IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උසාවියේ හලෝ කියා හිටපු සභාපති අමාරුවේ

අධිකරණයේ දුරකථනයෙන් ඇමතුමක් ගත්තා යැයි  හිටපු වලල්ලාවිට ප්‍රාදේශිය සභාපති අතුකෝරලගේ දෝන උදේනි ප්‍රියංගට අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තරයේ අවාවද කළේය.

වලල්ලාවිට ප්‍රාදේශිය සභාවට අයත්  මාර්ගයක බර වාහන වලින්  වැලි ප්‍රවාහනය කිරිමට  අවසර  දිමට  ලක්ෂ පහක මුදලක අල්ලස් ඉල්ලු බව කියන නඩුවට පෙනී සිටිමට හිටපු සභාපතිවරයා  අධිකරණයේ පෙනී සිටියේය.

අධිකරණ කටයුතු පැවැති අතරවාරයේ  දුරකථනයෙන් කථා කරමින් සිටිනු දුටු මහේස්ත්‍රාත් ඔහුට  අවවාද කළේය. එහිදී හිටපු  සභාපති  කියා සිටියේ ඔහු දුරකථන ඇමැතුමක් නොගත් බවත්  ඔහුට  ඇමැතුමක්  ලැබුණූ බවයි. මේ පිළිබඳ සැකකරුගේ දුරකථනය පරික්ෂා කර  වාර්තාවක්  නිකුත් කරන ලෙස පොලිසියට  නියෝග කළේය.

සැකකරු පවසන්නේ බොරුවක් නම් ඔහුට අදාල අල්ලස් නඩුවේ ඇප අවලංගු කරන බව මහේස්ත්‍රාත්වරයා  ප්‍රකාශ කළේය.

අධීකරණ පොලිස් මුර පොළ මගින් අධිකරණයට  අපහාස කිරිම යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කළේය.

සැකකරු  අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් රුපියල් දහසක රජයේ ගාස්තුවක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

උසාවියේ හලෝ කියා හිටපු සභාපති අමාරුවේ

සුමිත්‍රා බස්නායක Tuesday, 29 March 2016 06:14 AM

මේ වගේ අයද ප්‍රාදේශිය සබාවල ඉඳලා තියෙන්නේ? අධිකරණයක හැසිරෙන හැටි පොඩි ළමයි පවා දන්නවා (නි)

:       0       0

උපාලි Tuesday, 29 March 2016 06:35 AM

කවුරුවත් උද්ඝෝෂණය ක‍ළේ නැද්ද දන්නේ නැහැ (නි)

:       0       0

අතුල Tuesday, 29 March 2016 07:30 AM

ඔන්න ඒකාබද්ධ විපක්ෂේ කට්ටියගේ තරම. තාම රාජඋෂ්නේ. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 07:54 AM

ඔය මෙවලම උසාවියක් තුල පාවිච්චි නොකළ යුතු බව නොදන්නා අය තවමත් මෙරටේ ඉන්න බව මෙයින් පැහැදිලි වෙනවා. (ර)

:       0       0

අන්වර් Tuesday, 29 March 2016 12:27 PM

අවවාදය පැත්තකින් තියලා දින 14ක් යවලා ගන්නයි තිබුණේ. මොකද නූගත් කෙනෙක් නොවෙයිනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site