කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවය කරමින් සිටිය දී රුපියල් 840ක සුළු කෑම සොරකම් කළැයි කොල්ලුපිටිය පොලිසිය පැවරූ නඩුවකින් 17 හැවිරිදි තරුණයකු මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියෙන් විසඳිය හැකි සිද්ධි උසාවිය දක්වා ගෙන ඒම ගැන පොලිසිය දොස් තැබීය.
අඟහිඟකම් නිසා කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවයට ගිය තරුණයා බැලීමට ඔහුගේ සහෝදරයකු ගොස් ඇති බවත්, සහෝදරයාට සංග්‍රහ කිරීමට ආහාර නැති තැන වෙළෙඳ සලේ විකිණීමට තිබූ රෝල් දෙකක්, කේක් කැබැල්ලක් සහ බීම බෝතලයක් දී ඇති බවත්, එය තම වැටුපෙන් අඩු කර ගන්නා ලෙස තරුණයා ඉල්ලුවත් රුපියල් 840ක ආහාර සොරකම් කළා යැයි නඩු පැවරූ බවත්, සති දෙකක් වෙළෙඳ සලේ සේවය කළ දරුවාට වැටුප් නොදී සේවයෙන් නෙරපා ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
රටේ මීට වඩා අපරාධ සිදු වෙද්දී පොලිසියෙන් විසඳිය හැකි සුළු සිද්ධියක් අධිකරණයට ගෙන ඒම ගැන පොලිසියට දොස් නැගූ මහේස්ත්‍රාත්වරයා එම තරුණයා වෙළෙඳ සලේ සේවය කළ කාලයට අදාළ වැටුප ගෙවන ලෙස ද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස් තැන් දැක හැකිලෙන්නේ- මිටි තැන් දැක පුප්පන්නේ- නිවටුන් බව දැන ගන්නේ. පොලිස් නිලධාරිනුත් ඒ වගේද? (අ)
බඩ ගින්නට කෑම හොරා ගත්තට කමක් නැහැ. මහා දවල් අපේ මුදලින් කොමිස් ගහන අය අල්ල ගන්න බැහැ. වරෙන්තු කාරයෝ එළිපිටම ඉන්නවා.කෝ අල්ලනවා. අනේ මෙහෙම පොලීසිය! (ස)
රතී මිනිස්සුන්ට කොහෙද දුකක්. දැන් ඒක පුද්ගල ආදායම ඩොලර් 4000, එය ඉතා නුදුරේම ඩොලර්7000ක් වෙනවලු. රතී කොහෙද බඩගිනි තියෙන්නේ, බඩගිනි කාරයෝ ඉන්නේ, ඇමරිකාවේ, ජර්මනියේ, එංගලන්තේ,නොර්වේ වැනි රටවලනේ. (ස)
කාලෙකින් බුද්ධිමත් මනුස්සකම අගයන නඩුකාර තුමෙක්. (ස)
මම ඒ කඩය දන්නවා එක කොල්ලුපිටියේ තියෙන එකක් (අ)
පොලිසිය දන්නේ මේ වගේ බාල වැඩ කරන්න විතරමද? සමහර විට කඩෙන් ජරාව කනවා ඇති. (ස)
තිලිණ ගමගේ මහත්තයෝ ඔබට ජාතියේ උපහාරය. (ස)
පොලිස් නිලධාරීන්(සියල්ලම නොවේ.) විසින්ම පොලිසිය සමාජයෙන් ගැරහුමට ලක් වන තැනට ඇද දැමීම ඛේදවාචකයකි. මේ දරුවා යම් හෙයකින් දඬුවම් ලබා මානසික පීඩනයට ලක් වූවේ නම් ඔහුගේ අනාගතයද අඳුරු වන්නට ඉඩ තිබිනි. මනුස්සකම් හොඳින් දත් ගරු විනිසුරුතුමන්ගේ තීරණය පොලිසියට දුන් අවවාදයක්ද විය.පොලිසියේ සමහර නිලධාරීන්ගේ පටු මානසිකත්වය දුරු කර ගුණ යහපත් පොලිසියක් නිර්මානය කිරීම පොලිස්පතිතුමාගේ වගකීමක් වන්නේය.එය එසේ වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (ස)
අපේ පොලිසිය පොඩි එකාව , නැති බැරී එකාව තලනවා. නඩු පවරනවා . පුළුවන් එකා , තියෙන උන් පොලිසියට ඇවිත් ගහල බැනල යනකම් යටහත් කමින් බලා සිටිනවා . ඔන්න අපේ ශ්‍රී ලංකාවේ පොලිසියේ තරම . මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා උතුම් සේවයක් කරනවා. ඔහුට බොහෝ තුති. (ස)
පොලිස් ලොක්කෝ ටික එකතු වෙලා තරුණයාව හම ගහලද දන්නේ නැහැ උසාවි දැම්මේ. (ස)
සුසන්ත,ඔබ වැරදියි. නීතිය කාටත් පොදු වුණත් , අවස්ථාව අනුව නියමයන් වෙනස් වෙනවා. (නි)
ලංකාවේ පොලිසිය දැන් උස් තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුප්පන තත්ත්වයට පත්වෙලා (නි)
ඉස්සර අපි කියවපු "මනුතාපය" මට මතක් වුන. (දී)
මට නම් ඒ තරුණ ළමය ගැන අවංකව කනගාටුයි. පිට පලාතක සේවයට ගිය මගේ බාල සොහොයුරා ඔහු බලන්නට ගිය සැමියාටත් මටත් , ඒ ප්‍රදේශයේ ආපන ශාලාවකට කැඳවා ගෙන ගිහින් සංග්‍රහ කල හැටි මතක් වුනා. ඇත්තටම කදුළු ආවා. මහේස්ත්‍රාත් තුමා ගේ මිනිස් කමට මගේ ආචාරය .(දී)
තිලින ගමගේ යනු සුවිසේශිවු විනුසුරුවරයෙක් හොඳ තීරණයක් මගෙන් සුබපැතුම්
තිලින ගමගේ මහත්තයට අපගේ උත්තමාචාරය (දී)
මටත් වුණානේ එහෙම දෙයක්. මගේ වත්තට අනවසරයෙන් ඇතුලු වූ පුද්ගලයෙක් වතුර බට කැඩුවා. එය මම 119 ට දැන්වූවා. ඉන්පසු ඔහුට පොලිසියට එන්න කිවුවා. පොලිසියට මම ගියාම මාව අත්අඩංගුවට ගන්න ඕනෑලු (නි)
ඔබගේ තිරණය හරි මහරගම ඔවැනි දේවල් උනා (දී)
ඒ තීන්දුවට අපි ගරු කරනවා (දී)
මහ අයට තලන්න බැරි මදිපාඩුව අසරණයින්ගෙන් අල්ලන්න හදන එක වැරදියි.රථ වාහන වලදී වුණත් පොලිසිය යතුරුපැදි තමා වැඩියෙන් නවත්වන්නේ (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ නමුත් ඔක්කොටම වඩා මානුෂිය පදනම යටතේ හිතන්න ඕනේ (දී)
හෝටලේ නමත් දැම්ම නම් තමයි හොඳ . (දී)
මේ කඩය තරු පහේ එකක්ද? (නි)
නිතිය කාටත් පොදුයි නේද (දී)
මහේස්ත්‍රාත්තුමාට මගේ හිසනමා නමස්කාර කරමි. (දී)
අහිංසක ළමයෙක් උසාවියට පින්සිද්ද වෙනවා (දී)
මේ වගේ නීති ගරුක රටක අපරාද නැති රටක මහා පරිමාණ වංචා නැති රටක ඔහොම පොඩි වරදක්වත් වෙන්න බැහැනේ. (දී)
මීට අවුරැද්දකට විතර කලින් පොල් ගෙඩි 6 හොරකම් කල කියල කෙනෙක් උසාවියට ගෙනාවා නේද (දී)
හැබෑට කඩ හිමියා නිතිය කඩලා (දී)
බොහොම අගේ ඇති නියෝගයක් (දී)
අවුරුදු 18 ට අඩු කෙනෙක්ව සේවයට බඳවා ගැනීමෙන් මේ වෙළඳ සල් හිමියා නීතියක් කඩල නැද්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (දී)
වරදට දඩුවම හොදයි හැබැයි හැමෝටම එක වගේ සැලකුවොත් නේද හොද (දී)
පොලිසිය කල වැඩේ වැරදියි (දී)
උසාවියට මගේ උත්තමාචාරය (දී)
වැදගත් තීරණයක්. මේ රටේ ලොකු ලොකු මිනිස්සු කරන මහා අපරාද හොයන්නේ නැතුව මේ 2.50 දේවල් උසාවි දානවා.කාවවත් විශ්වාස කරන්න එපා (දී)
උසාවියට අපේ ප්‍රණාමය (දී)
ඕව ඉතින් අපේ රටේ සිද්දවෙන සාමාන්‍ය දෙයක්නේ. නැති බැරි මනුස්සයට කවදාවත් සහනයක් කාගෙන්වත් නැහැනේ (නදී)
විනිසුරු තුමාට අපේ ආචාරය. පොලිසිය මෙයින් වත් පාඩමක් උගනියි යයි සිතමු. (දී)
මේ ඉටු කල සාධාරණය වෙනුවෙන් මගේ ප්‍රණාමය (දී)
ඔබ තුමන් වැනි රාජ්‍ය සේවකයින් අද සිටින්නේ අතලොස්සක් පමණි. ඔබට ජයෙන් ජයම වේවා (දී)
නඩුකර තුමනි අසරනයට සාධාරණයක් කල ඔබ උතුම් මිනිසක්
ඔව් .පොලිසියට පුළුවන් මේ වගේ අහිංසකයන් අල්ලන්න විතරයි,මහා හොරු නිදැල්ලේ,මගේ ගේ හොරු කැඩුවා දැන් සති 2 ක් ,ලක්ෂ 8-10 මට නැතිවුනා,තාම කිසිම හෝඩුවාවක්වත් නෑ.(අ)
තිලිණි ගමගේ මහත්තයට මගේ උණුසුම් සුභ පැතුම්. (ස)
තිළින ගමගේ මහතා අපට තිළිණයක් ! (අ)
මම ඔබගේ තීන්දුවට ගරු කරමි. (ස)
මහේස්ත්‍රාත් තුමනි ඔබට චිරාත් කාලයක් අපේ රටට සේවය කිරීමට ශක්තිය ලැබේවා (දී)
මහේස්ත්‍රාත්තුමනි ඔබට මුළු රටේම ප්‍රණාමය (දී)
තිළිණ ගමගේ මහේස්ත්‍රාත්තුමා දුප්පතාගේ දුකහඳුනන නිහතමානී පුද්ගලයෙක්.රුපියල් 150 ක් පමණ වන බිලකට 840ක් දැම්මනම් මෙය තරුපන්ති හෝටලයක් වෙන්න ඇති.පොලිස්සියත් දන්නේ මෙවැනි අහිංසකයන්ට නීතියේ,පොලිස්බලේ පෙන්වීමතමා. (දී)
පොලිසිය ජරාව කනහැටියට ඕවා මොනවද (අ)
මෙන්න නියම මනුස්සයෙක් (දී)
අයියෝ ප්‍රීති මෙතන වරදක් කළා කියල තියෙන්නේ පොලිසියනේ ඒ අහිංසක ළමය අයියට කන්න දීල එම මුදල තම වැටුපෙන් කපාගන්න කියලනේ තියෙන්නේ..ඔයාට තේරෙනවා මදි නේද ඔන්න මන් තවත් තේරුම් කරා. (අ)
ගරු මහේස්ත්‍රාත් තුමානන්ට අපේ උත්තමාචාරය! (අ)
මේකේ අයිත් හංගන්න දෙයක නැහැනේ, අධිකරණයට ගොස් ප්‍රසිද්ද වූ දෙයක් නේ. මේ වගේ කැත වැඩ කරන ආයතනවල නමත් එක්ක දාන්න ඕනේ. (දී)
අනේ මෙහමත් පොලිසියේ වැඩක් (අ)