කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ ඉකුත්දා පැවති ලෝ ප‍්‍රකට පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස්ගේ ප‍්‍රසංගයේ ටිකට් පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ ප‍්‍රසංගයේ සංවිධාන කටයුතු වලට අදාළ ලියකියවිලි දින 10ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසාඅධිකරණය ලයිව් ඉවෙන්ට් ආයතනයට අද (01) නියෝග කළේය.
ප‍්‍රසංගය නැරඹීමට වී.අයි.පී ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන ගිය තමන්ට එම ටිකට් පත‍්‍ර වලට හිමි වරප‍්‍රසාදය ලබා නොදීමෙන් සිදුවූ මානසික අසහනය තත්ත්වය සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ කැඳැවිණි.
නීතීඥ හිෂාන් පේ‍්‍රමරත්න මහතා සහ ඔහුගේ බිරිය එම වන්දිය ඉල්ලති.
ඉකුත් දෙසැම්බර් 20 වැනිදා කාළඹ සී.ආර් ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේදී එන්රිකේ ඉග්ලීෂීයස් ගේ ‘‘සෙක්ස් ඇන්ඩ් ලව්’’ සංගීත ප‍්‍රසංගය නැරඹීමට තමා සහ බිරිය රුපියල් 35000ක් ගෙවා වී.අයි.පී ටිකට් ලබා ගත් බවත් පැමිණිල්ලෙන් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්බිමේ මෙවැනි අසංවර සංදර්ශන පැවැත්වු අය ජනතාව පිළිකුල් කරනවා (නි)
අපේ රටේ උසාවි සහ නීතිය ගැන නම් දැන් මහජනතාව වශයෙන් අපේ කිසිම විශ්වාසයක් නැහැ (නි)
35000ක් ගෙවා ප්‍රසංග බලන්න යන්නෙ කවුද?, .(රේ)