(යොහාන් භාසුර)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනිද්දා (25) අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව එම සම්මේලනයේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් දීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව කී එම නිලධාරියා අඟහරුවාදා පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ගැන තීරණයක් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම තම රාජකාරි කටයුතු වලට අයත් නොවන අමතර කාර්යයක් බව ආචාර්ය සමිති පවසයි එසේ නම් ඔවුන් ගේ වෘත්තීය සමිති ඔවුන් ගේ සාමාජිකයන් ට එම කටයුතු වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම නීති විරෝධී බව වටහා ගැනීමට රජයේ වගකිවයුතු නිලධාරීන් ට නොහැකි වීම මවිතයට කරුණකි අධ්‍යාපන වෘත්තීය සමිති වලට අයත් නොවන දුම්රිය නතර කිරීම වැනි කටයුතු වර්ජනය කරන ලෙස ඉදිරියට ඉල්ලා සිටි විට දුම්රිය නතර කරයි ද මෙම තත්ත්වය අනුව පැහැදිලි වන්නේ පිලිතුරු පත්‍ර පරික්ෂා නොකරන අය එම තීරණය එකිනෙකා පුද්ගලික ව ගෙන ඇති බව යි ඒ අනුව රාජකාරි පැහැර හැරීම පිළිබඳ ව කඩිනමින් නොපැමිණි අය වෙනුවෙන් පියවර නොගැනීම පිළිබඳ ව කඩිනමින් රජයේ වගකිවයුතු පුද්ගලයන් ගෙන් කරුණු විමසන ලෙස මෙම ප්‍රශ්නය හමුවේ දැනටමත් දරුවන් වෙනුවෙන් හඩක් නගන අපගේ දරුවන් ගේ එකම ගැලවුම්කරු වන ජනමාධ්‍ය වේදීන්ට ආරාධනා කරමු
ආර්ථික කඩා වැටීම නිසා පමණක් නොව, විදුලි කප්පාදුව, කොවිඩ් ව්‍යවසනය, පාස්කු ප්‍රහාරය ආදිය නිසා දරුවන් හට වූ හානිය අපමණයි. බදු අනුපාත වැඩිවීම ඉතා අසාධාරණයි. එය ඔබට මෙන්ම සමස්ත පුද්ගලික අංශයටම බලපා ඇත. එසේ නමුත් මහත්වරුනි, නැවතත් සිතන්න මේ දරුවන්, අපේ දරුවන්... හෙටම ප්‍රශ්න පත්‍ර බලන්න. රට කරවන අය මේ බදු ප්‍රශ්නය විසඳන්න. බදු නොගෙවන අය ගැන විමසන්න. ගෙවන මිනිස්සු තවත් හිර නොකරන්න. රජයේ හිතුවක්කාරකම් වලට එරෙහිව අසරණ දරුවන්ගේ අනාගතය විනාශ නොකිරීමට වැදගත් මහත්වරු කාරුණික වන්න.
මේක බලන්න පාසැල් ගුරුවරු යොදා ගන්න. මොකටද විශ්වවිද්‍යාල ආචාර්යවරු?