බලපත්‍රයක් නොමැතිව ටිපර් රියකින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රියදුරකුට රුපියල් 50000ක දඩ නියම කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියෝග කළේය.

ගණේමුල්ල මාකේවිට පදිංචි චාමර ප්‍රදීප් කුමාරට එසේ දඩ නියම විණි.


බංගලාදේශයේ මහ බැංකුවේ දත්ත පද්ධතියට  ඇතුළු වී  ඩොලර් මිලියන 20 ක් (රුපියල් 299,099,858.97 ) ලංකාවේ ශාලිකා පදනම නමින් ඇති ගිණුමට  බැර වීම සම්බන්ධයෙන් තමන් පවත්වාගෙන යන පරික්ෂණය සම්බන්ධයෙන් මෙරට  එම සිද්ධියට  අදාළ සැක කටයුතු පුද්ගලයන්ගෙන්  ලබාගත් ප්‍රකාශ  අනුව අනාවරණය වු විදේශිය දුරකථන ඇමතුමෙහි  විස්තර  වාර්තාවක්  ලබාගෙන ඇතැයි  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (4) අධිකරණයට  ප්‍රකාශ කළේය.

වැඩිදුර නඩු විභාගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර  මහතා  අප්‍රේල් 26 වැනි දා දක්වා කල් තැබිය.