පුන්කුඩිතිව්හි සිසුවිය පාසල් නිල ඇඳුමෙන් සිටියදී දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය වෙනුවෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් අද(15) නැවත කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව හා සහෝදරයාගේ සාක්කි කැඳවන අවස්ථාවේ සිහි මුර්ජාවී රෝහල්ගත කළ බව අධිකරණ ආරංචි කියයි.
ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිල්ලේනාදන් චන්ද්‍රකාන්තන් (31), මහාලිංගම් සුෂිදරන්(30), ශිවදේවන් තුෂාන්තන් (23), පී.කුගදාසන් (26) , ජෙයකරන් ගෝපිතන් (26) හා මහාලිංගම් සෂිකුමාර් (41) සහ එකම පවුලේ තිදෙනකු වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජයකුමාර් හා පූබාලසිංහම් තවකුමාර් යන සැකකරුවන් යළි ජුලි 13 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමටත් අදාළ සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයට පැවරීමටත් කයිට්ස් මහේස්ත‍්‍රාත් වි.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර රුවන්, ඔයත් එහෙනම් මේ නඩුවට සම්බන්ධ චූදිතයෙක් වගේ පේන්නේ, (ස)
අනේ කෝ එල්ලුම් ගහ (ම)
පක්ෂ පාට නොබලා එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇත. නැතහොත් අනාගතය පිලිබදව සිතීමටවත් ඉඩක් නොලැබී යනු ඇත. (ර)
කොහොම වුනත් ඔය ස්ත්‍රී අපචාර සැක කරුවන්ට ඇප දෙන විලාසිතාව නම් නතර කරන්න ඕනා. ඊළඟට ඒ පුද්ගලයා ගෙදර යන ගමන් එක්කෝ සාක්ෂි විනාශ කරනවා. නැති නම් අගතියයට පත් පාර්ශවයට සහ සාක්කිකාරයන්ට තර්ජනය කරලා කට වහනවා. කොහොම කිව්වත් මෙන්න මේ අපචාර සැකකරුවන්ට ඇප දීම අපේ නීති පද්ධතියේ විශාල හිඩැසක් බව පිළිගන්න ඕනා.(නදී)
අපරාධ වලක්වා ගත හැක්කේ දඬුවමින් පමණක් නොවෙයි. මේ අපරාධ ඇති වීමට බලපාන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයේ වෙනසක් හරහා පමණි. ඒ සඳහා දැනුම අවබෝධය හා සියල්ලන්ගේ මානුෂිය කැපවීම අවශ්‍යවේ. (ර)
ඔන්න ජනපතිතුමනි එල්ලුම් ගහ ගෙනෙන්න හොඳම වෙලාව.ඔබතුමාට විතරයි කළ හැකිවන්නේ ඒ දේ.ඒ සඳහා දිරිය සවිය ලැබේවායි ඉතසිතින් පතමි. (නි)
අනේ අපි නම් කියන්නේ මේ වගේ තිරිසනුන් ආයුධ පෙන්වන්න ගෙනියන්න කියලා. ජාති ආගම් භේදයක් නැතුව අහිංසක ගැහැණු දරුවන්ට මේ වගේ අපරාධ කරන අයට උන්ගේ අම්මලාගෙන් බීපු කිරි මතක්වෙන්න දඬුවම් දෙන්න. ඔවුන් තවත් ගැහැණුන්ට මෙහෙම කරන්නේ ඔවුන්ට පණ දුන්නෙත් ගැහැණියක් බව මතක නැති නිසා. (නි)
සජිත් එල්ලුම් ගහ ගෙනාපු පමණින් රටක අපරාද මැඩලන්න බෑ. (බ)
සියලු දෙනාටම ඔබගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට හොඳම අවස්ථාව. එල්ලුම් ගස නීතිගත කිරීමට මම නම් එකඟයි (නි)
මොවුන්ව මහපාරේ එල්ලා දඬුවම් දියයුතුයි (නි)
අනිවාර්යයෙන්ම එල්ලම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)
දසුන්ගේ කතාව රන් හා සමානයි (නි)
මේක පලිගැනීමකට හිතාමත සැලසුම් කරලා කරපු අපරාදයක් මොවුන්ට ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි. පාර්ලිමේන්තුවෙන් දඩුවම් කරන්න මේක අලුත් අත්දැකීමක් වෙයි. අධිකරණයේදී සාක්ෂි පිළිබද ප්‍රශ්න ඇතිවිය හැකි නමුත් පාර්ලිමේන්තුවට එය කල හැකි. (ස)
මෙහෙම ගියොත් ඉක්මනින්ම 100 පහුකරලා පාටිය දාන කෙනාට සම්මානයකුත් දෙන්න වෙයි (නි)
නඩු අහලා හිරේ දැම්මත් අවුරුදු 10 - 15 කින් එළියට එනවා (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න නම් මානුෂික අයිතිවාසිකම් සංවිධාන වල බලපෑම් වලට මුහුණ දෙන්න ඕනෑ (නි)
පන නැති වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවනම් හරි (ම)
රටේ කාන්තා හිංසනය නැති කිරීමට නම් මේවා කරන අයට ආයෙත් ගමට යහතින් යන්න නොදිය යුතුයි. නීතියෙන් නිදහස් වුණත් ගමට නම් ආයෙත් යහතින් එන්න හිතන්න එපා. (ම)
මේ අපරාධකාරයන්ට දෙතිස් වදම දෙන්න ඕනෑ (නි)
කඳුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න, සුසුම් දෙන්න මට හෙලන්න සත් කුළු ගල සසල වන්න.. ,,, (ම)
ගල් ගසා මහා පාරේ මරන්න ඕන (බ)
මුන්ට කන්න දිදී ගාල් කරගෙන ඉන්නවට වඩා මරල දැම්මනම් රටටත් බරක් නැහැ ඒ තරුණියගේ ආත්මයටත් සහනයක්.(ම)
අනේ අපි නම් කියන්නේ මේ වගේ තිරිසනුන් ආයුධ පෙන්වන්න ගෙනියන්න කියලා. ජාති ආගම් භේදයක් නැතුව අහිංසක ගැහැණු දරුවන්ට මේ වගේ අපරාධ කරන අයට උන්ගේ අම්මලාගෙන් බීපු කිරි මතක්වෙන්න දඬුවම් දෙන්න. ඔවුන් තවත් ගැහැණුන්ට මෙහෙම කරන්නේ ඔවුන්ට පණ දුන්නෙත් ගැහැණියක් බව මතක නැති නිසා. (බ)
මේ අපරාධකරුවන්ව ගල් ගහලා මරන්න ඕනෑ (නි)
මී මිනිස්සුන්ට විදවල මැරෙන්ඩ අරින්ඩ ඕනි. එ් විතරක් නෙවෙයි නීතීඥවරුන්ගේ අයිතිවාසිකම් මුවාවෙන් සල්ලි වලට වහල් නොවී මෙ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැත්නම් තමයි හොඳ. (නදී)
ජනාධිපතිතුමනි ඔබත් මේවට වග කිව යුතුයි මරණීය දණ්ඩනය නැති රටක ඕනෙම අපරාධයක් කරන්න මිනිසුන් බයවෙන්නේ නැහැ (නදී)