උසාවි නියෝග නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
කොමිසම ඉදිරිපිට විරෝධතා නොපවත්වන්නැයි බදාදා (23) උසාවිය නියෝග කර තිබිය දී මේ උද්ඝෝෂණය පැවැත්විණි.
තමන් වෙනුවෙන් එහි පැමිණි පිරිසට ස්තුතිවන්ට වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් අමතමින් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රාජපක්ෂලා නීතිය පිළිපැද්දා නම් ගෝඨාභය එතනට ආ අය ආපසු යවන්නේ නැතුව ස්තුති කළේ ඇයි?? ඇත්තම කියනවා නම් රාජපක්ෂලා ඉන්න කාලේ තිබුනේ රාජපක්ෂ නීතිය මිසක් පොදු නීතිය නොවේ.ඒක දන්නේ නැති මිනිස්සු ඉන්න රටේ තව කවර කතාද? (නි)
නීතිය සැමටම පොදු බව මේ රජය පෙන්වන්න ඕන, අපේ රටේ නීති ගරුක සමාජයක් බිහිවෙන්න ඕන, උසාවි නියෝග නොසලකන සියලුම පාර්ශවයන් තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතුය.(බ)
පිවිතුරුගේ කතාව හරියටම හරි (බ)
80 ගණන්වලදී තමන්ට පක්ෂ තීන්දුවක් නොදුන් නිසා විනිසුරු තිස්ස බණ්ඩාරනායකගේ ගෙට ගල් ගැස්සුවෙත් අපේ හිටපු ධර්මිෂ්ඨ උතුමෙක්. ඉතින් නිකම් ඉන්න මිනිස්සුන්ට පෙළපාලි යන්න එපා කිව්වට අහවිද. (බ)
එක එක්කෙනා මෙතන හිටපු අගවිනිසුරුවරුන් බෙදාගෙන ගුණ කිව්වාට දෙන්නාගෙම කළ ක්‍රියාව හොඳට අපි දන්නවා. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ බොහෝ දේවල්. අනිත් දේ තමයි විරෝධතාවයක් ආරම්භ කරන්නත් කලින් උසාවි නියෝග ගන්න ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. මිනිස්සු කලහකාරී විදියට හැසිරෙනවා නම් ඒක පාලනය කරගන්න, මහජනයාට හිරිහැර වෙනවා නම් ඒක නතර කරගන්න උසාවි නියෝගයක් විරෝධතාව ආරම්භයෙන් පසු ලබාගන්න ඉඩදුන්නත් කලින් ලබාදෙන්න නරකයි. උද්ඝෝෂණය කරන එක මිනිසුන්ගේ අයිතියක්. (නි)
රුවන් ගුණසේකර .....තමාට අයිති නොවන රාජකාරී වලට මෙදිහත් වීමේ ක්‍රියා පටිපාටිය තුරන් කර දමන්න ......මෙය රටේ පැවැත්මට විශාල තර්ජනයක් ....අපි දන්නවා මේවා සැද්වෙෂ කරනවාලසුම් කරන්නේ අඩු බුද්දියෙන් තොර මිනිසුන් දම්මවලා පරාජිත සමහර දුෂිත නායකයෝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා ...අනතුරු අඟවන්න ඕනේ අන්න එම නායකයන්ටයි (ස)
ඒක හරි, උසාවියට අපහාස කරන කට්ටියටම දඬුවම් දෙන්න. උසාවිය ළඟ රතිඥා පත්තු කරපු අයවත් ඒගමන්ම හොයාගන්න. සමානාත්මතාවයත් යහපාලනයේ කොටසක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න. (ස)
නියෝගය ලැබුනද දන්නේ නැත (ස)
මොන පක්ෂේ උනත් මොන ජාතියක උනත් මොන ආගමක උනත් කමක් නැ උසාවි නියෝග නොතකා කටයුතු කලානම් උපරිම දඩුවම් කරන්න මේක සෙල්ලමකට ගත්තට අපේ රටේ බත් කන හරක් (ස)
නොගැලපෙන අය දේසපාලන වාසි ලබා ගැනීම සදහා අගවිනිසුරු ලෙස පත්කළ එම පුත්ගලයා එම තනතුරට නොගලේපෙන බව විද්වතුන් හා නීතිඥයන් සංවිධාන මගින් කියද්දීත් දේශපාලන බලය ලබා බලහත් කාරයෙන් සේවයේ රැදී ඉන්න විට ඔවුන් පලවාහැර නීතිය සාමය රැකීම කෙසේ හෝ කල යුතුයි අනෙක ශිරාණි බණ්ඩාරනායක මැතිනිය එලවා දැමුවේ මොන තරම් නින්දිත විදියට ද නාමල් හා අනෙක් රාජපක්ෂලාගේ කීම අනුව නුසුදුස්සන් බැංකුවට බදවා නොගත් එක වරදක් ලෙස සලකා එතුමියගේ සැමියාට තනතුර අහිමි කර ඇයටද විශාල අපහාසයක් හා අවමානයක් කලා. අනෙක යුධ වීරයෙක් වන ෆොන්සේකා මහතාට කල අපරාදය ඔය අයට මේ ආත්ම භාවයේදී ගෙවා නිම කල නොහැකි පාපයක් ජනපති වරණයේදී මෛත්‍රීපාල මහතාට කල දේවල් අපට කිසිදා අමතක නොවන්නේය උසාවිය බාල්දු කලේද නීතිය විනාස කලේද මහිද රාජපක්ෂ ආණ්ඩුව විසින් මිස අන් කිසිවෙකු නොවේ මැර බලය හා අවනීතියට රට පාලනය කලේද ඔවුන්ය. තමන්ට විරුද්ධ වන ඕනෙම කෙනෙක් මිහිපිටින් අතුගා දමා බලයේ ඉදීම කලේද මොවුන්මය. (ස)
ඇත්ත. දඬුවම් දෙන්නම ඕනෑ (නි)
ලැජ්ජයි... ලැජ්ජයි... ලැජ්ජයි... ලැජ්ජයි.... (නි)
අගවිනිසුරු අර විදියට ගෙදර ඇරිය රටේ තව මොන අපහාසයක්ද උසාවියට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ? (නි)
පිවිතුරු කියන්නේ අර මැතිවරණය දවසේ අරලිය මැදුරේ හිටිය අගවිනිසුරු ගැනද? (ස)
රටේ පවතින නීතියට හිස නොනමන අයත් අල්ලලා හිරේට දාන්න ඕනෑ! තරාතිරම නොබලාම (නි)
යහපාලනය කියලා නීතිය වල්වදින්න දෙන්න එපා.එහෙම වුණොත් ලංකාව තවත් ලිබියාවක් වේවි. (නි)
චානක ලොස් ඇන්ජලිස්, මම නම් හිතන්නේ අනතුරු ඇඟවිය යුත්තේ බුද්ධියක් ඇති ජනතාවටයි. බලන්න, එක්කෙනක් නීතිය කඩකිරීම ගැන ස්තුති කරලා. (නි)
විනිසුරුවරුන්ට හූ කියපු අයටත් දඬුවම් දෙන්න. (නි)
ඔය පත්තරවල පොටෝ තිබුනේ ගිය කට්ටියගේ .උදවුවක් ඕනෙද පොලිසියට ? උසාවියට අපහාස කල කට්ටියව හදුනා ගන්න ?(අ)
රටක උසාවියෙන් දෙන නියෝගයක් පිළිනොගන්නා මේ අයට දැඩි දඬුවම් දියයුතුයි. (නි)
පසුගිය කාලයේත් මේ වගේම උසාවි නියෝග කඩකළා.ඒවාට දඬුවම් නැද්ද? ඒ පූර්වාදර්ශ මත මේ අයත් කටයුතු කරන්න ඇති. (නි)
හොයන්න දෙයක් නැහැ. නිශාචර කට්ටියම තමයි. (ස)
තාම පරණ පුරුද්දට තමයි වැඩ.උසාවි නියෝග හෑල්ලුවට ලක්කල සියලුම දෙනා අත්අඞංගුවට ගන්න.නීතිය සැමට සාධරණ බව ඔප්පුකරන්න.(ස)
පිවිතුරු යහපාල, ඔබට කන්නාඩිය ගලවනතුරු ඇත්ත දකින්නේ නැහැ. (අ)
නඩුවක තීන්දුවක් දුන් විනිසුරුතුමා මරපු රටේ මේක මොන කජ්ජක්ද ? (ස)
උසාවියට කඩා වැදිලා බලහත්කාරෙන් අගවිනිසුරු ගෙදර ඇරිය රටේ තව මොන අපහාසයක්ද උසාවියට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ..එදා කරන්න පුළුවන් උපරිම අපහාසය යහපාලන නඩය උසාවියට කලා..(ස)
නීත්‍යානුකූල අගවිනිසුරු බලෙන් ගෙදර යැව්වේ කවුද ? කවුද ශිරානි බණ්ඩාරනායක ගෙදර යැව්වේ මේ ආණ්ඩුව එක් නීතා්‍යානුකලව විසඳුවා. පහුගිය කාලේ කරපු වැඩ අපි දන්නවා. දැන් තමයි නීතියක් තියෙන්නේ කියලා දන්නේ. (ස)