අධිකරණ නියෝගයකට පටහැනිව කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු සන්ධානයේ 27 දෙනකුට නොතීසි නිකුත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔවුන්ට මැයි 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කළේය.
හිටපු ආරෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම කොමිසමට පැමිණෙන හෙයින් ඇතිවිය හැකි කලබල වැළැක්වීමට කුරුදුවත්ත පොලීසිය එම ප්‍රදේශයේ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කිරීමේ නියෝගයක් අධිකරණයෙන් ගෙන තිබිණි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මැදගොඩ අභයතිස්ස,බෙංගමුවේ නාලක ,ගලගොඩ අත්තේ ඥානසාර ,විතාරන්දෙණියේනන්ද ,අහුංගල්ලේ ජිනාන්නද ,බියගම සුසිල,වටිනාපහ සෝමානන්ද ,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරුද , ඩලස් අලහප්පෙරුම,ජනක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර,රොෂාන් රණසිංහ,ජයන්ත කැටගොඩ,උදිත ලොකුබණ්ඩාර,ගාමිණි ලොකුගේ ,බන්ධුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රෙස්න ,වීර කුමාර දිසානායක යන මන්ත්‍රීවරු ද ,බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල හා රොජර් සෙනවිරත්න,ජනක් කුමාර,සුනිල් ජයමිණි,උපාලි කොඩිකාර,මධුමාධව අරවින්ද ,අජන්ත ලියනගේ ට නොතීසි නුකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඡායාරූප ගයාන් අමරසේකර
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උසාවියට අපහාස කළැයි බන්දුල ඇතුළු 27 කට නොතීසි
මහානාම - කඳාන Saturday, 25 April 2015 03:54 AM
උසාවි නියෝග වලට රටේ සෑම පුරවැසියෙකම ගරු කළ යුතුයි , නමුත් උසාවි නියෝග මගින් රටේ ජන මතය , ජනතා පිබිදීම යට පත් කළ නොහැකි බව වත්මන් රජයට අමතක වී ඇත , මේ ආණ්ඩුවද කිසිම කැතකින් තොරව පසු ගිය රජයේ වැරදි එලෙසිම්න්ම කරනවා වගේ . මේ සඳහා ජනතා ප්‍රතිචාර ඉදිරියේදී බලමු (බ)
මහින්ද Saturday, 25 April 2015 04:04 AM
කාපු ජරාව තාම බඩවල්වල ඇති .ඒවායේ පවර් එක තමා ඔය. (බ)
විජය Saturday, 25 April 2015 04:16 AM
27යිද ගිහිල්ලා තියෙන්නේ? (නි)
සෙනරත් Saturday, 25 April 2015 05:07 AM
එතකොට හිටපු අග්රවිනිශ්චයකාරතුමාව දවසෙන් ගෙදර යවපු එක උසාවියට අපහාසයක් නෙමෙයිද? මේවට විරුද්ධ වෙන්න ඕනෑ. (නි)
මහානාම - කඳාන Saturday, 25 April 2015 05:11 AM
උසාවි නියෝග වලට රටේ සෑම පුර්වසියෙකම ගරු කළයුතුයි. නමුත් උසාවි නියෝග මඟින් රටේ ජනමතය , ජනතා පිබිදීම යටපත් කළ නොහැකි බව වත්මන් රජයට අමතක වී ඇත. මේ ආණ්ඩුවද කිසිම කැතකින් තොරව පසුගිය රජයේ වැරදි එලෙසින්ම කරනවා වගෙයි. මේ සඳහා ජනතා ප්‍රතිචාර ඉදිරියේදී බලමු (නි)
ප්‍රකාශ් Sunday, 26 April 2015 09:32 AM
සුමුදු හේවා කියන්නා වගේ අඬන්න, හිනාවෙන්න අවසර ගන්න වෙයි. (ර)
සුනිල් Saturday, 25 April 2015 05:27 AM
උසාවියට අපහාස කලානම් දඩුවම් විඳින්ඩ ඕන. (ස)
ෆාසී Saturday, 25 April 2015 05:56 AM
උසාවිය අපහස කිරීම සඳහා එස් බි ට අවුරුදු දෙකක් දඩුවම්. මේ අයටත් ඒ දඩුවමම විය යුතුයි. (ස)
කාංචන පෙරේරා Saturday, 25 April 2015 06:43 AM
මුණසිංහ කියන්නේ රජ පවුලේ බැංකු ගිණුම් වල සංවර්ධන වැඩ බින්දුවට බස්සපු එක ගැන නේද? මුණසිංහටත් කොටහ නැතුව අමාරුද දන්නේ නැහැ.. අනේ... ඔව්.... ජන. 8දා ඡන්දෙන් එක උත්තරයක් ලැබුනානේ...කට්ටියට ඒක මදි මදි වගේ නේ.. ඊලග ඡන්දෙන් ඊට වඩා සාර්ථක උත්තරයක් ලැබෙයි හොඳේ... " ටිකක් ඉන්ටකෝ"..........(ස)
ප්‍රකාශ් Saturday, 25 April 2015 07:14 AM
රනිල්ගේ මාමා ජේ ආර් නඩු කාරයින්ට ගල් සහ අසුචි ගැසුවා. ජාතික සේවක සංගමය හවුල් උනා. ජේ වීපී එකත් ඒ දෙයම කළා. මොන දඬුවමද දෙන්නේ. මේවා තමයි බටලන්දේ රනිල්ලාගේ දඩයම්. (ස)
රහීම් Saturday, 25 April 2015 06:36 PM
මේ 27 දෙනා විතරද උද්ඝෝෂණය කළේ? එතකොට කොඩි අරගෙන හිටපු අනිත් අයට නඩු නැද්ද? (නි)
සුමුදු හේවා Sunday, 26 April 2015 01:23 PM
මං කිව්වේ ප්‍රකාශ් රනිල්ලා අනුර කුමාරලා දෙගොල්ලොම නඩු නොඅසා තීන්දු අරන් තරගෙට මිනි මරද්දී උසාවියට අපහාස වුණේම නැද්ද? ලොවෙත් නැති ක්‍රමයකට හිටපු අග්‍රවිනිශ්චයකාරතුමන්ගේ තනතුර වාෂ්ප කරලා ඒ වෙනුවට සම්මත ක්‍රමවේදයකින් චෝදනා ඔප්පුවී සේවයෙන් පහ කෙරුණු අග්රවිනිශ්චයකාරියක් දිනකට සේවයේ පිහිටුවද්දී ඔය කියන උසාවියට අපහාස වුණේම නැතිද?මෙව්වා මේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්න කරන සෙප්පඩවිජ්ජා. (බ)
සුමුදු හේවා Saturday, 25 April 2015 09:55 PM
සහතික ඇත්ත ප්‍රකාශ් (නි)
සුමුදු හේවා Saturday, 25 April 2015 10:05 PM
එකනේ සුනිල්, උසාවියෙන් නිකුත්කළ තහනම් නියෝගයක් කඩකිරීම උසාවියට අපහාස කිරීමක් හැටියට අර්ථ නිරූපණය කළ හැකි තමයි. හැබැයි උද්ඝෝෂණයක් පාසා උසාවිය ලවා තහනම් නියෝග නිකුත් කරවා ගැනීමෙන් පොලිසියත් කරන්නේ උසාවිය හෑල්ලුවට පත්කිරීමක් නෙමෙයිද? මේ වරදට එහෙනම් පොලිසියටත් නොතීසි යවනවද? (නි)
නිවන්තක Saturday, 25 April 2015 10:06 PM
අයියෝ බන්දුල මහත්තයෝ! (නි)
සුමුදු හේවා Saturday, 25 April 2015 10:07 PM
මෙන්න සුපිරි ප්රජාතන්ත්රවාදී නිදහස! ඉස්සරහට හිතේ දුකට අඬන එකටත් තහනම් නියෝග ගනීවිද මන්දා. (නි)
මුණසිංහ Saturday, 25 April 2015 02:06 AM
සංවර්ධන වැඩ බිංදුවට බස්සලා.උත්තර ලැබෙයි ඊළඟ ඡන්දෙදි. (නි)
මහනාම-කඳාන Saturday, 25 April 2015 02:15 AM
උසාවි නියෝගයකින් උද්ඝෝෂණය තහනම් කර තිබියදීත් එය පිළිනොපැදීම නම් මොනම හෙතුවකටවත් අනුමත කළ නොහැකිය. මෙතන සිටින හාමුදුරුවන් වහ්නසේලා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ අය බවයි මගේ හැඟීම. (නි)
මුණසිංහ Sunday, 26 April 2015 01:56 AM
කාංචන වගේ අය මෙරටේ ඉන්නාතුරු රට ගොඩගන්න බැහැ. රටකට ඕනෑ බුද්ධිමතුන්. (නි)
බන්දුල Sunday, 26 April 2015 02:51 AM
මුණසිංහගේ අදහස හරියටම හරි (දිල්)
මැක්ස් Saturday, 25 April 2015 09:49 AM
අහින්සක මනුසසේයෙක් කරානම් මේ වෙද්දී ඇතුලේ. (ස) ,