IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උසාවිය අසෝක උද්ඝෝෂණය නවත්වයි

පරිපාලනයට විරෝධය පළකරමින් මරදාන අසෝක විද්‍යාලයය ඉදිරිපිට අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීහු රැසක් අද උදේ අසෝක විද්‍යාලයය ඉදිරිපිට සිටි අතර විරෝධතාවය පැමිණි ආදි සිසුහු පොලිසිය විසින් නැවත හරවා යවනු ලැබූහ.

ඡන්ද සමයේ මෙම විද්‍යාලයයේ බස් රථය ආණ්ඩුවේ දේශපාලකයකුගේ වැඩ සදහා ලබා දුන් බව කියමින් විදුහල්පතිට එරෙහිව ගුරුවරු රැසක් විරෝධතා පැවැත්වූහ.  ඒ උද්ඝෝෂණයෙන් පසු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් පාසලට පැමිණ විදුහල්පති තාවකාලිකව ඉවත් කර වෙනත් විදුහල්පතිවරයකු පත් කරනු ලැබීය.

ඡන්දයෙන් පසු ප්‍රධාන  ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පාසලට පැමිණ පැවැත්වූ රැස්වීමකින් පසු නැවත හිටපු විදුහල්පතිම එම විද්‍යාලයට පත් කළේය.

විදුහල්පතිට අකමැති ගුරුවරුන් සිටින්නේ නම් ස්ථාන මාරු ඉල්ලන ලෙස අධ්‍යාපන බලධරයකු එදින කළ ඉල්ලීමක් අනුව ගුරුවරු රැසක් ස්ථාන මාරු ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ගෙවුණු මාස තුන ඇතුළත එම විද්‍යාලයයේ ගුරුවරු 27ක් ස්ථාන මාරු කරනු ලැබූහ.

ඉතිරි ගුරුවරුන් ද ළගදීම ස්ථාන මාරු කිරීමට නියමිත බව අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.

විද්‍යාලයයේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට දේශපාලනඥයකු හමුවීමට එන්නැයි පාසලේ ශිෂ්‍ය නායකයන්ට දැනුම් දී තිබූ අතර දේශපාලනඥයන් සමග සාකච්ඡා කිරීමට අකමැති වූ ශිෂ්‍ය නායකයෝ කිහිප දෙනෙක් තනතුරින් ඉවත් වූහ.

මීට පෙර පාසල ඉදිරිපිට දී පැවැති උද්ඝෝෂණයක දී ඉල්ල වූ ප්‍රහාරයකින් මවක තුවාල ලැබුවාය. මාධ්‍යවේදියකුට ද ප්‍රහාරයක් එල්ල විය.



අදහස් (0)

උසාවිය අසෝක උද්ඝෝෂණය නවත්වයි

ධම්ම Tuesday, 01 July 2014 01:59 PM

රස්සාව රැකගන්න සටන් කිරීම සාධාරණයි ඒත් උසස්වීම් ගන්න කඩේ යන එකනම් සටනක් නොවෙයි. (දී)

:       0       0

සුගත් Wednesday, 02 July 2014 06:31 AM

අධ්‍යාපන ක්ෂේත්‍රයේත් ප්‍රශ්න...? (නි)

:       0       0

ලලිත් Tuesday, 01 July 2014 06:04 PM

දැන්නම් හිතෙනවා ඔය පාසල පරණ තිබුණු විදියටම තිබුනා නම් ඉවරයි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site