බැසිල් ඇතුළු පිරිස අධිකරණයට රැගෙන විත් මිනිත්තු 50 කට පමණ පසු නඩුව මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවිණි.
එසේ කැඳවූයේ බන්ධනාගාර රියක් අධිකරණයට කැඳවීමෙන් පසුවය.
පොලිසිය හා නීතිඥවරු පමණක් නිල මැදිරියට ඇතුළු වූහ. ඉන් මද වේලාවකට පසු අනෙක් දෙදෙනාද මහේස්ත්‍රාත් මැදිරියට කැඳවිණි.
පාරේ සිටි පිරිසක් රතිඤ්ඤා පත්තු කරන්නට වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, කිරි කලයක් දොවලා ගොම බින්දුවක් එකතු කරොත් ? (ර)
මේක ගොම ගොඩකට කිරි බින්දුවක් දාලා. (ස)
චෝදනා නිසි ලෙස ඔප්පුකර දෙන දඬුවම -නීතිය රකිවී උපරිම (නි)
රක්ෂිත බන්ධනාගාරයට යන සාමාන්‍ය වැරදිකරුවෙකුට ඔය සැප තිබෙනවද? (නි)
මම දන්නා හැටියට නම් උසාවිය ළඟ රතිඤ්ඤා පත්තු කරන්න තහනම්. ඒ වගේම වාහන නලා ශබ්ද කරන්නත් තහනම්. (නි)
මෙතුමා රටේ සංවර්ධනයට වගේම උතුරේ යුද්ධයටත් විශාල දායකත්වයක් දුන්න කාලගුණ අමතක නොකළ යුතුයි. (ස)
උසාවියක් අසල කිසිම බාහිර ශබ්ද කරන්න බැහැ තමයි. වැරදිලාවත් වාහනයක නලාවක් සද්ද වුනොත් රියදුරන්ව අල්ලලා දඬුවම් දෙනවා. මගේ දන්නා කෙනෙක්ට කලකට පෙර එහෙම වුනා වාහනයේ හැපෙන්න ගිය කෙනෙක්ව බේරන්න නලාව සද්ද කරාට. රතිඥා පත්තු කරනවා කියන්නේ වැරදීමක් නෙවෙයි හිතා මතා කරන දෙයක්. එතකොට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රහේලිකාවක් තමයි. (ස)
වැඩිපුර දායක වෙලා තියෙන්න සාක්කුවට . (ස)
ගමගේ කියන පරිදි ඒවා තහනම් තමයි. ඒවගේම, බන්ධනාගාර රිය කලින් කැඳවලා ඊට පස්සේ පැමිණිල්ල විභාග කරන්නේ ඇයි? පැමිණිල්ල විභාග කිරීමෙන් පසුව නෙවෙයිද දඬුවම තීරණය කරන්නේ. මේ පෙනෙන්නේ දඬුවම තීරණය කරලා ඉවරවෙලා පැමිණිල්ල විභාගයට ගත්ත වගේ. රතිඥා පත්තු කිරීමත් එකේම කොටසක්ද? වැරදි දෙයකට දඬුවම් කිරීම නෙවෙයි ප්‍රශ්නය, නීතිය ක්‍රියාත්මක වෙන විදිහයි. මේ මහින්ද පාලනය නරකයි කියා යහපාලනය ක්‍රියාත්මක කිරීමක් නම් කාගෙ කාගේත් කෙරුවාව එ්කයි කියන්න විතරයි තියෙන්නේ. තිස්ස බණ්ඩාරනායක විනිශ්චයකාරතුමාගේ ගෙදරට ධර්මිෂ්ට සමයේදී ගල් ගහපු එක තමයි මතක් වෙන්නේ. (ස)
රතිඥ්ඥා පත්තු කරපු අයට දඩුවම් දිය යුතු නම්, වශී බෝලෙට වශී වෙලා ඉන්න අයට ඉතින් මෙයාලගේ වැරදි පෙන්නේ නෑ (ස)
කලටි ගෙඩියක් හොරකම් නිසා රාත්‍රී නඩුව විභාගය ට අරන් පව් (ම)
රාජා, ඔයා කියන්නේ මහින්ද යුගයේ වෙන ක්‍රමය. නමුත් බන්ධනාගාර රිය කලින් නොගෙන්වා පැය දෙකක් විතර උසාවිය ළඟ හිටවගෙන හිටියනම් කාටද බනින්නේ ? තීන්දුව එනකම් ඉන්න ඕනේ නෑ පෙරසුදානමට. ජෙනරේටරයක් තියෙද්දී විදුලිය ගියොත් ඔයා කියාවි විදුලිය විසන්ධි කරන බව කලින් දැනගෙන ඉඳල කියල... (ස)
සම්පත් එතුමා රටේ සංවර්ධනය වගේම උතුරේ යුද්ධය මුවාවෙන් බිලියන ගණන් අපේ සල්ලි කොල්ල කාපු බව තාම ඔයාට වැටහිලා නැද්ද...? (ස)
ප්‍රේම් ඔබ සල්ලි කොල්ල කනවා අංජනමකින් නේද දැක්කේ?මායිම් වාසි සිංහලයෝ දැන ගත්තොත් ඔබව හම ගහවි (බ)