හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (06) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන සෙනසුරාදා(07) සංඝරත්නයේ සහයෙන් පවත්වන බව කියන උද්ඝෝෂණ නිසා ප්‍රදේශයේ මහජන සාමය කඩවී කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වේයැයි පොලිසිය දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.
මෙම අතුරු තහනම භික්ෂුන් වහන්සේ නම නමකටද හිටපු කථානායක චමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 26 දෙනකුට නිකුත් කිරීමට ද නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ජයා සුමනදාස ගුරුන්නාන්සේ ඉන්නේ එයාට කියන්න. (අ)
ඇයි ජයා සුමනදාස ගුරුන්නාන්සේ ඉන්නේ එයාට කියන්න(අ)
මෙවැනි කඩා කප්පල් කාරීන්ට ඕන විදිහට ආණ්ඩුවක් වැඩකරන්න ගියානම් මහවැලිය ව්‍යාපාරය, කටුනායක, බියගම සහ කොක්ගල වැනි වෙළඳ කලාපද අද නැත. කරුණාකර පටු දේශපාලන වුවමණා වලට රටේ සංවර්නධ වැඩ වලට බාධා කරන්න එපා. (අ)
උසාවිය නිවැරදිය. ලංකාවට තියෙන්නේ එක නීතියයි (නි)
මහින්දවාදීන් නිරන්තරයෙන්ම උත්සාහ දරන්නේ සංවර්ධනය අඩපන කරන්න. ආණ්ඩුව ඉවසීමෙන් ක්‍රියාකොට වරදකරුවන්ට නිසි පරිදි දඬුවම් දිය යුතුය. (නි)
මේ උද්ඝෝෂණයට වෙනත් ජාතියක කට්ටියක් එකතු කර ගත්තා නම් පොලීසිය කෑම බීමත් දීලා ඕනෑම නම් ගුටිත් කයි අහිංසක පූස් පැටවූ වගේ (නි)
අපි මේක ලිච්ඡවීලාට කියලා බලමු (නි)
සමහරුන්ට නම් රට විකිණුවත් කිසි ප්‍රශ්නයක් නැහැ (නි)
ජනතා හඬ මර්ධන ය සඳහා ධනපති ආණ්ඩුවේ නීතිය යොදා ගැනීම පිළිබඳ හොඳ උදාහරණයක් (ම)
ලංකාවේ උද්ඝෝෂණ ගොඩක් කරන්නේ බදු නොගෙවන වැඩ නොකරන අයයි. බදු ගෙවන මිනිස්සුන්ට ඕවා කරන්න වේලාවක් නැහැ. ඒත් හැම බරක්ම එන්නෙත් ඒ මිනිස්සුන්ගේ කරපිටට. (ම)
යහපාලනය.... අපිත් දීලා ඉල්ලන් කෑවා (නි)
එ්ක හොඳයි. මහජනයා අපහසුවට පත්කරන වැඩකට නැති මෙවැනි විකාර උසාවියෙන් හෝ තහනම් කළයුතුයි (නි)
අහෝ..!! ඇයි මෙතරම් බියක් අවංකව රට දියුණු කරනවා නම්. මෙතරම් තහංචි මැද රටේ අනාගතය කොයිබටද? (නි)
මහින්ද හිටියා නම් සුදු වෑන් තමයි එවන්නේ (නි)
කුමන රජයක් බලයේ සිටියත් දැඩි තීරණ තීන්දු අරගෙන අපේ මාතෘ භූමිය ලෝකයට ණය නොවී උපන් නූපන් ආනාගත පරපුරට සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම කාගේත් කාර්ය හා යුතුකම වේ (නි)
උසාවිය නිහඬයි! (නි)
අපේ රටේ අපේ ගමේ ඉඩම් මංකොල්ලයට එරෙහිව අපි පෙළගැසෙමු (නි)
යහපාලනය ජනතාවගේ හඬට කන්දෙන්නේ මේ ආකාරයටයි. (නි)
පැසිස්ට්වාදී කුරිරු පාලනයක් වගෙයි අපිට දැනෙන්නේ (නි)
මැදමූලන අය පිනුම් ගහපු කාලෙත් මේ අය ලංකාවේ හිටියද? (නි)
ෆොන්සේකා මහතාව හිරේ දැම්මහම නිකුත් කරන්න ගිය සංඝාඥාව නවත්තපු හැටි දැන් කාටත් අමතකයි (නි)
ලත් තැන ලොප්වීම කියා මේවට තමා කියන්නේ. "පුදනකොටම කාපි යකා" කිවුවලු.මෙහෙම ආණ්ඩුවක් නම් මම දැකලම නැහැ. (නි)
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
එතකොට මෙතන ඉන්න සමහරු කියන්නේ එයාලා පිනුම් ගැහුව හින්දා මෙයාලත් පිනුම් ගැහුවට කමක් නැහැ කියලද? එ්කට නෙමෙයි හැබැයි අපි නම් මෙයාලට ඡන්දෙ දුන්නේ (නි)
. මේ ගැන දැන් කියන්න ඇත්තේ උඩ ඉන්න දෙවියන්ට පමණයි. (අ)
හාමුදුරුවරු ගැන ඇතිවෙන්නේ කළකිරීමක් (නි)
රජ පවුල පිනුම් ගහපු කාලේ ඔය කෑගහන අය කොහෙද හිටියේ? (නි)
කොහොමද යහපාලනේ? (නි)