3.8 වර්ගයේ රිවෝල්වරයක් හා විවිධ වර්ගයේ පතුරම් 163 ක් ළඟ තබා ගත් බව කියන  මාදම්පගේ සුසිල් ප්‍රේමරත්න දෙසැම්බර් 28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (21) නියෝග කළාය.


මෙතෙක් ශ්‍රී ලංකාවේ හඳුනාගෙන නොමැති මත්ද්‍රව්‍ය ග්‍රැම් 1460 ක් ළඟ තබා ගත් බව පුද්ගලයකු ජනවාරි 1 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි චතුන්ති මහත්මිය අද (21) නියෝග කළාය.


නාගල බිබිල පෙරපාසල් ගුරුවරියකට 2014 ජුනි 03 වැනිදා වෙඩි තබා ඝාතනය කළ රත්නායක මුදියන්සේලාගේ බන්දුසේන(51) නැමැත්තෙකුට මරණ දඬුවම ලබා දීමට මොණරාගල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (21) නියෝග කළේය.


මොණරාගල ඇතිමලේ තරුණියකට  2012 අප්‍රේල් 27 වැනිදා පොල්ලකින් පහර දී ඝාතනය කළ රාජපක්ෂ මුදියන්සේලාගේ අබේසේකර(34) නැමැත්තෙකුට මරණ දඬුවම ලබා දීමට මොණරාගල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.