(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ) 

අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති "විභාග  කාලසටහන" ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට අද (28 ) රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න යන මහත්වරු නම්කර ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවත් , ඔවුන්ගේ විෂය නිර්දේශ පවා නිසි අයුරින් සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

2021 අපොස උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වනදා ආරම්භ  කිරීමට නියමිතව ඇත.