පුරුදු වුනොත් විශ්ව විද්‍යාලයේ ගියොත් මේවා සුදුසුකම් (දිල්)
තාක්ෂණික විෂය ධාරාවෙන් මෙවර උසස් පෙළට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය ප්‍රයෝගික දැනුම නිසි අයුරින් ලබා දීම බලධාරීන්ගේ වගකීමක්..මන් දන්නා විධියටනම් ප්‍රයෝගික පමණක් නෙමෙයි න්‍යායාත්මක දැනුමත් සිසුන්ට නිසි පරිදි ලැබෙන්නේ නැහැ..අපේ රටේ දියුණුවට ඉතාමත් ඉහල වැදගත් කමකින් යුත් විෂය ධාරාවක් වන මෙම විෂය ධාරාව ඉගෙනුම හා ඉගැන්වීම් ක්‍රියාවලියේ අඩුපාඩු ඉක්මනින් සකස් නොකොළොත් මේකෙන් බලාපොරොත්තු වුනු කිසි ප්‍රතිපලයක් ලබාගන්න බැරි වේවි...ප්‍රයෝගික අධ්‍යයනය සදහා ඇති අවම පහසුකම් මග හැරවීම සදහා පරිගණක මෘදුකාංග ඇසුරින් නිර්මාණය කල ආකෘති භාවිතය හොද විකල්පයක් වේවි..කරුණාකර වැඩි අවධානයක් ඒ පිලිබදව යොමු කරන්න..අවශ්‍ය මෘදුකාංග පහසුකම් සපයා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර වලින් උපරිම ප්‍රයෝජනය ළමුන්ට ලබා දෙන්න.. (නදී)