උසස් ජාතික ඩිප්ලෝමාව පෞද්ගලීකරණය කිරීම නවත්වන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බදුල්ල උසස් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිසුහු අද බදුල්ලේ මාර්ග හරස් කරගෙන උද්ඝෝෂණයක් කළහ.
එම ආයතනය ඉදිරිපිට සිට බදුල්ල නගරයට පැමිණි සිසුහු ඌව පළාත් සභාවට ඉදිරිපිට මාර්ගය අවහිකර විරෝධතා පැවැත්වූහ.
මේ අතර උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍යන්හට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රු5000 දක්වා වැඩි කරන ලෙසත්, සිසුන්ගෙන් අත්තනෝමතිකව මුදල් අය කිරීම නවතා දමන ලෙසත් ඉල්ලා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය අද (08) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කළේය.ෙ
(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)
(ඡායාරූප-ඉෂංක සුනිමල්)














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනි අතකින් අත්පුඩි ගහන්න බැහැ. අධ්‍යාපනික ගැටළු වලට මේ දක්වා කිසිම රජයක් කල්පවතිනා විසඳුමක් දෙන්න අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මතු උපදින පරම්පරාවල දරුවනුත් මහමඟට බසින එක වළක්වන්න බැහැ. මේ රුදුරු චක්‍රයක්. (නි)
නොමිලේ උසස් අධ්‍යාපනය ලැබෙනකොට , ඉගෙනීම හරියට කර ගෙන රටට සේවයක් කරන්න පටන් ගන්න ඕන නේද ? ඒ වෙනුවට තව දේවල් ඉල්ලමින් , වෙනත් අයගේ අධ්‍යාපන අයිතියට අභියෝග කරමින් කාලය කා දමනවා. ඔය ළමයින් පුද්ගලික උපකාරක පන්ති ගියේ නැද්ද ? මේ විදියට බැලුවොත් හෙට අනිද්දාට පුද්ගලික රෝහල් වල ළමයි ඉපදෙන එකත් තහනම් කරන්න කියලා කට්ටියක් පාරට බහීවි. (හේ)
හරි එහෙනම් උසස් ජාතික ඩිප්ලෝමා ඕනෑ නැහැ කියලා අතඇරලාම දාමු. රටේ පරිපාලනය හරියට වෙන්නේ නැත්නම් සිසුන්ට විතරක් නොවේ මහජනතාවටත් යන්න වෙන්නේ පාරට තමයි. දරුවන්ට ජයවේවා!!! (නි)
වගකීම්විරහිත ඉල්ලීම් හා හුදු විරෝධය පමණක් අද ශිෂ්‍ය සටන් වල ස්වභාවය බවට පත්වීම කණගාටුවට කරුණක්. එසේම පාරවල් වසා බලහත්කාරය සහ මහජනයාට හිරිහැර කිරීමේ ක්‍රියාමාර්ගයද පෙන්නුම් කරන්නේ ආත්මාර්ථයම හැර වෙන කුමක්ද? (නි)
මව්පියන් දුක්මහන්සි වී ළමයිව උසස් අධ්‍යාපනයට යොමුකරනවා නේද? මේ ගැන සිතා දේශපාලන අතකොලු නොවී අධ්‍යාපනය අවසන් කර රටට සේවයක් කරන්න. (නි)
පොදු මහජනයාට හිරිහැර වන පරිදි මාර්ග අවහිර කිරීම් අනුමත කළ නොහැක. ගැටළු වලට කඩිනමින් විසඳුම් සෙවීමට අදාළ පරිපාලන නිලධාරීන් රාජකාරිමය ලෙස කටයුතු නොකිරීම පළමුවෙන්ම විමසිය යුතු වේ. ගැටළු නිරාකරණය කිරීමේ ප්‍රායෝගික නව ක්‍රමවේදයන් සළකා බලමින් අනුමත නිසි ක්‍රමවේදයක් කඩිනමින් ව්‍යවස්තාපිතව ඉදිරිපත් කළයුතුව ඇත. (නි)
ලංකාවෙන් පිටත ඉන්න මට මේවා දකිනකොට නිකන් විහිළුවක් වගේ.(ම)
මේවට කිසිත් නොදන්නා උදවියගේ අදහස් පලක් නැත. මේ තරුණයන්ගේ අසාධාරණයට සවන්දිය යුතුය. මේ ගැටළු සමස්ත ශිෂ්‍යන්ටම අනාගතයේදී බලපාවි. ගමේ දුප්පත් අයගේ දරුවට නොමිලේ උසස් අධ්‍යාපනය ලබන්නට තියෙන තැන! (නි)